විවාහ උත්සවයක් කරනවා කියන්නේ මේ දිනවල අපේ රටේ තරුණ තරුණියන්ට තරමක සිහිනයක්.
මොකද පවතින ආර්ථික තත්වයත් එක්ක වෙඩින් එකක් ගන්නවා කියන්නේ විශාල වියදමක් දරන්න වෙන වැඩක් නිසා.
කොහොම වුණත් මේ කියන්න යන්නේ අල්ලපු රටේ ලොකුම ධනවතාගේ බාල පුතාගේ විවාහ උත්සවය ගැන.
ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන 28 හැවිරිදි ආනන්ද් අම්බානිගේ සහ ඉන්දියාවේ ප්‍රකට ඖෂධ සමාගමක හිමිකරු වන විරේන් මර්චන්ට්ගේ දියණිය 29 හැවිරිදි රාධිකා මර්චන්ට් යුවළ පසුගිය 2022 වසරේ දෙසැම්බරයේදී විවාහ ගිවිස ගත් අතර, විවාහ උත්සවය නිල වශයෙන් ඉතාමත් උත්සවාකාරයෙන් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් බවයි සඳහන් වෙන්නේ.
දින තුනක් තිස්සේ පැවැත්වීමට නියමිත මෙම උත්සවයට බිල් ගේට්ස්, මාක් සකර්බර්ග් ඇතුළු ලොව අංක එකේ ධනවතුන් ද ආරාධනා ලබා ඇති බවට සඳහන්.