මේ කියන්න යන්නේ කාලගුණය ගැන ඇහෙන අලුත්ම කතාවක්..
හෙටත් දිවයිනේ පළාත් කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා...
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ, උතුරුමැද, උතුර, සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙලෙස මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක් පවතින බවයි...
මේ අතර බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල හෙට පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා...