ශ්‍රීපාද අඩවිය කියන්නෙ හාස්කම් තියෙන පූජනීය බිමක් කියලා අපි හැමෝම දන්නවා. අපි කට කතා, ජනප්‍රවාද අහලා තියෙනවා. ඒ වගේම සමහර අයට මේ සිරිපාදෙ හාස්කම් ගැන අත්දැකීමුත් ඇති. සිරිපා අඩවිය ගැන විස්තරත් එහෙම අත්දැකීම් ගැනත් අපි බලමු.
ලංකාවේ වංශකතාවෙ කියන විදියට බුදුහාමුදුරුවො තුන්වැනි වතාවට ලංකාවට වැඩි විට ශ්‍රී පාද කන්ද මුදුනේ ශ්‍රී පතුල පිහිටුවීමට සමන් දෙවියන්ගෙ ආරාධනා කරලා. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා සෝවාන් වුන සුමන සමන් දෙවියා මරණින් පසු දේවත්වය ලබා සමනල කන්ද මුදුනට හා ශ්‍රී පාද අඩවියට අරක් ගෙන ඉන්නවා.
අඩි 7360 ක් උස ශ්‍රී පාද කඳුවැටියට පරිවාර කඳු ගොඩක් තියෙනවා. ඒවගෙන් කීපයක් තමා. බෑන සමනල, ගවරවෙල, කුණුදිය පර්වතය කියන්නෙ. ප්‍රධාන ගංගා ශ්‍රී පාද කඳුවැටියෙන් උපත ලබනවා. ඒවා තමා වලවේ ගඟ ශ්‍රී පාදයේ එක් බෑවුමක් කෙළවර ඇති වලේබඩ සිට ද කැලණි ගඟ මස්‌කෙළිය ඔය හා සීත ගඟුල ආශ්‍රයෙන් ද, රත්නපුර බෑවුමෙන් කළු ගඟ.
1950 ශ්‍රී පාදයට විදුලිබලය දීමේ සිහිවටනයක් විදයට මකර තොරණ හැදුවා. ශ්‍රීපාද කඳු මුදුනින් ගලාගෙන එන සීත මහා ගඟුල් හා කුඩා සීත ගඟුල් සීත ගඟුලේදී එකට එකතු වෙනවා. ඈත අතීතෙ ශ්‍රී පාද කන්ද විදාරණය වෙලා අක්‍රිය වුන යමහලක් කියලත් කියවෙනවා. අතීතයෙ ශ්‍රී පාදය වර්ණනා කරල ලියලා තියෙන “පාලි සමන්තකූට වර්ණනා” කාව්‍ය අනුව ශ්‍රී පාද අඩවියේ සියලු ගස්වැල් ශ්‍රීපාද පද්මය දෙසට නැමී ඇති බව කියවෙනවා.
ශ්‍රී පාද වන්දනා කාලය උඳුවප් පෝයෙන් ආරම්භ වෙලා වෙසක් පෝයෙන් ඉවර වෙනවනේ. ඉතුරු කාලය අවාරෙ. අවාර කාලෙට දැඩි වර්ෂාව, සැඩ සුළං, , දැඩි සීතල , කුණාටු, පියගැට දිගේ ගලා එන දැවැන්ත ජල ධාරා, අකුණු ගැසීම්, ගස් ගල් කඩා වැටීම්, වෙනවා. මේ කාලෙට සිරිපතුල වදින්නෙ සත්තු.
මේ කාලෙට ලස්සන දේවල් සිරිපාදෙ අවට පරිසරෙ දකින්න පුළුවන්. බලන අපිට ලස්සන වුනාට සමහර මිනිස්සුන්ට නම් ඒ දේවල් ලස්සන නෑ. ඒ වතු කම්කරුවෝ. වතු කම්කරුවන්ට සිරිපාද අවාර කාලෙ කියන්නෙ හරිම අමාරු කාලයක්.
