මේ දවස්වල හැමෝම කැමතියි විදෙස් රටක පදිංචියට යන්න..
ඒ හීනය වෙනුවෙන් ගොඩක් දෙනෙක් ඕනම දෙයක් කරන්න සූදානමින් තමයි ඉන්නේ..
මේ කියන්න යන්නෙ අන්න ඒ වගේ සිදුවෙච්ච තවත් ජාවාරමක් ගැන කතාවක්.. ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්.. මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ ඇගේ සැමියාලු.. කොහොම වුණත් මේ වෙනකොට රුපියල් ලක්ෂ 30ක මුදලක් මේ වෙද්දී ඔවුන් වංචා කරලා තියනවා.. මේ ඒ ගැන ඇහෙන අලුත්ම කතාව..
කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන ජනප්‍රිය රංගන ශිල්පිනිය සහ ඇයගේ සැමියාට අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිඥ තරිඳු වික්‍රමනායක මහතා මෝසමක් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයක් ගොනු කර තිබුණා..
පොලිස්පතිවරයා මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇතත් 2754/23 චක්‍ර ලේඛනයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ හැක්කේ මිලියන 25 ට වැඩි වංචා පැමිණිලි පමණක් බව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ මහතා ප්‍රකාශ කළ අතර, එසේම මෙම පැමිණිල්ල පරිගණක අපරාධ අංශයට යොමුකර ඇත්තේ ඇයිදැයි සිතාගත නොහැකි බවද අජිත් පතිරණ මහතා පැවැසුවා..
ඒ අනුව අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රයේ විමසීම අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත් අඩංගුවට නොගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට එළඹෙන 6 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පිස්කල්වරයා මාර්ගයෙන් නොතීසි නිකුත් කිරීමටත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා..