Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
01
ලෝකයේ පැරණිම වෘත්තියට යන ලංකාවේ පිරිමින්ගේ කතාව...සල්ලිකාර නෝනලාගෙනුත් විශාල ඉල්ලුමක්

- ලෝකයේ පැරණිම වෘත්තියට යන ලංකාවේ පිරිමින්ගේ කතාව...සල්ලිකාර නෝනලාගෙනුත් විශාල ඉල්ලුමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
ලොව පැරණිම වෘත්තිය ලෙස සැලකෙන්නේ මුදලට ශරීරය විකිණීම නොහොත් ගණිකා වෘත්තියයි. 

නගර සෝබනියන්, වෛශ්‍යාව, අභිසාරිකාවන්, වෙසඟන සහ ගණිකාව ආදී නම් වලින් හැඳින්වූයේ එම කාන්තාවන්ය. රජ කාලයේ එවැනි කාන්තාවන්ට හිමිවූයේ සුවිශේෂි සැලකිල්ලකි. ඔවුන් සමග ගනුදෙනු කෙරුවේ සමාජයේ ඉහළ පන්තියේ පුද්ගලයින්ය. ඒ අතර රජවරු, ඇමැතිවරු සහ සිටුවරු පවා සිටියහ.

කලක් යද්දී එය වෙනස් වන්නට පටන් ගත්තේය. එවැනි කාන්තාවන්ට සමාජයේ හිමිවූයේ ඉතාම පහත් තත්ත්වයකි. වර්තමානයේ ද එය එලෙසම පවතී. එහෙත් පුදුමයට කරුණ වන්නේ වර්තමානය වන විට කාන්තාවන් පමණක් නොව පිරිමි ගණිකාවන් ද සමාජයේ බහුලව දක්නට ලැබීමයි. විටින් විට අවස්ථා කිහිපයක දී එවැනි පිරිමි ගණිකාවන් පොලිස් අත්අඩංගුවට පවා පත් විය. පසුගිය සතියේ දිනක යළි කොළඹ ප්‍රදේශයෙන් එවැනි පිරිමි ගණිකාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. එම සිද්ධිය සැකවින් මෙසේය.

මලීෂ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. වයස අවුරුදු තිස් තුනකි. ලිංගික සංක්‍රාන්තිකයකු වන ඔහු කොළඹ ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතන කිහිපයක්ම පවත්වා ගෙන ගියේය. ඔහුගේ රූපලාවන්‍යාගාරවලට නිතරම පාහේ පැමිණියේ කොළඹ ඉහළ පැලැන්තියේ විවිධාකාර ගති පැවතුම් ඇති කාන්තාවන්ය. ඒ අනුව මලීෂ කොළඹ ප්‍රදේශයේ විවාහක, අවිවාහක සහ දික්කසාද කාන්තාවන් රැසක් ළඟින් ඇසුරු කළේය. එම ඇසුරු කිරීම හරහා ඔවුන්ගේ අතිශය පෞද්ගලික ප්‍රශ්න පවා ඔහු දැන ගත්තේය.

ලිංගික සංක්‍රාන්තිකයකු වූ මලීෂ මුදල්වලට දැක්වූයේ පුදුමාකාර කෑදරකමකි. කොතරම් මුදල් ඉපයුවත් ඔහු සෑහීමට පත් නොවුණි. එමනිසා ඔහු දිනක් තම මිතුරකු වන චමත් සමඟ මෙලෙස කතාබස් කළහ.

”චමා මගේ හිතේ කලක ඉඳන් පොඩි අයිඩියා එකක් තියෙනවා.”

”ඒ මොකක්ද මලී.”

”තව බිස්නස් එකක් පටන් ගන්න.”

”ඇයි මේ තියෙන ටික මදිද?”

”සේවක පඩි නඩි කුලී ගෙව්වහම ලොකු මුදලක් ඉතුරු වෙන්නේ නැහැ.”

”අනේ මේ බොරු කියන්න එපා. මම දන්නවා කොච්චර සල්ලි තිබුණත් උඹට මදි කියලා.”

”අනේ යනවා යන්න බොරු නොකිය. මම අලූත් බිස්නස් එකක් පටන් ගන්න යන්නේ. මොකද කියන්නේ සෙට් වෙනවද?.”

”මම ඔය සැලූන් ගැන දන්නේ නැහැ ඉතින් කොහොමද සෙට් වෙන්නේ.”

”කවුද සැලූන් පටන් ගන්නවා කිවේ.”

”එහෙනම් කරන්න යන බිස්නස් එක මොකක්ද?”

”කොළඹ 01 ඉඳන් 15 දක්වා ඉන්න සල්ලිකාර නෝනලා හුඟ දෙනෙක් මම අඳුරනවා.”

”ඉතින් එක්කෙනෙක් බඳින්නද හදන්නේ.”

”විහිළු කරන්න එපා. මම ඒවට කැමති නැහැ කියලා දන්නවනේ.”

”එහෙනම්.”