වන්දනා කාලයේදී නල්ලතන්නිය (ඩෙල්හවුස් නැත්තම් සීතගඟුල් කඩමණ්ඩිය) රෑ දවල් වන්දනාකරුවන්ගෙන් පිරී යනවා. අවාරයට නල්ලතන්නිය කඩමණ්ඩියේ සමුපකාර උප තැපැල් කාර්යාලය හැර මුළු කඩමණ්ඩියම මාස හයකට වැහෙනවා. ඒ කාලෙට නල්ලතන්නියෙ ඉදන් මකර තොරණ දක්වා සියල්ලම පාළුවට යනවා. මකර තොරණ දක්වා විහිද ගිය තේ වතුවල කම්කරුවෝ මහ වැස්ස, සීතල, පින්න මැද තේ වතුවල වැඩ කරනවා.
ඒ වගේම තමා මේ කාලෙට එක දිගට දින ගාණක් වැස්ස වහින නිසා පැත්තම කළුවරයි. මන්දාරම් ගතිය. ඒ තද සීතලට ඇඟ වෙව්ලනවා. අවාරයේ නල්ලතන්නි කඩමණ්ඩියට පවා දිවියො එනවා. මකර තොරණ අවට වන සත්තු නිදැල්ලේ ඇවිදිනවා. තවත් ලස්සන දර්ශනයක් තමා වන්දනා කාලය තුළ ඈත කැලෑ රොදවල් වල ගැවසෙන ශ්‍රීපාද අඩවියේ කුරු අලි රංචු. ඒ කාලෙට උන් වැඩිපුර ඉන්නෙ සප්ත කන්‍යා කඳු පාමුල හා අවට ප්‍රදේශවල.
අවාරයේ කුරු අලි රංචු හා එයට එක්වෙන තවත් අලි පඩිපෙළ දිගේ ශ්‍රී පාදය මුදුනට පවා යනවා. සාම චෛත්‍යයේ ජපන් භික්‍ෂුන්වහන්සෙලා ඉර උදාවෙද්දි රබන් වාදනය කරමින් ස්තෝත්‍ර කියමින් දිනපතාම ශ්‍රී පාද කන්ද තරණය කරනවා. අද සාම චෛත්‍ය ඇති ස්ථානයේ මුල් කල තිබුණේ මඩම අම්බලම.
අපි බලමු මේ සිරිපාදෙ තියෙන හාස්කම් මොනවද කියලා
ශ්‍රී පාදය මුදුනේ අවාරයට සිටිනුයේ මුරකරුවන් දෙදෙනා පමණකි. සතිදෙකකට විතර සැරයක් එක මුරකාරයෙක් කිට්ටු කඩමණ්ඩියට පයින්ම ගිහින් කන්න බොන්න ඕන දේවල් අරන් එන එක සිරිතක්. පසළොස්වක පෝය දවස් වලට ශ්‍රී පාද මළුවේ පෙරහැර යන හඬ, බෙර හඬ, සක් හඬ ඔවුන්ට නිතර ඇහෙනවා කියලා කියනවා. මල් සුවඳ මළුව පුරා පැතිර යනවා කියනවා. ඒ දෙවියො ශ්‍රී පාදය වඳින විට මුරකරුවන්ට දැනෙන ඇසෙන දේ. ඒවා දේව හාස්කම්.
මුරකරුවකු කියලා තියෙනවා ඔහු හාල් තුනපහ අරන් එද්දි තනිව ආව කෙනෙක් ඊට ටිකකට කලින් සතෙක්ගෙ ප්‍රහාරයකට ලක්වෙලා මැරිලා පාර ලඟ වැටිලා හිටියලු.සිරි පාද අඩවියේ ගල්ලෙන්වල තනිව භාවනා කරන භික්‍ෂුන් හා ගිහි අය ගැන කතා පැතිර තියෙනවා. ශ්‍රී පාද පද්මයේ සිට විහිදී යන අනන්ත ගැඹුරු ප්‍රපාතයට මෙවැනි භාවනානුයෝගී භික්‍ෂුන් එකවර පෙනී සිට අතුරුදන් වන බව කියනවා. ඒ කතා සත්‍ය නම් ඔවුන් කිසියම් ධ්‍යාන බලයක් උපදවා ගත් අය වෙන්න ඕන.
