මේ දිනවල ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කතාබහ වෙනවා.
එහෙම කතා බහට ලක් වෙන ශ්‍රී ලංකන් ගුවන් යානා ගැන කටුනායක ගුවන් තොටුපල පැත්තෙන් ඇසෙන තවත් කතාවක් මේ.
ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගුවන් ගමන්වාර 3ක් අද උදෑසනද මුළුමනින්ම අවලංගු කළ බවට ආරංචි වෙනවා.
ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ දැක්වුණේ කටුනායක සිට අද අළුයම 12. 25ට මලයාසියාවේ ක්වාලම්පූර් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ එම්. එච්. 178 දරණ යානයත් ඉන්දියාවේ හයිද්‍රාබාද් දක්වා උදෑසන 7.25ට පිටත් වීමට නියමිතව තිබූ යූ එල් 177 දරණ යානයත් මෙලෙස අවලංගු කර ඇති බවයි.
එමෙන්ම නේපාලයේ කත්මණ්ඩු දක්වා උදෑසන 8.55ට පියාසර කිරීමට නියමිතව තිබූ යූ එල් 181 දරණ යානයද අවලංගු කර තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේත් ගුවන් ගමන් වාර 7ක් අවලංගු කරනු ලැබූ අතර මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි.
එමෙන්ම දිගින් දිගටම පැවති ගුවන් ගමන් ප්‍රමාදය හේතුවෙන් ඊයේ කටුනායක ගුවන් තොටුපළ පාළු ස්වාභාවයක් ගෙන තිබුණා. මෙම ප්‍රමාදයන් හේතුවෙන් වන්දනා චාරිකාවක නිරත වූ මෙරට ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් ද තායිලන්තයේ අපහසුතාවයට පත්ව සිටිනවා.
කෙසේ වෙතත් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය කියා සිටියේ ගුවන් යානා ප්‍රමාදවීම ඇතුළුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ගැටලුකාරී තත්ත්වය නිරවුල් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි.