කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දිනය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ පවතින උණුසුම් කාලගුණය සම්බන්ධයෙන්.
ඒ අනුව වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ශරීරයට දැනෙන මට්ටමක පවතින බවත් ඒ පිළිබඳව නිරතුරු අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.
එමෙන්ම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව නිරතුරු අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
තවදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටියේ සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසයි.