Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
27
"සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්නකෝ" - සිරිපාදේ යද්දී කට වරද්ද ගන්න එපා කියලා පැරැන්නෝ කිවේ කට කහනවට නෙවෙයි...සිරිපාදේ ගිය නඩයකට වුණ දේ...

- "සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්නකෝ" - සිරිපාදේ යද්දී කට වරද්ද ගන්න එපා කියලා පැරැන්නෝ කිවේ කට කහනවට නෙවෙයි...සිරිපාදේ ගිය නඩයකට වුණ දේ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. 

එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි.

ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය. එවන් සිරිපා හිමේ සැඟවුණු අපූරු කතා කිහිපයක් අපි මෙසේ ඔබ වෙත තිලිණ කරන්නෙමු.

කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා.

දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.

වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට පදුර බිදින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.

තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම පරදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවූ බව ඒ අතීතය මතක තිබූ කිහිප දෙනෙක්ම පැවසූහ. ඉර අවරට යන්නට කලින් ගමෙන් පිටත් වන පිරිස රාතරිය පුරාම ගමන් කරන්නේ සිරිපා අඩවියෙනි.

ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාතරි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය.

මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාතරියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය.

මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය. සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බිදින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ. ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ. එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ.

එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි. මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය.

කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති. ගලගම වෙළහාමි මහතා ද මේ ගම්වල සිරිපා නඩවල ගුරුන්නාන්සේ කෙනෙක් ලෙස කටයුතු කළ අයෙකි. වලකඩවල ගමේ පදිංචි හැත්තෑපස් හැවිරිදි එච්.ඒ. පේරමරත්න මහතා එවැනි මතකයන් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි.

සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල පරදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි.

සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු පරතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.

අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල පරදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය පරදේශයේ පැරැණියන් අතර විශ්වාසයක් පවතී. එමෙන්ම රත්නපුර පැරණි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැද සිරිපා වදින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාතරි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාතිර කාලයට නොයන බව ද කියති.

තවත් එක් කතාවකට අනුව ගිනිගත්හේනට නුදුරු සිල්මාතාවක් තවත් සිල්මාතාවන් සමඟ ශ්රී පාද වන් දනාවේ ගියාය. වෙහෙසට පත්වූ ඔවුහු පියගැටපෙලේ මඳක වාඩි වී ගිමන් හැරියාහ. දෙපා ඉදිමී තුවාල වලින් දෙකකුල් වැසී ගිය මහල්ලෙක් අවුත් සිල්මාතාවන් පසුකර හැරමිටියක ආධාරයෙන් පියගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. සිල් මාතාවට ඇතිවූයේ දැඩි පිළිකුලකි. මේ මහළු තුවාල කරු කවදා කෙසේ ශ්රී පාදය නඟින්නදැයි සියල්ලෝම කතාබහ කළහ. ටික වේලාවකින් නැවතත් ගමන පටන් ගත් සිල්මාතාවරු තවත් සැතපුම් 2ක් පමණ ඉහළට ගොස් පියගැටපෙළේ වාඩිවී ගිමන් හරින්නට වූහ.

තුවාල පිරී ගිය කකුල් ඉදිමුණු අර මහළු මිනිසා දෙවැනි වරටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. රෝගී මහළු මිනිසා මෙම ස්ථානයට පැමිණි හැටි ඔවුනට පුදුමයක් විය. විවේකය නිමාකොට නැවත ගමන ඇරඹූ සිල්මාතාවරු මහගිරිදඹය අසළ තුන්වැනි වරටත් නැවතී විවේක ගැනීමට වූහ. පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා 3න් වන වරටත් ඔවුන්ව පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය. ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කෙසේදැයි ඔවුනට ගැටලුවක් විය. ශ්රී පාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරු ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. පුදුමයකි, නායක සිල් මාතාවගේ මුහුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත විය.

”දරුවා, මං උඹට තුන්සැරයක් කතා කළා. මතකද?” ඒ හඬ හා ආලෝකය අතුරුදන් විය. නායක සිල් මාතාව සහ ඇගේ පිරිවර උතුරා යන භක්තියෙන් ශ්රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.

ගිලීමලේ චන්ද්රාලෝක නායක හිමියන් මවුබිම පුවත්පතට මෙසේ ප්රකාශ කර තිබුනි.

මොනවද ඔය මළුවේ ඉද්දි එහෙම දැකලා අහලා තියෙන්නේ…හේවිසි හඬ නම් ඇහෙනවා. පිරිත් කියනවා ඇහෙනවා. තව ඉතින් දේවතා එළි එනවා දැකලා තියෙනවා.

රාත්රියට තමයි ගොඩාක් එහෙම ඒවා පේන්නේ. ඇහෙන්නේ. මහත්තයාට කියන්න ඝණ්ටාරය ගහනවා ඇහෙනවා. ගිහින් බැලුවාම කවුරුත් නෑ. රෑ නවයෙන් පස්සේ වගේ තමයි ගොඩාක් ඒ වගේ අමුතු දේවල් වෙන්නේ.

උඩ මළුවටම යනවද… නෑ. මළුවේ පත්මේ ගාවට යන්නේ නෑ. වට රවුමේ යනවා. උඩටම නඟින්නේ නෑ. තාප්පෙන් මෙහා. තව එනවා මහත්තයා පිච්ච මල් සුවඳක්. කොහෙන් එනවද දන්නේ නෑ. දවල්ටත් ඒක නම් එනවා. අපි උඩට ගිහින් බැලුවට හඳුන්කූරුවත් පත්තු කරලද කියලා. එහෙම නෑ. කවුරු පත්තු කරන්නද? හරි පුදුමයි. එක එක පැත්තට සුවඳ වෙනයි.
කීයට විතරද එහෙම සුවඳ එන්නේ…
උදේට හවසට තමයි වැඩියෙන් එන්නේ.
පුවත්පත් ලිපි ඇසුරෙනි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top