ඔබත් ගැබිනි මවක් නම් මේ ගෙවෙන කාලය ගැන ගොඩක් විමසිලිමත් වෙන එක වටිනවා..
මොකද පොඩි හරි අපහසුතාවක් , ආසාධනයක් ඇති වුණොත්, එය ගොඩක් දරුණු ලෙස බලපෑම් එල්ල කරන්න පුළුවන්..
ඉතින් ඔබ, ඔබ ගැනම දෙපාරක් හිතන්න.. අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළිමහනේ සේවය කරන ගැබිණි මව්වරුන්ට වැඩි අවදානමක් පවතින බව ඉන්දියානු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා..
එවැනි ගැබිණි මව්වරුන් එම අවදානම හමුවේ සේවය කිරීම තුළ මළ දරු උපත් සහ ගබ්සා වීම් ඇතිවීමේ හැකියාව ඉහළ යනු ඇති බවයි එමගින් අනාවරණ කර ඇත්තේ..
චෙන්නායිහි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය 2017 ආරම්භ කරන ලද මෙම සමීක්ෂණයට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැබිණි කාන්තාවන් 800ක් පාදක කරගෙන තිබෙනවා..