Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් සහ විධායක සභා රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

අද (11) පස්වරු 4ට පමණ හිටපු ජනාධිපතිවරයා මෙම රැස්වීමට සහභාගිවීම සඳහා පක්ෂ මූලස්ථානය වෙත පැමිණියා. එම අවස්ථාව වන විටත් විශාල ආධාරකරුවන් පිරිසක් ඩාර්ලි පාරේ නිදහස් පක්ෂ මූලස්ථානය අවට රැදී සිටි බවයි වාර්තාවුනේ.

views23,385 Views
comment

හිටපු අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, පියසේන ගමගේ, ෆයිසර් මුස්තාපා, එස්.බී. නාවින්න, රෙජිනෝල්ඩ් කුරේ, විජිත් විජයමුණි සොයිසා, ජගත් පුෂ්පකුමාර, ජනක බණ්ඩාර, සහ අතාවුද සෙනෙවිරත්න සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කොළඹ - විජයරාම මාවතේ පිහිටි නිවසේ මාධ්‍ය හමුවක් පවත්වනවා.

views33,958 Views
comment

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසු විවිධ ප්‍රදේශවල කැවුම්, කිරිබත් ආදියෙන් සංග්‍රහ කරමින් ජයග්‍රහණය සැමරීමකට කටයුතු කර තිබුණා.

මේ අතර අපූරු ආකාරයකට එය සමරන්නට ගාල්ලේ පිරිසක් කටයුතු යොදා තිබුණා. ඒ ආප්ප දන්සැලක් පවත්වමිනුයි. ඔවුන් එහිදි ‘‘රට ජාතිය බේරාගත් ප්‍රධාන ආහාරය ආප්ප‘‘ ලෙස සඳහන් කරමින් පෝස්ටරයක්ද ප්‍රදර්ශනය කොට තිබුණා.

views14,367 Views
comment
පශ්චාත් මැතිවරණ සමයෙහිලා ගැනෙන (09) සහ (10) දිනයේ යාපනය ඇතුළු උතුරු පළාතේ හමුදා කදවුරු කිහිපයකට කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවටත්, විවිධාකාර පිපිරීම් හඩ ඇසුණු බවටත් අසත්‍ය නොමග යවන සුළු ප්‍රචාරයක් පැතිර ගොස් ඇති බව රාජ්‍ය ආරක්ෂාව පිළිබද මාධ්‍ය කේන්ද්‍රය ප්‍රකාශ කළා.

තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ධජය යාපනයේ ඔසවා ඇති බවටත් එලෙස ප්‍රචාරය වී තිබෙනවා.

views54,219 Views
comment
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ වනවිට මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයට පැමිණ සිටිනවා.

views20,134 Views
comment
හිටපු ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනකු ඊයේ (10) පස්වරුවේ අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

views25,789 Views
comment
තව දවස් දෙකකින් ඉතාලියට පැනීමට යන බස්නාහිර පළාතේ සන්දාන දේශපාලඥයෙකු පිළිබඳ ආරක්ෂක අංශ ප්‍රකාශ කරන බවට වාර්තා වේ.

views10,511 Views
comment
ජනාධිපතිවරණ පරාජය ආසන්නවත්ම ආරක්ෂක අංශය යොදවා නැතිවූ පරාජය ආපස්සට හැරවීමේ වැඩපිළිවෙලක් ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ක්‍රියාත්මක කල බවට හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා පසුගියදා චෝදනා කළේය.

රට ලේ විලක් වීමට ගිය අනතුර නිර්භීතව මැඬපැවැත්වූ මැතිවරණ කොමසාරිස්තුමන්ට හා පොලිස්පතිතුමන්ට ගෞරවනීය ස්තුතිය පුද කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

views63,033 Views
comment
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (11) අලූයම විදේශගත වී තිබෙනවා.

අද අලූයම 2.55 ට එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 349 ගුවන් යානයෙන් හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ඩුබායි බලා නික්මුණු බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

views16,007 Views
comment
මේ වන විට අන්තර්ජාලය පුරා පත්කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලය 25කින් යුත් නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකුගෙන් යුත් විවිධ ලැයිස්තු හුවමාරු වෙමින් පවතිනවා. එම ලැයිස්තු අපවෙතද ලැබී ඇති නමුත් එය පළනොකරන්නේ එය නිළ නොලත් වාර්තාවක් නිසාත් පාඨකයන් නොමඟ යැවීම කිසිසේත් අප බලාපොරොත්තු නොවන නිසාත්ය.
 
views81,968 Views
comment
නව ජනාධිපති ලෙස තෙරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟින් ඉරිදා මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී ජාතිය ඇමතීමට නියමිතව තිබෙන බවට වාර්තා වේ.

views8,302 Views
comment
views8,668 Views
comment
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඊයේ (09) දිවයින පුරා විවිධ සැමරුම් පැවැත් විය.

 කැවුම් කිරිබත් මෙන්ම වීදි පුරා මල්වෙඩි සංදර්ශන පවත්වමින් ගී ගයනා කරමින් බොහෝ පිරිසක් මෙයට එකතු විය.

views12,107 Views
comment
දේශපාලන ඝාතනයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දා රත්නපුර - කහවත්ත ප්‍රදේශයේ දේශපාලන රැස්වීමකට අදාළ සැරසිලි කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සදහන් කළා. මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූයේ කහවත්ත - වැල්අඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්.

views7,392 Views
comment
මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඞ් කබ්රාල් ඊයේ (09) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ පිළිබඳ සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (09) සවස භාර දුන් බවයි.

ශ්‍රී ලංකාවේ 12 වන මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු මූල්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

views7,714 Views
comment
[1]      «      887   |   888   |   889      »      [1082]



Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  381 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,464 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,385 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,176 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,159 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,214 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,852 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,702 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,712 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,653 Downloads



Top 10 Commenters

Latest Comments

Top