සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුවයි.
ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීමට ආසන 6 - 15 වෑන් රථ 750ක් (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව) සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීමටයි කැබිනට් අනුමැතිය හිමි වුණේ.
කෙසේ වෙතත් එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි වන්නේ නැහැ.