Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
02
"තාත්තා කෑගහගෙන බේරෙන්න දිව්වත් ඒ මාමා වෙඩි තිබ්බා" ඝාතනයට විෂ ආහාර හැදූ සමාගමක් ගැන සැකයක්.... කරන්දෙනිය PHI රොෂාන්ගේ ඝාතනය ගැන වෙනස්ම කතාවක් එළියට එයි...

- "තාත්තා කෑගහගෙන බේරෙන්න දිව්වත් ඒ මාමා වෙඩි තිබ්බා" ඝාතනයට විෂ ආහාර හැදූ සමාගමක් ගැන සැකයක්.... කරන්දෙනිය PHI රොෂාන්ගේ ඝාතනය ගැන වෙනස්ම කතාවක් එළියට එයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

149 Views
''මම හරි ආසාවෙන් හිටියේ ඉස්කෝලේ යන්න. තාත්තා උදේම මට ඇඳුම් අන්දවලා එයාත් ඇඳගත්තා. ඒ වෙලාවේ තාත්තා හිටියේ ගේ ඇතුළේ. එක පාරටම මාමා කෙනෙක් ඇවිත් ගෙදර ‍ෙදාර ඇරගෙන ඇතුළටම ගියා.

තාත්තා කෑගහගෙන මාමාගෙන් බේරෙන්න දිව්වා. ඒත් ඒ මාමා තාත්තාට වෙඩි තිබ්බා. තාත්තා බිම වැටිලා හිටියේ. ඊට පස්සේ ඒ මාමා මගේ දිහාත්, ආච්චි දිහාත් බලලා දුවල යන්න ගියා”සිය පියාගේ අවසන් කටයුතු සිදුවූ මොහොතේදී පුංචි ඉසුරු දරාගත නොහැකි වේදනාවෙන් ඉකි ගසමින් එසේ පවසද්දී ඒ අසල සිටි කාගේත් නෙත් කඳුළින් බරවිණි.

ඔහු අස්වසන්නට ඔහුගේ මිත්තණිය දැඩි උත්සාහයක යෙදුණද කම්මුල් දිගේ රූරා හැළෙන කඳුළු අත් දෙකින් පිසදමමින් පුංචි ‘ඉසුරු’ තව තවත් ඉකි ගැසුවේ ඒ අසල සිටි කිහිප දෙනාගේ මුහුණු වෙත දෙනෙත් යොමු කරමිනි.

එය ඇත්තෙන්ම සංවේදී මොහොතකි.

පුංචි ඉසුරගේ ආදරණීය පියා මෙලොව හැර ගොසිනි. ‘ඉසුරුට’ පමණක් නොව, ඉසුරුගේ අයියාටත්, අක්කාටත් තාත්තාගේ හදිසි වියෝව දරාගත නොහැකි බව පෙනේ.

''එදා අපි දෙන්නට කොළඹ යන්න බස් එකටත් ඇරලවලයි තාත්තා ගියේ.” ඔවුහුද බලාගත් අත බලා සිටිති. සිදුවූ දේ කිසිවකුටත් අදහාගත නොහැකි තරම්ය.

“මගේ මහත්තයා කාටත් උදවු කළා. කිසිම කෙනකුට නරකක් වරදක් කරලා නැහැ. ලොකු ගණනක් වියදම් කරලා පාර අයිනේ ටැප් එකක් හයි කළේ පාරේ යන අයට වතුර ටිකක් දුන්නම පින් සිද්ධ වෙනවා කියලයි. එහෙම කරපු මගේ මහත්තයට මෙහෙම කරපු කාට වුණත් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ.''දෙවියනේ සිය සැමියාගේ අකල් වියෝවෙන් ළය පැලෙන තරම් වූ වේදනාවෙන් හඬාවැළපෙන ඉන්ද්‍රාණි සැමියා ඝාතනය වන්නට විනාඩි කිහිපයකට පෙර සිය නිවෙසෙන් පිටව ගොස් තිබුණේ දරු දැරියන්ට සිප්සතර කියාදීමේ අරමුණෙනි.

