Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
02
"ඔයාට මම කිසි කරදරයක් කරන්නේ නැහැ... අපි ටිකක් රිලැක්ස් එකේ ඉඳලා යමු" - අනියම් පෙම් සුව විඳින්න ගිය තරුණිය, ජීවිතය තොර කරගත් ඇත්තම හේතුව එළියට එයි, පෙම්වතා පොලිසියේදී සියල්ල වමාරයි....

- "ඔයාට මම කිසි කරදරයක් කරන්නේ නැහැ... අපි ටිකක් රිලැක්ස් එකේ ඉඳලා යමු" - අනියම් පෙම් සුව විඳින්න ගිය තරුණිය, ජීවිතය තොර කරගත් ඇත්තම හේතුව එළියට එයි, පෙම්වතා පොලිසියේදී සියල්ල වමාරයි....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

460 Views
මීගමුව ප්‍රදේශයේ පදිංචි ප්‍රනාන්දු විවාහකයෙකි. දෙදරු පියෙකි. වයස අවුරදු පනස්දෙකක ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරික වශයෙන් සිදු කළේ සංචාරක නිකේතන පවත්වාගෙන යෑමකි.

සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ නිසාමදෝ කොහෙද මොහුගේ චරිතය එතරම් පිරිසිදු එකක් නොවුණි. විශේෂයෙන්ම මොහු කාන්තා ඇසුරට දැඩි කැමැත්තක් දැක් වූයේය.
 
එස්. ප්‍රනාන්දු නමින් මුහුණුපොතේ මොහු ගිණුමක් ද පවත්වාගෙන ගියේය. එහි වැඩිපුරම සිටියේ තරුණියන්ය. එම තරුණියන් සමග අදහස් හුවමාරු කර ගැනීමට ද මොහු දැක්වූයේ දැඩි ආශාවකි.

අමන්දා අවුරුදු විසිපහක තරුණියකි. තවමත් ඇය අවිවාහකය. පදිංචිව සිටියේ මීගමුව ප්‍රදේශයේය. ඇය ප්‍රනාන්දුගේ ෆේස්බුක් මිතුරියක වූවාය. ඒ අනුව දෙදෙනා මුහුණුපොත හරහා තොරතුරු හුවමාරු කර ගත්හ.

ප්‍රනාන්දුට උවමනා වුණේ කෙලෙස හෝ ඇය සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය ඔහු ඇයටත් හොරෙන් සකසා ගත්තේය. කලක් යද්දී දෙදෙනා ජංගම දුරකථන අංක පවා හුවමාරු කර ගත්හ. ඉන්පසු ප්‍රනාන්දු ඇයට දිනපතාම පාහේ දුරකථන ඇමතුම් ලබාදී සැප දුක් විමසුවේය.

දිනක් ප්‍රනාන්දු අමන්දාට දුරකථන ඇමතුමක් ලබාදී මෙලෙස පැවසුවේය.

‘‘අමන්දා දැන් අපි මාස ගාණක් දුරකථනයෙන් කතා කළා. ඒත් මුණ ගැහුනේ නැහැනේ.’’

‘‘මුණගැහෙන්න ඕන නැහැ. අපි මෙහෙම කතා කරමු.’’

‘‘එහෙම කියන්න එපා. අපි දැන් හොඳ යාළුවෝනේ. යාළුවෝ මුණ ගැහිලා කතා කරාට වරදක් නැහැනේ.’’

‘‘යාළුවෝ වුණාම මුණගැහෙන්නම ඕනද?’’

‘‘ඔව්. අනිවාර්යෙන්ම මුණගැහෙන්න ඕන. ඔයා මාගේ යාළුවෙකුටත් එහා ගිය කෙනෙක්නේ.’’

‘‘ අනේ නිකන් බොරු කියන්න එපා අයියේ. ඔයා තව කී දෙනකුට එහෙම කියලා ඇත්ද?’’

‘‘සත්තයි. මම වෙන අය එක්ක මෙහෙම කතා කරලා නැහැ. තව මගේ බිස්නස් වැඩ එක්ක එහෙම කතා කරන්න වෙලාවකුත් නැහැ.’’

‘‘අනේ යන්න අයියේ ඔයා හැමෝටම එහෙම තමයි කියනවා ඇතිනේ.’’

