දරුවන් ටියුෂන් යවන්න අම්මලා තාත්තලා ගොඩක් මහන්සි වෙන්නේ අතේ මිටේ මුදල් ගැවසෙන නිසා නෙවෙයිනේ..
තමන්ගේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න..
ඒත් එහෙම පන්ති යවනවා නම් දැන් අම්මලා තාත්තලාට ඒ ගැනත් දෙපාරක් හිතන්න වේවි.. සමහර විට ඔයාගේ දරුවා ළඟ නොතිබුණ පුරුදු මේ වගේ පන්තිවලට යද්දී ඇති වෙන්නත් පුළුවන්..
හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 90 ක් සන්තකයේ තබාගෙන සිටි ජනප්‍රිය පාසැල් ගුරුවරයෙකු එම හෙරොයින මත්කුඩුත් සමග හලාවත කොට්ඨාශ විෂමත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...
පුත්තලම – හලාවත පාරේ ලුණුඔය පාලම අසලදි ඊයේ 27 දා දහවල් හෙරොයින් මත්කුඩුත් සමග මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ දෙමළ පාසැලක උගන්වන ගුරුවරයෙක් බවයි අනාවරණය වී ඇත්තේ...
මෙම පුද්ගලයා උඩප්පුව කොට්ඨාශ අංක 03 ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් වැඩිදුර විමර්ශණවලදි හෙළි වී ඇති අතර සැකකාර ගුරුවරයා සන්තකයේ තිබි පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්කුඩුත් සමග ඔහු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබෙනවා..