පාසල් දරුවන්ගේ ගතට සහ සිතට බරක් වූ පාසල් බෑගය ගැන තමයි මේ කතාව.
බොහෝමයක් වෙලාවට දරුවන් පාසැල් ගෙනියන පොත් ප්‍රමාණය නිසාම දැනෙන බර නිසා දරුදැරියන්ට ඇති වෙන ශාරීරික ආබාධ හේතුවෙන් ලක්වන අපහසුතා ගැන නිතර දෙවේලේ කතාබහ ඇති වුණා. මේ ගැන ගන්නට යන තීරණයක්.
පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අනිද්දා නිකුත් කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන පවසනවා.
පවතින තරගකාරි අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් සිසු සිසුවියන්ට මුහුණපෑමට සිදුව ඇති තවත් ගැටලුවක් වන පාසල් පොත් බෑගයේ බර සම්බන්ධයෙන් අප පසුගියදා අනාවරණයක් සිදුකළා.
මේ අතර, පාසල් පෙළපොත් වෙනුවට තාක්ෂණික සුහුරු උපකරණ ලබාදීම තුළින් සිසු දරුවන් මුහුණපා ඇති පාසල් පොත් බෑගයේ බර සම්බන්ධ ගැටලුවට විසඳුමක් ලබා ගත හැකි බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන ක්‍රීඩා සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන කියා සිටියේ.