මවක් වෙන්න පෙරුම් පුරන කාන්තාවන් මේ ලෝකේ දහස් ගණන් දෙනා ඇති..
මේ කියන්න යන්නේ අම්මා කෙනෙක් වෙන්න ලැබෙන ඒ අවස්ථාව ගැන කාන්තාවක්ට ගන්න පුළුවන් තීරණයක්..
ඒත් ඒ අතරේ මේ වාසනාව හිමි නොවුණු ගොඩක් දෙනෙක් මේ ගැන කණගාටු වෙන්න පුළුවන්... මේ කතාව ඇහෙන්නේ ප්‍රංශයෙන්.. එරට ගබ්සා කිරීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තහවුරු කිරීමේ යෝජනාවක් ඊයේ ප්‍රංශ සෙනෙට් සභාව අනුමත කර තිබුණා..
ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව විසින් පැවති ඡන්ද විමසීමකදී අදාළ අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ..
එම යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් හිමිව ඇති අතර, ඊට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 50ක් පමණයි... කොහොම වුණත් ප්‍රංශයට මේ පුවත අලුත් දෙයක් නෙවෙයි..
ඒ 1974 වර්ෂයේ සිට ගබ්සාව ප්‍රංශයේ නීත්‍යානුකූලව පැවති නිසායි.. එසේම එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට මෙම යෝජනාව තුළින් සිදුව තිබුණා..