ස්නායු සබඳතා සැලකිල්ලට ගනිමින් මොළය සිතියම් ගත කර ලබාගත් දර්ශීය සටහන් පහත වේ.
ඉන් වම් පස සටහනේ තැඹිලි පැහැයෙන් කාන්තා මොළයේ ස්නායුක සබඳතා වඩාත් ශක්තිමත්ව ගොඩනැගී ඇති ආකාරයත් , දකුණු පස සටහනේ නිල් පැහැයෙන් පිරිමි මොළයේ ස්නායුක සබඳතා හොඩනැගී ඇති ආකාරයත් පෙන්නුම් කර ඇත.
ඒ අනුව කාන්තා මොළයේ මස්තිෂ්ක අර්ධගෝල දෙක අතරත්, පිරිමි මොළයේ එකම මස්තිෂ්ක අර්ධගෝලයේ ස්ථාන යාකරමිනුත් වඩාත් තීව්‍ර ස්නායුක සබඳතා ගොඩනැගී ඇති බව පෙනේ.
මෙම සබඳතා ගොඩනැගී ඇති ආකාරය සැලකීමේදී කාන්තා මොළය පිරිමි මොළයට වඩා භාෂා හැකියාවන්,විශ්ලේශනාත්මක හැකියාවන් ආදියෙන් ඉදිරියෙන් සිටී.එසේම මස්තිෂ්ක අර්ධ ගෝල දෙක (සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී නම් වම් මොළය සහ දකුණු මොළය) යා කෙරෙන බැවින් වම් මොළය විශේෂණය වී ඇති තාර්කිකභාවයත්,දකුණු මොළය විශේෂණය වී ඇති කලාත්මකභාවයත් එක්කර ක්‍රියාත්මක වීමේ හැකියාවක් පිරිමින්ට වඩා කාන්තාවන්ට ඇත.ගෙදරදොර ක්‍රියාකාරකම් සහ දරුවන්ගේ වැඩකටයුතු වලදීත් පිරිමියාට සාපේක්ෂව කාන්තාව ඉදිරියෙන් සිටින්නේ එබැවින් විය යුතුය.සියල්ලේ නිසි පදම ගැනීමට කාන්තා මොළයට හැකිය.
නමුත් වේගය,අවකාශය පිළිබඳ අවබෝධය(පාරේ ඇති වාහන,පන්දුවක වේගය ආදී මිමි පිළිබඳ අදහස) සහ ගණිතය සහ සංඛ්‍යා භාවිතය ආශ්‍රිත හැකියාවන් මෙන්ම මාංශ පේශී පාලනය ආශ්‍රිත ක්‍රියාකාරකම් අතින් පිරිමියා ඉදිරියෙන් සිටී.ඒ එකම මස්තිෂ්ක අර්ධගෝලයක් තුල වඩා තියුණු ස්නායුක සබඳතා ගොඩනැගී ඇති බැවිනි.කාන්තාවන්ට මෙන් එක්වර බොහෝදෑ පිළිබඳ මොළය වෙහෙසවිය නොහැකි වුවත් යම් එක් දෙයක් ගත් කල් පිරිමියා ප්‍රවීණයෙකු බව පැවසෙන්නේ ඒ නිසා විය යුතුය.
එසේම කාන්තාවන්ට සාපේක්ෂව රිය පැදවීමේ හැකියාව,සිතියම් කියවීමේ හැකියාව(google map ආදිය වටහාගැනීමේ හැකියාව) සහ ක්‍රීඩාශිලීත්වය අතින්ද පිරිමියා ඉදිරියෙන් සිටින්නේ මොළයේ මෙම සැකැස්ම නිසාය.
මෙම වෙනස වසර ලක්ෂ ගණනක පරිණාමයේදී කාන්තාව දරුවන් සහ ගේදොර බලාගැනීමට හුරු වී සිටි නිසත්, පිරිමියා දඩයම සඳහා හුරු වී සිටි නිසාත් ඇති වූවා විය හැක.
පිරිමින් සහ කාන්තාව 1000කගේ සහභාගීත්වයෙන් කල අධ්‍යයනයකින් පසුව පහත ස්නායුක සිතියම් ගොඩනගා ඇත්තේ පෙන්සිල්වේනියා වෛද්‍ය පීඨයේ මහාචාර්ය රාගිනි වර්මා ඇතුළු පරීක්ෂණ කණ්ඩායමක් විසිනි.