ශ්‍රී පාද අඩවියේ තියෙන ගුප්ත රහසක් තමා දිවා ගුහාව. අවුරුදු ගාණක ඉදන් පර්යේෂකයන්, වන්දනා නඩ දිවා ගුහාව තියෙන්නෙ කොහෙද කියලා හොයනවා. ශ්‍රී පාද පද්මය එක එල්ලේ පාමුල පිහිටි කුරුවිට බටතොට ලෙන දිවා ගුහාව විය යුතු බව එහි පිහිටීම හා ලක්‍ෂණ අනුව බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ අදහස් පළ කළහ.
සමන් දෙවියන්ගෙ පිළිමය නල්ලතන්නියට වැඩම කරද්දි සල්ලි තියෙන මිනිස්සු ප්‍රතිමාවට රත්තරං මාල දානවා. අවුරුද්දකට එක පාරක් උඳුවප් පෝයට මේක කරනවා. එහෙම කරන කෙනාගෙ වැඩ කටයුතු සාර්ථක වෙනවා කියල විශ්වාසයක් තියෙනවා. කලින් අවුරුදුවල සමන් දෙව්රුවේ පැළඳ වූ රන්මාලා එකට එකතු වෙලා එක රත්තරං මාලයක් වෙනවලු . අලුතින් පැළඳවූ රන් මාලය ද පැරැණි රන් මාලාවලට එකට එකතු වී ඇලෙන බව කියනවා.
ඉස්සර සමන් දෙවි රුව වැඩම කළේ ආවතේව කරුවන්ගේ කර පිටින්. අවාරයේ පිරිසිදුව ගලන සීත ගඟුලේ ජලයෙන් සමන් දෙවිරුව චාරිත්‍රානුකූලව පවිත්‍ර කර පූජා පවත්වා පද්මයේ දේවාලයට වැඩමවයි.එක වතාවක් මෙහෙම සමන් දෙව්රුව නල්ලතන්නියේ ඉදන් ශ්‍රී පාද පද්මයට කර පිටින් වඩමවන විට වෙහෙසට පත් ආවතේවකරුවෝ වහල තිබුන කඩ පිළක මැස්සක් මත දේව රූපය තබා මදක් වෙහෙස නිවාසාගෙන. නිල් පාටට තිබුන අහස එකපාරටම කළුවර වෙලා කළු වෙලා. ඒ එක්කම බිහිසුණු හුළඟක් ඇවිත්. පොළොව යට ගුහාවකින් කළු දෙබරු මතු වෙලා අවට මුළු පරිසරයම වහගෙන.
මෙහෙම වෙන්න මොකක් හරි ලොකු වැරැද්දක් වෙලා කියලා කපුරාළට හිතිලා. හේතුව හොයද්දි දැකල තියෙන්නෙ ඔවුන් දේව රූපය තියෙල තියෙන්නෙ කරවල තිබුන කඩ බක්කියක. වහාම කපුරාළ දෙවියන්ට කන්නලව් කරල කහ වතුර, දෙහි දමලා දෙවි රුව සෝදලා පිරිසිදු කරලා. පස්සෙ අඳුර නැතිවෙලා. අහස වැහෙන්න හිටිය කළු දෙබරු නොපෙනී ගිහින්.ඔයා දැකලා ඇති, ශ්‍රී පාද මළුව පුංචියි. ඒත් කොච්චර වන්දනාකරුවන් ආවත් ඒ කුඩා ඉඩකඩ තුළ දේව හාස්කමකට වගේ ලොකු තදබදයක් ඇති වෙන්නෙ නෑ. ඒකට හේතුව සමන් දෙවියන්ගේ බැල්ම බව විශ්වාසයි.
