උදව් උපකාර ඕන වෙලාවට අපි කාට වුණත් පිහිටට ඉන්න කිසිම කෙනෙක් නිකමටවත් අමතක කරන්න හොඳ නෑ කියලා කීමටත් කියනවානේ..
උදව්වක් නිසා දුර ගිය කතාවක් ගැන තමයි මේ කියන්න යන්නේ..
ඔහු තම ගම් ප්‍රදේශයේ පමණක් නොව අවට ගම්වලද ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වූයේ ඔහු තුළ තිබුණු සංවිධාන හැකියාවත්, චතුර කථිකත්වය හා ලිවීමේ හැකියාවත් නිසායි... මේ නිසාම ඔහුට විවිධ සමිති සමාගම්වල ඉහළම තනතුරු ලබාගැනීමේ භාග්‍යය උදාවුණා..
එපමණක් නොව එම ප්‍රදේශයේ මංගල මෙන්ම අවමංගල උත්සවයක් හෝ දානමය පින්කමක් සිදුවුවහොත් එහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේද ඔහු විසින්... ලිවීමේ හසල හැකියාවක් ඇති බැවින් කෙනකුහට විවිධ අවස්ථාවල අවශ්‍ය වන ලියවිලි පවා සකසා ගැනීමට පවාගියේ ඔහු හමුවීමටයි...
මේ හේතුවෙන් යම් අවස්ථාවල ඔහුගේ බොහෝ පෞද්ගලික කාර්යයන් මෙන්ම ගමන් බිමන් ද අතපසු වුණා... ඔහු විවාහක පුද්ගලයකු වූ අතර, බිරිඳ තරමක් ලෝභ කතක් වුයෙන් ඇය තම සැමියාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව නුරුස්සන ගතියකින් පසුවුණා.. දිනක් ඇය තම සැමියාට පවසා සිටියේ, ‘මේ කාලයේ හැටියට ඕව නිකන් කරන්න එපා...
අපටත් අමාරුයි කියා එන අයට අඟවන්න ඕන... ඒ අයගේ හිත නොරිදෙන පරිදි වැඩ කරන්න ඕන හැටි මම කියල දෙන්නම්’ යනුවෙනි...
ඊට දින කිහිපයකට පසුව ලිපියක්ද රැගෙන පුද්ගලයකු ඈතින් පැමිණෙනු දුටු ඔහු තම කමිසය ඇඳගනිමින් නිවෙසින් එළියට බසින විටම පැමිණි පුද්ගලයා පවසා සිටියේ තමාට සිදුවූ අසාධාරණයක් පිළිබඳව අභියාචනයක් ලියාගැනීමට අවශ්‍ය බවයි..
“අනේ ගෙදර සීනි ඉවර වෙලා. මම කඩයට ගිහින් ඉක්මනට සීනි අරගෙන එන්නම් ටිකක් ඉන්න යනුවෙන් පවසන විටම පැමිණි පුද්ගලයා “නෑ මහත්තය මේ වැඩේ කරන්න, මම කඩයට ගිහින් එන්නම්’ කියමින් යන්නට ගියේ මුදල් දීමටත් පෙරයි...
මෙය දුටු බිරිඳ සිනාසිසී ගෙතුළට ගියේ තම උපක්‍රමය සාර්ථක වූ බව සැමියාට අඟවමින්...
කඩයට ගිය පුද්ගලයා සීනිද තව යමක්ද රැගෙන පැමිණෙන විට අභියාචනය ලියා ලියුම් කවරයකද දමා තිබූ බැවින් එය රැගෙන යන්නට ගියේ මුදල්ද නොගෙන ඔහුට ස්තුති කරමින්.. දැනුදු මෙලෙස තම නිවෙසට අවශ්‍ය බිස්කට්, පොල්තෙල්, තේ කොළ ආදී දේ තමා හමුවට එන අය ලවා ගෙන්වා ගන්නේ කිසිදු මුදලක් වැය නොකරමින්..
එමෙන්ම ඔහු මූලිකත්වය ගෙන කටයුතු කරන කටයුතුවලදී ඔහුගේ කොටස නිවෙසටම ගෙනත්දීමට එම අය කටයුතු කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපය බොහෝ අය දන්නා බැවින්..