මේ පවතින කාලගුණ තත්වය ගැන කෙරෙන විශේෂ නිවේදනයක්.
බස්නාහිර, දකුණ, සබරගමුව හා වයඹ පළාත් සඳහාත් මන්නාරම දිස්ත්‍රික්කය සඳහාත් හෙට (02) දිනයේ බලපැවැත්වෙන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, දකුණු, සබරගමුව හා වයඹ යන පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් හෙට ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එවැනි අවස්ථාවලදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වැඩබිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවත් එහි සඳහන්.
එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත්, වාහන තුළ කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ උපදෙස් මාලාවේ සඳහන්.
එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල රැඳෙන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් එම නිවේදනයෙන් දැනුම් දෙනු ලබනවා.