සමන් දෙවිඳු ශ්‍රී පාද අඩවියේ සුදු ඇත් වාහනයෙන් ඇවිදින බව පැරැණි විශ්වාසයයි. ඒවගේම ශ්‍රී පාද අඩවියේ එක් සීමාවක මහලු වූ හා රෝගී වූ ඇතුන් පැමිණ මිය යන ඇත් සොහොනක් තිබුන බවටත් කියනවා. සිරිපාද වාරය එන විට කොටි, අලි සිරිපාද අඩවියේ කැලෑවල කාටවත් කරදරයක් නොවෙන්න ඉන්නවා කියලා කියනවා.
සිල්මාතාවන්ට වුන අත්දැකීමක් මෙසේය. කීපදෙනෙක් ගිනිගත්හේනට නුදුරු සිල් මාතාවක් තවත් සිල් මාතාවක් සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගිහින්.පිරිස පඩිපෙළ් වාඩි වෙලා මහන්සියට. කකුල් දෙකම ඉදිමිලා තුවාල වලින් දෙපතුල් වැසුන මහල්ලෙක් සිල්මාතාවන් පහු කරල හැරමිටියකින් පඩි නැගලා නායක සිල් මාතාවගේ හිසට අත තියලා සෙත් පතලා. සිල් මාතාවන්ට දැඩි පිළිකුලක් ඇතිවෙලා.
මේ මහලු තුවාලකාරයා කවදා ශ්‍රී පාදය නගින්නද කියලා සිල්මාතාවො පිළිකුලෙන් කතා බහ කරලා. ටික වේලාවකින් නැවතත් ගමන පිටත් වුන සිල් මාතාවරු තවත් සැතපුම් දෙකක් විතර ඉහළට ගිහින් පඩි පෙළේ වාඩි ආයත් මහන්සි ඇරලා… තුවා පිරුණ අර මහලු මිනිසා දෙවැනි වතාවටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තියලා සෙත් පතලා.
රෝගී මහලු මිනිසා මේ ස්ථානයට මෙච්චර ඉක්මනට ආවෙ කොහොමද කියල සිල්මාතාවො පුදුම වෙලා. ආයත් ගමන පටන් ගත්ත සිල් මාතාවරු මහගිරිදඹය ළඟ තුන්වැනි වතාවට නැවත විවේක අරන්. අර මහල්ලා තුන්වැනි වතාවට ඔවුන් පසුකරමින් නායක සිල් මාතාවගේ හිසට අත තියල සෙත් පතලා. ඇය පිළිකුලෙන් මුහුණ පසෙකට හරවාගෙන. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කොහොමද කියලා ඔවුන්ට ප්‍රශ්නයක්.
ශ්‍රී පාදය මුදුනට ගිය සිල් මෑණිවරුන් ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කරලා. නායක සිල් මාතාවගේ මුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත වෙලා.“දරුවා මං උඹට තුන් සැරයක් කතා කළා මතකද?” ඒ හඬ හා ආලෝකය අතුරුදන් වෙලා. නායක සිල් මෑණියොත් ඇගේ පිරිවරත් උතුරා යන භක්තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දීලා.
කට වැරදීම්, අවිනීත හැසිරීම්වලට දඬුවම් ලැබෙනවා. නඩයෙන් වෙන්වෙලා ඉබාගාතේ උමතුවෙන් ඇවිද්දවයි. ඒ දේව දඬුවම් ය. ඒ වගේම ශ්‍රී පාද හිමයේ මංමුලා වැල් පෑගුණු විට දවස් දෙක තුනක් පාර වැරදී සිහිය නැතිව ඇවිදීමට වෙනවා. ශ්‍රීපාද අඩවියේ කැලෑවේ මේ මංමුලා වැල් ඇති බව කියනවා.. මේ වාරෙත් පිරිසිදු සිතින් සිරිපා වදින්න ගිහින් සිරිපාද බිම අපිරිසිදු නොකර එන්නත් වගබලා ගන්න.