‘‘මම එක පාරක් කීවනේ නැහැ කියලා. ආයි අහන්න එපා. එක නොවෙයි හෙට අපි හම්බ වෙමුද?’’

‘‘අනේ මට බැහැ. බයයි.’’

‘‘ ඇයි බය වෙන්නේ මම යකෙක්ද?’’

‘‘යකෙක් නොවෙයි, ඔයා කසාද බැඳපු කෙනෙක්. කවුරු හරි දැක්කොත් හොඳ නැහැනේ.’’

‘‘ ඔයාට කියලා තියෙවනේ මගේ කසාද ජීවිතේ ගැන. ඒක මහ විකාරයක්. මට එපා වෙලා තියෙන්නේ. දරුවෝ නිසා ඉන්නේ. පොඞ්ඩක් හරි සතුටින් ඉන්නේ ඔයත් එක්ක කතා කරන එකෙන්. ඔයා දැනගත් දවසේ ඉඳන් ගොඩක් සතුටින් ඉන්නේ. මගේ ප්‍රශ්න මම ඔයාට කියලා තියෙනවනේ.’’

‘‘ අනේ මන්දා මට බයයි අයියේ ඔයාව මුණගැහෙන්න.’’

‘‘එහෙම කියන්න එපා. මම ඔයා වෙනුවෙන් ඕනම දෙයකට ඉන්නවා. ඒක මතක තියාගන්න. මාව විශ්වාස කරන්න.’’

‘‘ඔයාට මට බෑ කියන්නේ බැහැ. හා කියන්නත් බැහැ.’’

‘‘අනේ එහෙම කරන්න එපා. හෙට එන්න.’’

‘‘ ආවොත් කොහෙද යන්නේ.’’

‘‘ඔයා කියන ඕන තැනකට යමු.’’

‘‘ මම දන්නේ නැහැ යන තැන්.’’

‘‘ අපි ෂොපින් කරන්න යමු. මම ඔයාව එක්කන් යන්නම් නියම තැනකට. හෙට 10 ට ඔයා මීගමුව ටවුන් එකට එන්න. මම එන්නම් ඔයාව ගන්න.’’

පසුදින උදා විය. අමන්දා නියමිත වෙලාවට මීගමුව නගරයට පැමිණියේය. ඉන් සුළු මොහොතකට පසු ප්‍රනාන්දු පැමිණ ඔහුගේ මෝටර් රථයට ඇයව නංවා ගත්තේය. ඉන්පසු ප්‍රනාන්දු කොළඹ බලා මෝටර් රථය ධාවනය කළේය. ඒ අතරතුර අමන්දා ඔහුගෙන් මෙලෙස විමසුවාය.

‘‘කොහෙද අයියේ අපි යන්නේ දැන්.’’

‘‘ අනන්තයට යන්නේ.’’

‘‘ විහිළු නොවෙයි මම ඇත්තට අහන්නේ.’’

‘‘ බය වෙන්න එපා මම ඔයාව නියම තැනකට එක්කන් යන්නම්.’’

‘‘ ඒ කොහෙද කියලා කියන්නකෝ.’’

‘‘ අහන්න එපා. එක්කන් ගිහින්ම මම පෙන්වන්නම්.’’

එතැනින් පසු ඇය ඔහුගෙන් යන තැන විමසුවේ නැත. නැවතත් දෙදෙනා පෞද්ගලික තොරතුරු ගැන කතාබස් කළහ. එහිදි ප්‍රනාන්දු ඇයට පුන පුනා පැවසුවේ තමාගේ පවුල් ජීවිතය අවුල් බවත් බිරිඳත් සමග කල් ගෙවන්නේ අසතුටෙන් බවත්ය. සැබවින්ම ගත් කල එය මුසාවකි. කෙලෙස හෝ ඔහුට වුවමනා වුණේ ඇයගේ සිත දිනා ගැනීමටයි.

පැයකින් පමණ පසු ප්‍රනාන්දු කොළඹ පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණයක් අසල මෝටර් රථය නැවත්තුවේය. ඉන්පසු අමන්දා සමග එම වෙළෙඳ සංකීර්ණයට ගිය ඔහු අවශ්‍ය ඕනෑම දෙයක් මිලදී ගන්නා ලෙස පැවසුවේය. අමන්දා පළමුව එයට අකමැත්තක් පෙන්නුව ද පසුව ඔහුගේ පෙරැත්ත නිසා වටිනා ඇඳුම් පැළඳුම් කිහිපයක් මිලදී ගත්තාය.

