මේ කිතුණු බැතිමතුන්ට ගොඩක් විශේෂ වුණ කාලයක්..
මහා බ්‍රහස්පතින්දා , මහා සිකුරාදා වගේම පාස්කු ඉරිදා යෙදෙන මෙම සමය ඔවුන් වඩාත් ආගම, දහමට ලැදිව ජීවත් වෙන කාලයක්...
මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව ඊයේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් රෝමයේ බන්ධනාගාරයක කාන්තා සිරකරුවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කර තිබෙනවා..
විදෙස් මාධ්‍ය එම පුවත වාර්තා කරන්නේ, මහා බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙයක් අතරතුර දී, පාප් වහන්සේ විසින් කාන්තාවන්ගේ පමණක් පාද දෝවනය කළ පළමු අවස්ථාව ලෙසයි..
කෙසේ වෙතත් 87හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පසු වෙද්දීත් රෝමයේ රෙබිබියා බන්ධනාගාරයේ මහා බ්‍රහස්පතින්දා දේව මෙහෙයට මෙලෙස සහභාගි වී තිබෙනවා..
පාද සේදීමේ චාරිත්‍රය පාස්කු ඉරිදාට පෙර බ්‍රහස්පතින්දා සිදුවන අතර, ජේසුස් වහන්සේ මිය යාමට පෙර රාත්‍රියේ ඔහුගේ ගෝලයින්ගේ පාද සේදීම එමඟින් සංකේතවත් කරනු ලබනවා..