ශ්‍රීපාද අඩවියේ අදටත් සිදුවෙන හාස්කම්
ශ්‍රීපාද අඩවිය කියන්නෙ හාස්කම් තියෙන පූජනීය බිමක් කියලා අපි හැමෝම දන්නවා. අපි කට කතා, ජනප්‍රවාද අහලා තියෙනවා. ඒ වගේම සමහර අයට මේ සිරිපාදෙ හාස්කම් ගැන අත්දැකීමුත් ඇති. සිරිපා අඩවිය ගැන විස්තරත් එහෙම අත්දැකීම් ගැනත් අපි බලමු.
ලංකාවේ වංශකතාවෙ කියන විදියට බුදුහාමුදුරුවො තුන්වැනි වතාවට ලංකාවට වැඩි විට ශ්‍රී පාද කන්ද මුදුනේ ශ්‍රී පතුල පිහිටුවීමට සමන් දෙවියන්ගෙ ආරාධනා කරලා. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා සෝවාන් වුන සුමන සමන් දෙවියා මරණින් පසු දේවත්වය ලබා සමනල කන්ද මුදුනට හා ශ්‍රී පාද අඩවියට අරක් ගෙන ඉන්නවා.
අඩි 7360 ක් උස ශ්‍රී පාද කඳුවැටියට පරිවාර කඳු ගොඩක් තියෙනවා. ඒවගෙන් කීපයක් තමා. බෑන සමනල, ගවරවෙල, කුණුදිය පර්වතය කියන්නෙ. ප්‍රධාන ගංගා ශ්‍රී පාද කඳුවැටියෙන් උපත ලබනවා. ඒවා තමා වලවේ ගඟ ශ්‍රී පාදයේ එක් බෑවුමක් කෙළවර ඇති වලේබඩ සිට ද කැලණි ගඟ මස්‌කෙළිය ඔය හා සීත ගඟුල ආශ්‍රයෙන් ද, රත්නපුර බෑවුමෙන් කළු ගඟ.
1950 ශ්‍රී පාදයට විදුලිබලය දීමේ සිහිවටනයක් විදයට මකර තොරණ හැදුවා. ශ්‍රීපාද කඳු මුදුනින් ගලාගෙන එන සීත මහා ගඟුල් හා කුඩා සීත ගඟුල් සීත ගඟුලේදී එකට එකතු වෙනවා. ඈත අතීතෙ ශ්‍රී පාද කන්ද විදාරණය වෙලා අක්‍රිය වුන යමහලක් කියලත් කියවෙනවා. අතීතයෙ ශ්‍රී පාදය වර්ණනා කරල ලියලා තියෙන “පාලි සමන්තකූට වර්ණනා” කාව්‍ය අනුව ශ්‍රී පාද අඩවියේ සියලු ගස්වැල් ශ්‍රීපාද පද්මය දෙසට නැමී ඇති බව කියවෙනවා.
ශ්‍රී පාද වන්දනා කාලය උඳුවප් පෝයෙන් ආරම්භ වෙලා වෙසක් පෝයෙන් ඉවර වෙනවනේ. ඉතුරු කාලය අවාරෙ. අවාර කාලෙට දැඩි වර්ෂාව, සැඩ සුළං, , දැඩි සීතල , කුණාටු, පියගැට දිගේ ගලා එන දැවැන්ත ජල ධාරා, අකුණු ගැසීම්, ගස් ගල් කඩා වැටීම්, වෙනවා. මේ කාලෙට සිරිපතුල වදින්නෙ සත්තු.
මේ කාලෙට ලස්සන දේවල් සිරිපාදෙ අවට පරිසරෙ දකින්න පුළුවන්. බලන අපිට ලස්සන වුනාට සමහර මිනිස්සුන්ට නම් ඒ දේවල් ලස්සන නෑ. ඒ වතු කම්කරුවෝ. වතු කම්කරුවන්ට සිරිපාද අවාර කාලෙ කියන්නෙ හරිම අමාරු කාලයක්.
