මේ කියන්න යන්නේ රාගම රෝහලෙන් ඇහෙන තවත් කණගාටුදායක පුවතක් ගැනයි..
කන ආශ්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 22 වනදා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ වයස අවුරුදු 50ක පුද්ගලයෙක් මියගොස් තිබෙනවා..
Co - Amoxiclav නම් එන්නත ලබාදීමෙන් පසු එම රෝගියා මියගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ..
කෙසේවෙතත් එන්නත හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවයක් එම මරණයට හේතුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් මට්ටමෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක බව රාගම ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර පවසා තිබුණා...
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන්, රාගම ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..