සිය සැමියාගේ මරණය සැලවී නිවෙසට පැමිණ පුංචි ඉසුරු පුතුද ඇකයේ හොවාගෙන වැළහින්නියක සේ හඬා වැළපෙන ඇය අස්වසාලීමට කවරකු කුමක් කීවද ඒ කිසිවකින් ඵලක් නොවිණි.

“එදා මගේ ලේලි උදේ 6.40ට බස් එකෙන් එයා උගන්වන ඉස්කෝලෙට ගියා. ලොකු මුනුපුරාත්, මිනිපිරියත් කොළඹ ඉස්කෝලෙට යන්න බස් එකට ඇරලවල පුතා ගෙදර ආවා. බාල දරුව ඉසුරුව තෙරේසා ඉස්කෝලේ එක වසරට බාර දෙන්න යන්නයි පුතා හිටියේ. පුතා මුනුපුරාගේ පින්තූර වගයකුත් අරගෙන ගේ ඇතුළට ගියා. ඉසුරු මිදුලේ සෙල්ලම් කර කර හිටියේ. කවුදෝ කෙනෙක් ගෙදර කවුද කියලා කතා කළා. පුතා ගේ ඇතුළේ ඉඳලා එනකොටමයි ඒ ආපු තැනැත්තා එක පාරට පුතාට වෙඩි තිබ්බා. පුතා ගේ ඇතුළට දිව්වා. ඒ මිනිහා වෙඩි දෙක තුනක් තියනවා ඇහුණා.”

වෙඩි තියපු කෙනා අවුරුදු 25ක් 30ක් විතර කෙට්ටු කෙනෙක්. එයා පුතාට වෙඩි තියලා මගෙත්, මුනුපුරාගේත් මුහුණ දිහා බලලා  මිදුලට බැස්සා. ගේ ඉස්සරහා පාරේ බයික් එකක තවත් කෙනෙක් හිටියා. වෙඩි තියපු කෙනත් ඒකට නැඟලා කුරුඳුගහ පැත්තට ගියා. මමත් මුනුපුරාත් බිම වැටිලා හිටපු පුතා ළඟට ගිහින් කතා කළා. ඒත් පුතා කතා කළේ නැහැ. පස්සේ අපි කෑගැහුවා. වටේ ගෙවල්වල අය දුවගෙන ආවා. පස්සේ තමයි පොලිසියේ අය ආවේ…

තම පුතා වෙඩි තබා මරා දමන අයුරු ඇසින් දුටු ජයන්තිතා මහත්මිය සිය පුතුගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින් එසේ පැවැසුවාය. ඒ දරාගත නොහැකි වේදනාවකින්ය.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රෝෂාන් කුමාර විතානච්චි මහතා ඉකුත් 26 වැනිදා උදෑසන නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් අකාලයේ ජීවිතයෙන් සමුගත්තේ මුළු කුරුඳුගහටම කඳුළු ගංගාවක් එක්කරමිනි.

ඔහුගේ අකල් වියෝවෙන් බිරිය, දරුවන්, ඥාතීන් පමණක් නොව මුළු කුරුඳුගහම තවමත් හැඬූ­­ කඳුළෙනි. ඔහු සමඟ රාජකාරි කළ සෙසු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට රොෂාන්ගේ අකල් වියෝව දරාගත නොහැකි සැටියෙකි.

රෝෂාන් රාජකාරිය හරියටම ඉටුකළ නිලධාරියකු ලෙස ප්‍රකටය. එමෙන්ම ඔහු එඩිතරව නිර්භයවම එම රාජකාරිය සිදුකළ බවද කියැවේ. ඒ නිසා ඔහුට මෙසේ අකාලයේ මියැදෙන්නට සිදුවූ බවද සමහරු සැක පළ කරති.

කෙසේ වෙතත් ඔහු ඝාතනයට ලක්ව අදට දින පහකි. එහෙත් සිකුරාදා රාත්‍රිය වනතුරුත් ඔහු වෙඩි තබා මරා දමන්නට තරම් හේතුවූ කරුණු කාරණා හෝ ඔහු වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරුවන් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී නොතිබිණි. එහෙත් පොලිසිය පවසන්නේ රොෂාන් කුමාර ඝාතනය කළ තුවක්කුකරුවන් අද හෙටම අත්අඩංගුවට ගන්නා බවකි. ඒ සඳහා පොලිස් කණ්ඩායම් 6ක් සමඟ විශේෂ කාර්ය බළකායද යුහුසුළුව ක්‍රියාකරති.