පැය දෙකකින් පසු දෙදෙනා යළි එම වෙළෙඳ සංකීර්ණයෙන් පිටතට පැමිණියහ. එලෙස පැමිණ මෝටර් රථයට ගොඩ වී ප්‍රනාන්දු ඇයට මෙලෙස පැවසුවේය.

‘‘අමන්දා ඔයා ගත්ත ඇඳුම් ඔයාට ලස්සනයි ද කියලා බලන්න ඕන.’’

‘‘ ඉතින් මම දවසක ඇඳගෙන එන්නනම්’’

‘‘ එහෙම බැහැ. දැන් බලන්න ඕනෑ.’’

‘‘ දැන් බලන්න බැහැනේ. කොහේ ඉඳන් ඇඳුම් අඳින්නද?’’

‘‘ ඔයා වරදවා හිතන්න එපා. අපි යමුද හොඳ හොටෙල් එකකට’’

‘‘ඔයාට පිස්සුද අයියේ. මම එහෙම කෙනෙක් නොවෙයි.’’

‘‘ හොටෙල් කිව්වට බය වෙන්න එපා. මම ඔයාට කරදරයක් කරන්නේ නැහැ. අඩු ගානේ ඇඟටවත් අත තියන්නේ නැහැ. අපි කෑම ටිකක් කලා ඇඳුම් ටික ඇඳලා බලලා යමු.’’

‘‘ අනේ මට බැහැ අයියේ. වෙන දවසක ඇඳන් එන්නම්.’’

‘‘ප්ලිස් අමන්දා. එහෙම කරන්න එපා. මම වැරදි දෙයක් කළොත් ඔයා එතැනින් එන්න. මට ඕන මේ ඇඳුම් ටික ඔයා අඳනවා බලන්න විතරයි.’’

‘‘ හැබැයි වැරදි දෙයක් වුණොත් මම එනවා.’’

‘‘ එහෙම වෙන්නේ නැහැ.’’

තමන්ගේ ඉලක්කයට ක්‍රමක් ක්‍රමයෙන් ළඟා විය හැකි බව ප්‍රනාන්දුට දැනුණි. ඒ අනුව ඔහු කොළඹ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් වෙන් කර ගත්තේය. ඉන්පසු වෙන්කර ගත් හෝටල් කාමරයට අමන්දා සමග ගියහ.

‘‘ඔයාට මම කිසි කරදරයක් කරන්නේ නැහැ. අපි ටිකක් රිලැක්ස් එකේ ඉඳලා යමු. දැන් ඇඳුම් ටික ඇඳලා පෙන්වන්නකෝ.’’

‘‘ ඔයා මෙතන ඉන්න කොට කොහොමද මම ඇඳුම් මාරු කරන්නේ.’’

‘‘ මම අහක බලාගෙන ඉන්නම්.’’

‘‘ අනේ මේ හරියටම ඉඳිවි. මම බාත්රූම් එකට ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්නම්.’’

‘‘ ඔයාගේ කැමැත්තක්’’

ඒ අනුව නාන කාමරයට ගිය ඇය තමන් ඇඳ හිටි ඇඳුම් උනා දමා එදින මිලදී ගත් ගවුමක් ඇඳ ගත්තාය. එසෙ ඇඳගෙන නාන කාමරයෙන් එළියට පැමිණියාය. එය කෙටි ගවුමකි. එම නිසා එම ගවුමට ඇයගේ ශරීරයේ වැඩි කොටසක් නිරාවරණය වී තිබිණි. එය දුටු ප්‍රනාන්දුට ඉවස ගත නොහැකි විය. ඔහුගේ සිත රාගයෙන් මත් විය.

එලෙස රාගයෙන් මත්වූ ඔහු ආමන්දාව තමා ළඟට රැගෙන බලහත්කාරයෙන්ම සිප ගත්තේය. අමන්දා එයින් බේරීමට උත්සාහ කළාය. එහෙත් ඔහුගේ ග්‍රහණයෙන් බේරීමට නොහැකි විය. අවසානයේ ඇයට කළ හැකි වූයේ ප්‍රනාන්දුට අවනත වීම පමණි.

