මේ කියන්න යන කාරණය ගැන නම් අනිවාර්යයෙන්ම දෙපරක් හිතන්නම ඕන..
අපි කවුරු වුණත් කන්න කැමති සෞඛ්‍ය ආරක්ෂිත පිරිසිදු කෑමවේලක්..
ඒත් ඉතින් සමහර කඩවලට නම් කෑම හදනාවා කියන එක බිස්නස් එකක්ම විතරයි.. මිනිස්සුන්ට රසට ගුණට ආහාර වේලක් හදන එකට වඩා ලාබෙට ලේසියට වැඩ කරන එක දැන් සාමාන්‍ය සිරිත වෙලා..
කොහොම වුණත් දැන් හදිසි බඩගින්නටවත් එළියෙන් කන එක මේ වගේ වැඩ නිසා නවත්තන්න ඕන කියලා මේ කතාව ඇහුවාම ඔයාටම හිතේවි..
මේ බලන්නකෝ ඒ කතාව..
"හදිස්සියේ කන්න කඩයක නැවැත්තුවා පන්නිපිටියේ...
කෑම ගේන අතරතුර පැත්තක තැම්බෙන අල වල අමුත්තක් දැකලා බැලුවාම ප්ලාස්ටික් බෑග් එකකුත් අල එක්කම තැම්බෙනවා යමරෙට. දැනුවත් කරන්න හිතාගෙන කඩේ එකාට කිව්වම ඌ කියනව " නෑ නෑ සර් ඒ බෑග් එකේ තියෙන්නෙ බිත්තර. දෙකම එකට තැම්බුවම ලේසී" කියල.
පැත්තකින් රේඩියෝවේ ප්ලේ වෙනවා....
"මගේ රටට දළදා හිමි සරණයි..." කියල.
- සාදු සාදු..."
සටහන මුහුණුපොතෙන්..