වන්දනා කාලයේදී නල්ලතන්නිය (ඩෙල්හවුස් නැත්තම් සීතගඟුල් කඩමණ්ඩිය) රෑ දවල් වන්දනාකරුවන්ගෙන් පිරී යනවා. අවාරයට නල්ලතන්නිය කඩමණ්ඩියේ සමුපකාර උප තැපැල් කාර්යාලය හැර මුළු කඩමණ්ඩියම මාස හයකට වැහෙනවා. ඒ කාලෙට නල්ලතන්නියෙ ඉදන් මකර තොරණ දක්වා සියල්ලම පාළුවට යනවා. මකර තොරණ දක්වා විහිද ගිය තේ වතුවල කම්කරුවෝ මහ වැස්ස, සීතල, පින්න මැද තේ වතුවල වැඩ කරනවා.
ඒ වගේම තමා මේ කාලෙට එක දිගට දින ගාණක් වැස්ස වහින නිසා පැත්තම කළුවරයි. මන්දාරම් ගතිය. ඒ තද සීතලට ඇඟ වෙව්ලනවා. අවාරයේ නල්ලතන්නි කඩමණ්ඩියට පවා දිවියො එනවා. මකර තොරණ අවට වන සත්තු නිදැල්ලේ ඇවිදිනවා. තවත් ලස්සන දර්ශනයක් තමා වන්දනා කාලය තුළ ඈත කැලෑ රොදවල් වල ගැවසෙන ශ්‍රීපාද අඩවියේ කුරු අලි රංචු. ඒ කාලෙට උන් වැඩිපුර ඉන්නෙ සප්ත කන්‍යා කඳු පාමුල හා අවට ප්‍රදේශවල.
අවාරයේ කුරු අලි රංචු හා එයට එක්වෙන තවත් අලි පඩිපෙළ දිගේ ශ්‍රී පාදය මුදුනට පවා යනවා. සාම චෛත්‍යයේ ජපන් භික්‍ෂුන්වහන්සෙලා ඉර උදාවෙද්දි රබන් වාදනය කරමින් ස්තෝත්‍ර කියමින් දිනපතාම ශ්‍රී පාද කන්ද තරණය කරනවා. අද සාම චෛත්‍ය ඇති ස්ථානයේ මුල් කල තිබුණේ මඩම අම්බලම.
අපි බලමු මේ සිරිපාදෙ තියෙන හාස්කම් මොනවද කියලා
ශ්‍රී පාදය මුදුනේ අවාරයට සිටිනුයේ මුරකරුවන් දෙදෙනා පමණකි. සතිදෙකකට විතර සැරයක් එක මුරකාරයෙක් කිට්ටු කඩමණ්ඩියට පයින්ම ගිහින් කන්න බොන්න ඕන දේවල් අරන් එන එක සිරිතක්. පසළොස්වක පෝය දවස් වලට ශ්‍රී පාද මළුවේ පෙරහැර යන හඬ, බෙර හඬ, සක් හඬ ඔවුන්ට නිතර ඇහෙනවා කියලා කියනවා. මල් සුවඳ මළුව පුරා පැතිර යනවා කියනවා. ඒ දෙවියො ශ්‍රී පාදය වඳින විට මුරකරුවන්ට දැනෙන ඇසෙන දේ. ඒවා දේව හාස්කම්.
මුරකරුවකු කියලා තියෙනවා ඔහු හාල් තුනපහ අරන් එද්දි තනිව ආව කෙනෙක් ඊට ටිකකට කලින් සතෙක්ගෙ ප්‍රහාරයකට ලක්වෙලා මැරිලා පාර ලඟ වැටිලා හිටියලු.සිරි පාද අඩවියේ ගල්ලෙන්වල තනිව භාවනා කරන භික්‍ෂුන් හා ගිහි අය ගැන කතා පැතිර තියෙනවා. ශ්‍රී පාද පද්මයේ සිට විහිදී යන අනන්ත ගැඹුරු ප්‍රපාතයට මෙවැනි භාවනානුයෝගී භික්‍ෂුන් එකවර පෙනී සිට අතුරුදන් වන බව කියනවා. ඒ කතා සත්‍ය නම් ඔවුන් කිසියම් ධ්‍යාන බලයක් උපදවා ගත් අය වෙන්න ඕන.