ඉකුත් 26 වැනිදා උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් රොෂාන් මරා දමන්නේ 9mm වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගනිමිනි.

මියයන විට ඔහු 51 වැනි වියේ පසුවූ අතර දරු තිදෙනකුගේ පියකුද විය. ලොකු පුතා විදුර විමන්ස හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුම ලබන අතර 12 හැවිරිදි දියණිය ශෂිනි සෞභාග්‍යා කොළඹ විශාඛා විද්‍යාලයේ 7 වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. දරුවන් කොළඹට යන බසයට ගොඩකළ රොෂාන් කඩිනමින් නිවෙසට පැමිණ තිබුණේ බාල පුතු ඉසුර පළමු වරට අකුරු කිරීමට පාසලට යන දිනය එදින වූ බැවිනි.

පුතු පළමු දවසේ පාසල් යන බැවින් කිරිබතක්ද සකස් කර උදෑසනින් රැකියාව සඳහා රොෂාන්ගේ බිරිය නිවෙසින් පිටව ගොස් තිබිණි. ඇය ඇල්ල ශාන්ත චන්ද්‍ර විද්‍යාලයේ ආචාර්යවරියකි.

වෙඩි තැබීම සිදුවන මොහොතේ නිවෙසේ සිට ඇත්තේ රොෂාන්්ගේ මව සහ ඔහුගේ බාල පුතු ඉසුර පමණි. ඉසුර පුතු පාසල් ගෙනයන්නට සූදානම්ව සිටියදී නාඳුනන තුවක්කුකරුවන් රොෂාන් වෙඩි තබා ඝාතනය කර ඇති අතර ඔහුගේ මව සහ කුඩා පුතු සිද්ධිය ඇසින් දුටුවෝ වෙති.

සිද්ධිය පිළිබඳව මූලික විමර්ශන අරඹන්නේ ඇල්පිටිය මූලස්ථාන පොලිසිය මඟිනි.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේ ඝාතනයත් සමඟ කුරුඳුගහහැතැප්ම පමණක් නොව මුළු රටම කැලඹිණි. ඒ, ඔහු නීතිගරුකව රාජකාරි කරන දක්‍ෂ අවංක නිලධාරියකු ලෙස මුළු ප්‍රදේශය පුරාම නමක් දිනාගෙන සිටින අයකු වීම හේතුවෙනි. තම සහෝදර සගයකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවා නොසන්සුන් වී තිබිණි.

''රොෂාන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් විශාල වැඩකොටසක් ඉටුකළ කෙනෙක්. ඒ වගේම තමයි එයා ලංකාව පුරා අධිකරණවලට ගිහින් ආහාර ආශි්‍රත සමාගම් පිළිබඳ නඩු මෙහෙයවූ කෙනෙක්. වැටලීම්වලට පවා එයා යනවා. කිසිම කෙනකුට නම්මන්න බැරි, මුදලට වහල් නොවූ කෙනෙක්.”

ඒ වගේම මළගෙයක්, මඟුල් ගෙයක් වුණොත් ඒ හැම එකකටම යන එන පුද්ගලයෙක්. දුප්පත් මිනිස්සුන්ට ගොඩක් උදවු කරන කෙනෙක්. මාධ්‍යයත් එක්ක හරිම හිතවත්. එයාගේ අඩුව කාලයක් යන තෙක් පුරවන්න බැරි වේවි. එයා මේ විදියට ඝාතනය කිරීම අපිටත් ලොකු ගැටලුවක්.”සිය සහෝදර නිලධාරියාට වූ විපත ගැන කම්පා වූ නිලධාරියෙක් එසේ පවසා තිබිණි.