”සල්ලි තිබුණට ඔය නෝනලා ගොඩ දෙනෙක් ඉන්නේ ලොකු ලොකු ප්‍රශ්නවල. ඒව එසේ මෙසේ ප්‍රශ්න නොවෙයි. ගොඩක් නෝනලට තියෙනවා ලිංගික ප්‍රශ්න.”

”ඒ කිව්වේ.”

”සමහර නෝනලාගේ මිනිස්සු අනියම් සම්බන්ධතා පවත්වනවා. තවත් සමහරු නෝනා ළඟට යන්නේ නැහැ අවුරැද්දකට වතාවක්වත්. තවත් අය බේබද්දෝ. තවත් අය බිරිඳව සතුටු කරන්න දන්නෙ නෑහැ. තවත් අය ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන අය. ඔය වගේ නොයෙක් ප්‍රශ්න ඒ නෝනලාට තියෙනවා.”

”මලී උඹ කොහොමද ඕවා හරියටම දන්නේ.”

”ඒ නෝනලා තමයි කියන්නේ.”

”ඇත්තද?”

”ඔව් ඇත්ත තමයි. සමහරු මට කියනවා ලිංගික සම්බන්ධකම් පවත්වන්න හොඳ කෙනෙක්ව හොයල දෙන්න කියලත්. තවත් සමහරු මටත් කතා කරනවා.”

”අනේ බොරු කියන් නැතුව ඉන්න.”

”බොරු නොවෙයි මම ඇත්ත කියන්නේ. ඒ නෝනලා කියන සමහර ප්‍රශ්න ඇහුවොත් උඹට පිස්සු හැදෙයි.”

”උඹ ඕවට කොහොමත් අකමැතියිනේ. මාව සෙට් කරපන් නෝනල දෙන්නෙක් තුන් දෙනෙකුට.”

”හොඳට තියෙයි.”

”ඇයි මගේ මොකක්ද අවුල.”

”එක අවුලක් නෙමෙයි අවුල් ගොඩයි. ඒක නොවෙයි මම දැන් කියන්න හදන්නේ.”

”එහෙනම්.”

”අපේ අලූත් බිස්නස් එක ගැන.”

”මොකක්ද ඒ.”

”අපි මේ වගේ ලිංගික ප්‍රශ්න තියෙන නෝනලාට සල්ලිවලට පිරිමි හොයලා දෙමු.”

”ඔය ඇත්තටමද කියන්නේ.”

”ඔව් ඇත්ත තමයි. මොකද කියන්නේ.”

”වැඬේ නම් හොඳයි කොහොමද පටන් ගන්නේ.”

”ඒ සේරම මම බලා ගන්නම්. උඹට තියෙන්නෙ මේකට කැමති කොල්ලො ටිකක් හොයලා දෙන්න.”

”ඒ ගැන කිසි දේකට බය වෙන්න එපා. මම යක්කු වගේ කොල්ලො ටිකක් හොයලා දෙන්නම්.”

සති කිහිපයක් ගත විය. චමත් ඒ සඳහා සුදුසු තරුණයන් කිහිප දෙනෙකු සොයා ගත්තේය. ඉන් පසු ගිම්හානගේ මූලිකත්වයෙන් කොළඹ නෝනලා සඳහා මුදලට ශරීරය විකුණන පිරිමි ගණිකා ව්‍යාපාරයක් ඔවුන් පටන් ගත්තේය. මාස කිහිපයක් ගත වෙද්දී එයට හොඳ ඉල්ලූමක් තිබුණි. ඒ සමගම ඔහු හොඳ ආදායමක් ද ලැබුවේය. සමහර දිනවල ඉල්ලූමට සැපයුම දිමටත් නොහැකි විය.

සමාජයේ ඉහළ තලයේ මෙන්ම, ඉහළ වෘත්තීන්වල යෙදුණු විවිධ වයස් තලයේ කාන්තාවන් එම පිරිමි ගණිකාවන්ගේ සේවය පතා පැමිණියාය. ඒ අතර පිරිමි ගණිකාවන් දින දෙක තුන ළඟ තබාගැනීමට කැමති කාන්තාවන්ද සිටියේය. එම කාන්තාවන්ගෙන් බහුතරයක් අවුරුදු 50 පසු කළ අය වූහ.

හොර රහසේ පවත්වාගෙන ගිය මෙම පිරිමි ගණිකා ව්‍යාපාරය පිළිබඳ එක්තරා පොලිස් නිලධාරියකුට දැනගන්නට ලැබුණි. ඒ අනුව ඔහු ඒ පිළිබඳව ඉහළ පොලිස් නිලධාරීන් දැනුවත් කළේය. ඉන්පසු එම නිලධාරීන්ගේ උපදෙස්වලට අනුව පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා මුදලට ශරීරය විකුණූ පිරිමි ගණිකාවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත්හ.

මෙමගින් අනාවරණය වන්නේ කාන්තාවන් ද මුදලට පිරිමි ගණිකාවන් සමග යහන් ගතවීමට පෙලඹී ඇති බවයි. ඒ අනුව බලන කල පිරිමින් පමණක් නොව කාන්තාවන් ද අනාචාරයේ හැසිරෙති.
( අන්තර්ජාලය ඇසුරෙන් )
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top