මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ඇයි..? ඇත්තටම මෙහෙම වැඩ කරන එකේ අවසාන පරමාර්ථය මොකද්ද..?
අද උදෑසන වැල්ලවත්තෙන් අහන්න ලැබුණ ඇඟ කිලිපොළා යන මේ සිද්ධියේ ඇත්ත නැත්ත මෙන්න..
මේ සිද්ධිය සිදුවෙනකොට හරියටම පාන්දර 5.30ට විතර ඇති.. මෙහෙම වෙඩි තැබීම් අද හරි සාමාන්‍ය දෙයක් වෙලා.. එහෙම කියවෙන්නේ ගෙවුණු පැය 48 තුළ දිවයිනෙන් වාර්තා වුණ 3 වන වෙඩි තැබීම මෙය වෙන නිසායි..
වැල්ලවත්ත - රාමක්‍රිෂ්ණා මාවතේ පිහිටි හෝටලයකට අද (26) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර හෝටලයේ දේපළවලට හානි සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.