ආදරය කරලා විවාහ වෙන පවුල් ඇතුළේ සමහර වෙලාවට පොඩි පොඩි අඬ දබර වෙන එක හරිම සාධාරණයි..
ඒත් ඒ වගේ පුංචි පුංචි කතා ගෙදර බත් හැලිය ඉදෙනකම් විතරයි කිව්වාට මේ කියන්න යන්නේ ඊට වඩා ගොඩක් දුර ගිය කතාවක්..
මේ කතාව මීට මාස 10 කලින් ඇහුණ කතාව.. කාලයක් එක්ක ඒක යට යයි කියලා විශ්වාස කළත්, මේක කතාවට නම් එහෙම දෙයක් වෙලා නැහැ..
බිරිදගේ හිසට මොට ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර , රිය අනතුරක් සිදුවූ බව පවසමින් රෝහල් ගතකල බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව තිබුණා..
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය , මාරගහදෙනිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවසුවා..
සැකකරු 2023 අප්‍රේල් 10 දා රාත්‍රි සිය බිරිඳ වන එම් බී කසුනි දුලීකා යන 30 හැවිරිදි එක්දරු මව ත්‍රීරෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සදහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර, ඇයගේ තත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු 2023 මැයි මස 7 දා මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ..
ඇයගේ මරණය සැකසහිත බවට පවුලේ සාමාජිකයින් කල පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිළධාරියෙක් පැවසුවා..