ශ්‍රී පාද අඩවියේ තියෙන ගුප්ත රහසක් තමා දිවා ගුහාව. අවුරුදු ගාණක ඉදන් පර්යේෂකයන්, වන්දනා නඩ දිවා ගුහාව තියෙන්නෙ කොහෙද කියලා හොයනවා. ශ්‍රී පාද පද්මය එක එල්ලේ පාමුල පිහිටි කුරුවිට බටතොට ලෙන දිවා ගුහාව විය යුතු බව එහි පිහිටීම හා ලක්‍ෂණ අනුව බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ අදහස් පළ කළහ.
සමන් දෙවියන්ගෙ පිළිමය නල්ලතන්නියට වැඩම කරද්දි සල්ලි තියෙන මිනිස්සු ප්‍රතිමාවට රත්තරං මාල දානවා. අවුරුද්දකට එක පාරක් උඳුවප් පෝයට මේක කරනවා. එහෙම කරන කෙනාගෙ වැඩ කටයුතු සාර්ථක වෙනවා කියල විශ්වාසයක් තියෙනවා. කලින් අවුරුදුවල සමන් දෙව්රුවේ පැළඳ වූ රන්මාලා එකට එකතු වෙලා එක රත්තරං මාලයක් වෙනවලු . අලුතින් පැළඳවූ රන් මාලය ද පැරැණි රන් මාලාවලට එකට එකතු වී ඇලෙන බව කියනවා.
ඉස්සර සමන් දෙවි රුව වැඩම කළේ ආවතේව කරුවන්ගේ කර පිටින්. අවාරයේ පිරිසිදුව ගලන සීත ගඟුලේ ජලයෙන් සමන් දෙවිරුව චාරිත්‍රානුකූලව පවිත්‍ර කර පූජා පවත්වා පද්මයේ දේවාලයට වැඩමවයි.එක වතාවක් මෙහෙම සමන් දෙව්රුව නල්ලතන්නියේ ඉදන් ශ්‍රී පාද පද්මයට කර පිටින් වඩමවන විට වෙහෙසට පත් ආවතේවකරුවෝ වහල තිබුන කඩ පිළක මැස්සක් මත දේව රූපය තබා මදක් වෙහෙස නිවාසාගෙන. නිල් පාටට තිබුන අහස එකපාරටම කළුවර වෙලා කළු වෙලා. ඒ එක්කම බිහිසුණු හුළඟක් ඇවිත්. පොළොව යට ගුහාවකින් කළු දෙබරු මතු වෙලා අවට මුළු පරිසරයම වහගෙන.
මෙහෙම වෙන්න මොකක් හරි ලොකු වැරැද්දක් වෙලා කියලා කපුරාළට හිතිලා. හේතුව හොයද්දි දැකල තියෙන්නෙ ඔවුන් දේව රූපය තියෙල තියෙන්නෙ කරවල තිබුන කඩ බක්‌කියක්. වහාම කපුරාළ දෙවියන්ට කන්නලව් කරල කහ වතුර, දෙහි දමලා දෙවි රුව සෝදලා පිරිසිදු කරලා. පස්සෙ අඳුර නැතිවෙලා. අහස වැහෙන්න හිටිය කළු දෙබරු නොපෙනී ගිහින්.ඔයා දැකලා ඇති, ශ්‍රී පාද මළුව පුංචියි. ඒත් කොච්චර වන්දනාකරුවන් ආවත් ඒ කුඩා ඉඩකඩ තුළ දේව හාස්කමකට වගේ ලොකු තදබදයක් ඇති වෙන්නෙ නෑ. ඒකට හේතුව සමන් දෙවියන්ගේ බැල්ම බව විශ්වාසයි.
