ඇය අපි නොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
හැමදාමත් වගේ කොතන ගියත් මොන දේ කළත් සිනා මුසු මුහුණින් ප්‍රබෝධයෙන් ඉන්න ඇය මේ දවස්වල නම් ඉන්නේ ටිකක් බසුබෑමක ද..?
ඇය ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.. සෙනාලි කියන්නේ ගොඩක් ප්‍රබෝධයෙන් ඉන්න කෙනෙක් කියන එක අපි මුලදිත් කිව්වා නේ..
ඒත් පසුගිය දවස්වල ඇගේ ජීවිතයේ ලොකුම අහිමිවීම මේ වෙනකොට ඇය දරාගෙන ඉන්නවා.. ඉතින් ඒ දුක කණගාටුව එක්ක කරන කියන දේවල් ගැන ඇයත් ඉන්නවා ඇත්තේ දෙගිඩියාවකින් ..
ඒත් ඉතින් ජීවිතේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඇය තවමත් පරක්කු වැඩි නෑ කියලා ඇයටම හිතෙනවා ඇති ඒකයි දරාගැනීම් දහසක් මැද ඇය දැන් හෙමින් ඇගේ ගමන යන්නේ..
"මට නැඟිටලා මගේ ඉලක්කවලට යන්න හිතෙන්නේ නැති දවස් තියෙනවා, නමුත් මම මටම මතක් කරනවා එක දවසක හරි, ඔයාට ඔයාගේ ලෝකේ රැජිනක් වගේ ඉන්න පුළුවන් කියන එක.. මට වැදගත් දේ තමයි ඒක. ඉතින් මේ ගමන මම දිගටම යනවා"