කෙසේ වෙතත් රොෂාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ පොලිස් කණ්ඩායමේ මූලික ඉලක්කය වී තිබුණේ ඝාතකයන් හඳුනා ගැනීම සඳහා සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කිරීමය. එහිදී අනාවරණය වන්නේ ඝාතකයන් වෙඩි තැබීමෙන් පසු උෟරගස්මංහන්දිය දෙසට පලා යන බවය. ඒ අනුව සිද්ධිය වූ ස්ථානයේ සිට උෟරගහ දක්වා මාර්ගවල ස්ථාපිත සීසීටීවී කැමරා නිරීක්ෂණය කිරීම සිදුවූවද එය තවමත් අවසන් වී නැත.

මේ අතර විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් විසින් සැකකරනුයේ රොෂාන් කුමාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවූ බවකි. එහෙත් එය සිකුරාදා වනතුරු තහවුරු වී නොතිබිණි.

ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසුවේ ඇල්පිටිය, කරන්දෙණිය, කුරුඳුගහ සහ උෟරගහ ආදී ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් රැසක් සහ වෙඩි තැබීම් කිහිපයක් මීට පෙර වාර්තා වුවද මෙම වෙඩි තැබීම පාතාල ක්‍රියාවක් නිසා සිදුවූවක්ද යන්න මෙතෙක් තහවුරු වී නැති බවයි. එමෙන්ම මරා දැමුණු රොෂාන් කුමාර කිසිදු පාතාල ක්‍රියාවකට, පාතාල ඇසුරකට කිසිසේත් සම්බන්ධ බවට හෝඩුවාවක් අනාවරණය නොවීම නිසා මෙම වෙඩි තැබීම කුමක් අරභයා සිදුවූවක්ද යන්න තවමත් නිශ්චය කිරීමට නොහැකි බවයි.

මෙම ඝාතනයේ කිසියම් වූ හෝඩුවාවක් සොයාගැනීම සඳහා රොෂාන්ගේ බිරිය, මව, ඥාතීන් ඇතුළු විශාල පිරිසකගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගත් අතර රොෂාන් භාවිත කළ ජංගම දුරකථනයට ලැබුණු සහ ඉන් යැවුණු ඇමතුම් සියයකට වැඩි සංඛ්‍යාවක් නිරීක්ෂණය කළද මේ වනතුරු ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් විමර්ශන නිලධාරීන් වෙත ලැබී නොතිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් බොහෝදෙනා පවසනුයේ රාජකාරිමය ගැටලුවක් මත මොහු කොන්ත්‍රාත්තුවකට මරා දමන්නට ඇති බවකි. ශරීරයට විස සහිත ආහාර අලෙවි කිරීමට එරෙහිව රොෂාන් දැඩි පිළිවෙතක් අනුගමනය කළ අතර එවැනි ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් රැසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු කටයුතු කිරීමද මෙම ඝාතනයට හේතුවක් වන්නට ඇතැයි ඔවුහු සැක පළ කරති. එමෙන්ම අම්බලන්ගොඩ ධීවර වරායේ මත්ස්‍යයන්ට ෆෝමලින් දමා පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් රොෂාන් කුමාර දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර එම සිද්ධීන් සහ මෙම ඝාතනය අතර කිසියම් සම්බන්ධයක් ඇති බවටද සමහරු කියති.

මෙම කාරණා සියල්ලක් පසුපස යමින් විමර්ශන නිලධාරි කණ්ඩායම් 6ක් රොෂාන් කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් කිසියම් හෝඩුවාවක් සොයාගැනීමට වෙහෙස දරති.

රොෂාන් කුමාර මහතා ඝාතනය කළ තුවක්කුකරුවන් පැමිණියේ යැයි සැකකෙරෙන යතුරුපැදිය උෟරගස්මංහන්දිය, හොරවල, කටවල්පහ ප්‍රදේශයේ බෝක්කුවක් අසල ගිනි තබා විනාශ කර තිබියදී උෟරගහ පොලිසියට හමුවන්නේ ඔය අතරවාරේය. පොලිසිය පවසන්නේ රොෂාන්ට වෙඩි තැබීමෙන් පසු ඝාතකයන් උෟරගහ දෙසට පලායන බව සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බැවින් ඔවුන් උෟරගහ කටවල්පහ බෝක්කුව අසලට ගොස් යතුරුපැදිය ගිනි තබා විනාශ කරන්නට ඇති බවකි.