මද වේලාවක් ගත වෙද්දී ඇයගේ අකමැත්තක් නොමැති බව ප්‍රනාන්දු දැන ගත්තේය. ඉන්පසු ඔහු තම සිතේ තිබුණ කාමාශවන් ඇගෙන් සිත්සේ ඉටුකර ගත්තේය.

ඉන්පසු ඉඩ ලද සෑම මොහොතකම දෙදෙනා එලෙස ලිංගිකව එකතු වූහ. අමන්දාගේ් සිතේ ද ප්‍රනාන්දු ගැන ලොකු විශ්වාසයක් තිබුණි. එම නිසා ඔහුට අවශ්‍ය සෑම දෙයක්ම පාහේ ඇය ලබා දුන්නේ දෙපාරක් නොසිතාය.

අවස්ථා කිහිපයකදි ප්‍රනාන්දු ඇයගේ නිරුවත් පිංතූර පවා ලබා ගත්තේය. එයට අමතරව දෙන්නා ලිංගිකව හැසිරෙන අයුරු වීඩියෝගත කළේය.

කලක සිට අමන්දා ප්‍රනාන්දුව මඟ හැරීමට උත්සාහ කළාය. ඒ ඔහු සමග සම්බන්ධයෙන් තමාගේ අනාගතය අඳුරු වේයැයි ඇති වූ බිය නිසාය. එහෙත් ප්‍රනාන්දු ඇයට තමාගෙන් වෙන් වීමට ඉඩ දුන්නේ නැත.

අවසානයේ ඇය දැඩි තීරණයක් ගත්තාය. ඒ ප්‍රනාන්දු සමඟ තියෙන සම්බන්ධතා අනිවාර්යයෙන්ම නවත්වන බවයි. ඇය එය ප්‍රනාන්දුට පැවසුවාය. එය අසා උරණ වූ ප්‍රනාන්දු ඇයට තමන් සමග ඇති සම්බන්ධතා නැවතුවහොත් ඇයගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට දමන බව පවසා තර්ජනය කළේය.

ප්‍රනාන්දුගේ එම තර්ජනය අසා ඇය ඉමහත් බියට පත් වූවාය. ඇය ඔහුගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේ එලෙස නොකරන ලෙසයි. එහෙත් ප්‍රනාන්දු එය සත පහකටවත් ගණන් ගත්තේ නැත.

ඇයට ජීවිතය එපා විය. තමා කළ වරදේ බරපතළ කම ගැන ඇයට හොඳින් අවබෝධ වූවාය. එලෙසම ප්‍රනාන්දුගෙන් ගැලවීමට නොහැකි බව ද තේරුම් ගත්තාය. හොඳම දෙය ජීවිතය නැති කර ගැනීම බව ඇය සිතා ගත්තාය. නැවත නැවතත් ඇය ඒ පිළිබඳව කල්පනා කළාය.

ඒ සෑමවිටම සිතට නැඟුනේ සමාජයෙන් අවමන් විඳිනවාට වඩා ජීවිතය නැති කර ගැනීම සුදුසුයි කියාය. ඇය ලිපියක් ලීවාය. එම ලිපියේ ප්‍රනාන්දුගෙන් සිදු වූ සියලූ දේ ගැන සඳහන් කළාය. එයට අමතරව තම මරණයට වගකිවයුතු පුද්ගලයා ඔහු බව ද සඳහන් කළාය.

ලියූ එම ලිපිය තිසරපටය අස්සේ සඟවා ගත් ඇය පසුගිය දිනක ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගත්තාය.

ඇය ලියූ ලිපියේ තොරතුරුවලට අනුව සැකකාර ප්‍රනාන්දු නමැති දෙදරු ව්‍යාපාරිකයා පොලිස් නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. තරුණියක සමග ලිංගිකව එකතු වී ඇයගේ නිරුවත් පිංතූර ලබාගෙන අන්තර්ජාලයට දමන බව පවසා බියට පත්කර ඇය සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයට ඇදදැමූ එම නරුම දෙදරු පියාට අවසානයේ සිදු වූයේ බන්ධනාගාර ගත වීමටයි. කළ පවක මහත දැන් ඔහුට හොඳින් දැනෙනවා ඇති.

ගයාන් සමරසිංහ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top