ෆින්ලන්තය, කාටත් ඒ නම ඇසුන ගමන් මතක් වෙන්නේ එකම එක දෙයක්..
ඔව් ඒ ලෝකේ සතුටෙන්ම ඉන්න රට.. ඒත් අද ෆින්ලන්තයෙන් අහන්න ලැබෙන්නේ හද කම්පා කරන පුවතක්..
ෆින්ලන්තයේ, වැන්ටා නගරයේ පාසලක සිදුකළ වෙඩි තැබීමක් වාර්තා වුණා... එරට වෙලාවෙන් අද උදෑසන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ...
අදාල සිද්ධියෙන් එම පාසලේ ළමුන් කිහිපදෙනෙක් තුවාල ලබා තිබෙනවා..
මෙලෙස තුවාල ලබා ඇත්තේ 12 හැවිරිදි සිසුන් තිදෙනෙක්..
කෙසේ වෙතත් මෙම සිද්ධිය සිදුවෙන අවස්තාවේ පාසලේ සිසුන් 800ක් සහ කාර්ය මණ්ඩලයේ 90ක් පමණ එහි රැදී සිට තිබෙනවා...