කෙසේවෙතත් ගිනි තැබීමෙන් යතුරුපැදිය දැඩි ලෙස පිලිස්සී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් පුළුල් පරීක්ෂණයක් අරඹා ඇති අතර රොෂාන් කුමාර ඝාතනයේ සාක්කි විනාශ කිරීම අරමුණෙන් හෝ පොලිස් විමර්ශන නොමඟ යැවීම සඳහා මෙම යතුරුපැදිය ගිනි තබන්නට ඇතැයි පොලිසියේ සැකයයි.

මේ අතර විමර්ශන භාර තවත් උසස් පොලිස් නිලධාරියෙක් කීවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිපදෙනකුගෙන්ද පොලිසිය ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි. මරාදැමුණු මෙම නිලධාරියා කරන්දෙණිය කර්මාන්තශාලා සහ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථාන මෙන්ම මහා පරිමාණ හෝටල් සම්බන්ධයෙන්ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන අයකු හෙයින් ඔහු සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර වෛරයක් තිබුණේදැයි සොයාබැලීමද මේ දිනවල රහසිගතව සිදුකරන බවත් එම නිලධාරියා පවසයි.

දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම නිසා සමහර ආයතන සහ පුද්ගලයන් මොහු සමඟ ඇති තරහ මත කොන්ත්‍රාත්තුවක් දී මොහු ඝාතනය කළේද යන්න ගැන විමර්ශන නිලධාරීන්ගේ සැකය යොමු වී තිබේ.

මෙවන් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුවුවද රොෂාන් කුමාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමට හේතුව විමර්ශන නිලධාරීන්ටද ගැටලුවක් වී තිබේ. ඒ ඝාතකයන් සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සිකුරාදා රාත්‍රිය වනතුරු හෙළිව නොතිබූ හෙයිනි.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන්ද මියගිය රොෂාන් කුමාර මහතාගේ නිවෙසට ගොස් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබූහ. එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම ඝාතනය සිදුකර ඇත්තේ කොන්ද පණ නැති සතකු විසින් බවකි. මෙවන් අපරාධකරුවන් රටේ කොයි මුල්ලක සිටියත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ටිරාන් අලස් මහතා අවධාරණය කරන ලදී.

මෙවන් පසුබිමක් මධ්‍යයේ කුරිරු වෙඩි පහරින් මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර විතානච්චි මහතාගේ අවසන් කටයුතු බිරිය, දරුවන්, ඥාතීන් හා හිතවතුන් සහ අසල්වාසීන්ගේ සෝ සුසුම් විලාප මැද ඉකුත්දා ඇල්පිටිය සුසාන භූමියේදී සිදුකෙරිණි.

මීට වසර කිහිපයකට පෙර සාහසික වෙඩි පහරින් මියගිය කරන්දෙණියේ හිත හොඳ ‍ෙදාස්තර මහතාගේ අවමඟුලට එක්වූ පිරිසට සමාන පිරිසක් රොෂාන් කුමාර අවමඟුල් උත්සවයටද එක්ව සිටි අතර මළහිරු බසිනා සැන්දෑ යාමයේදී ඔහුගේ නිසල දේහය කාගේත් දෙනෙත් කඳුළින් තෙත් කරමින් මිහිදන් වූයේ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් නොයෙකුත් සැක සංකා ඇති කරමිනි.

ගාල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, ඇල්පිටිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි, වැඩ බලන පොලිස් අධිකාරි රමිඳු ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ යන මහත්වරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක්ද අම්බලන්ගොඩ, කරන්දෙණිය, උෟරගහ ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකට අනුබද්ධ කණ්ඩායම්ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.

විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි කුමාර කුලරත්න මහතා ඇතුළු කණ්ඩායම් දෙකක්ද ඝාතකයන් සොයා පරීක්ෂණ සිදුකරති.
කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top