සමන් දෙවිඳු ශ්‍රී පාද අඩවියේ සුදු ඇත් වාහනයෙන් ඇවිදින බව පැරැණි විශ්වාසයයි. ඒවගේම ශ්‍රී පාද අඩවියේ එක් සීමාවක මහලු වූ හා රෝගී වූ ඇතුන් පැමිණ මිය යන ඇත් සොහොනක් තිබුන බවටත් කියනවා. සිරිපාද වාරය එන විට කොටි, අලි සිරිපාද අඩවියේ කැලෑවල කාටවත් කරදරයක් නොවෙන්න ඉන්නවා කියලා කියනවා.
සිල්මාතාවන්ට වුන අත්දැකීමක් මෙසේය. කීපදෙනෙක් ගිනිගත්හේනට නුදුරු සිල් මාතාවක් තවත් සිල් මාතාවක් සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගිහින්.පිරිස පඩිපෙළ් වාඩි වෙලා මහන්සියට. කකුල් දෙකම ඉදිමිලා තුවාල වලින් දෙපතුල් වැසුන මහල්ලෙක් සිල්මාතාවන් පහු කරල හැරමිටියකින් පඩි නැගලා නායක සිල් මාතාවගේ හිසට අත තියලා සෙත් පතලා. සිල් මාතාවන්ට දැඩි පිළිකුලක් ඇතිවෙලා.
මේ මහලු තුවාලකාරයා කවදා ශ්‍රී පාදය නගින්නද කියලා සිල්මාතාවො පිළිකුලෙන් කතා බහ කරලා. ටික වේලාවකින් නැවතත් ගමන පිටත් වුන සිල් මාතාවරු තවත් සැතපුම් දෙකක් විතර ඉහළට ගිහින් පඩි පෙළේ වාඩි ආයත් මහන්සි ඇරලා… තුවා පිරුණ අර මහලු මිනිසා දෙවැනි වතාවටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තියලා සෙත් පතලා.
රෝගී මහලු මිනිසා මේ ස්ථානයට මෙච්චර ඉක්මනට ආවෙ කොහොමද කියල සිල්මාතාවො පුදුම වෙලා. ආයත් ගමන පටන් ගත්ත සිල් මාතාවරු මහගිරිදඹය ළඟ තුන්වැනි වතාවට නැවත විවේක අරන්. අර මහල්ලා තුන්වැනි වතාවට ඔවුන් පසුකරමින් නායක සිල් මාතාවගේ හිසට අත තියල සෙත් පතලා. ඇය පිළිකුලෙන් මුහුණ පසෙකට හරවාගෙන. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කොහොමද කියලා ඔවුන්ට ප්‍රශ්නයක්.
ශ්‍රී පාදය මුදුනට ගිය සිල් මෑණිවරුන් ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කරලා. නායක සිල් මාතාවගේ මුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත වෙලා.“දරුවා මං උඹට තුන් සැරයක් කතා කළා මතකද?” ඒ හඬ හා ආලෝකය අතුරුදන් වෙලා. නායක සිල් මෑණියොත් ඇගේ පිරිවරත් උතුරා යන භක්තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දීලා.
කට වැරදීම්, අවිනීත හැසිරීම්වලට දඬුවම් ලැබෙනවා. නඩයෙන් වෙන්වෙලා ඉබාගාතේ උමතුවෙන් ඇවිද්දවයි. ඒ දේව දඬුවම් ය. ඒ වගේම ශ්‍රී පාද හිමයේ මංමුලා වැල් පෑගුණු විට දවස් දෙක තුනක් පාර වැරදී සිහිය නැතිව ඇවිදීමට වෙනවා. ශ්‍රීපාද අඩවියේ කැලෑවේ මේ මංමුලා වැල් ඇති බව කියනවා.දැන් ආයත් සිරිපාද වාරය ළඟ ළඟම එනවා. මේ වාරෙත් පිරිසිදු සිතින් සිරිපා වදින්න ගිහින් සිරිපාද බිම අපිරිසිදු නොකර එන්නත් වගබලා ගන්න.
සටහන - අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි