මේ ඔබ බලාසිටි ඒ සුබ ආරංචිය වෙන්න පුළුවන්..
රටේ බොහෝ දෙනෙක් ගොඩක් උනන්දුවක් දක්වන විෂයක් තමයි වාහන ආනයන කියන්නේ..
මේ ඒ ගැන රජය ගත්ත තවත් අලුත් තීරණයක්.. මේ නව යෝජනාව අනුව විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අනුමැතිය හිමිවනු ඇතියි..
ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබුණා..
එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 වර්ෂයේ ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ වුණේ පසුගිය ජනවාරි 8 පැවති කැබිනට් රැස්වීමේදීයි..
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීමට විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට මේ නීතිවලට යටත්ව මෙම ආනයන අවස්තා ලබාගත හැකි වෙනවා....