දවසක් ඇතුළත බොහෝ මගීන් ප්‍රමාණයක් දුම්රියෙන් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාගන්නවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ නිතර දෙවේලේ කෝච්චියෙන් ගමන් බිමන් යන ඔබ දැනගත යුතුම කතාවක්.. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සූදානමක් පවතිනවා..
මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ඔවුන්ද ඇතුළුව තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්වන බවයි, එම සංගමයේ සභාපති චන්දන ලාල් පැවසුවේ..
මේ අතර, දුම්රිය රියදුරු සංගමය දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට එක්වනු ඇතියි..