Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

views10,874 Views
comment

ලොව රටවල දත්ත සොරාගත හැකි දියුණු තාක්ෂණය භාවිතා කර නිපදවූ පරිගණක මෘදුකාංගයක් පිළිබඳ තොරතුරු සයිමැන්ටෙක් නැමති පරිගණක ආරක්ෂණ සමාගම හෙළි කරගෙන තිබෙනවා. ඔවුන් මෙම පරිගණක මෘදුකාංගය නම්කර ඇත්තේ රෙජින් ලෙසයි.

මෙම පරිගණක මෘදුකාංගයට පරිගණකයකින් මකා දමන ලද තොරතුරු මෙන්ම ඒවාට යොදන  රහස්‍ය අංක ඇතුලූ තොරතුරු රැසක් සොයාගැනීමේ හැකියාව පවතිනවා. සයිමැන්ටෙක් ආයතනය පවසන්නේ මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ පුද්ගලයෙකු නොව කිසියම් බලගතු රටක් බවයි.

views6,181 Views
comment

බ්‍රිතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇති පරිදි මළපහ යොදාගෙන ජංගම දුරකථන බැටරි ආරෝපණය කරවිය හැකියයි ඔවුන් පවසයි.  සත්ත්ව මෙන්ම මිනිස් මළපහ මේ සඳහා යොදාගෙන ඇති බවට ඔවුන් පවසන අතර කාලයක් පුරාවට පර්යේෂණ කරමින් මේ ලෙස බැටරි චාර්ජ් කිරීමට ඔවුන් උත්සාහ කර ඇති බවයි පැවසෙන්නේ.

මළපහ වල සිටින බැක්ටීරියාවන් නිර්වායු බැක්ටීරියා ලෙස හඳුන්වයි.  ඒවා ස්වසනය සදහා ඔක්සිජන් භාවිතා කිරීමක් සිදුනොකරන අතරම වෙනස්ම ආකාරයකට ස්වසනය කරන මෙම බැක්ටීරියා එසේ ස්වසනය කරන විට ඉලෙක්ට්‍රෝන ධාරාවක් උපදින බව සොයාගෙන ඇත. එලෙස ලැබෙන ධාරාවන් එකතු කර බැටරි ආරෝපණය සදහා යොදාගැනීමට පර්යේෂකයන් කටයුතු කොට ඇත.

views4,948 Views
comment
ලොව මෙතෙක් නිෂ්පාදනය වූ විශාලම නැව පසුගිය දිනෙක දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ වරායක් බලා පිටත්වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  මෙය ලොව නිෂ්පාදනය වූ විශාලතම බහුකාර්ය නෞකාව ලෙසයි ඔවුන් නම් කරන්නේ.

මේ නැවේ දිග අඩි 1253ක් වන අතර පළල අඩි 405 කි. ටොන් 48,000ක බරක් දරාගෙන සිටීමේ හැකියාව ඇති මෙම නැව  පීටර් ෂෙල්ටේ ලෙස නම් කර ඇත.

views29,087 Views
comment
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වන මේනකා පීරිස් යුග දිවියට පිවිසෙන්නට සූදානම් වී සිටින බවට හිරු ගොසිප් අප මීට සති කීපයකට පෙර ඔබවෙත ගෙන ආවා. ඇයගේ අතගත් කුමාරයා වූයේ නෝර්වේහි ජීවත්වන සහකාර මහාචාර්යවරයෙක් වන අමර්.

මේනකා සහ අමර්ගේ ආදරය පටන් අරන් තියෙන්නේ යෝජනාවක් මඟින්. ඒ වගේම අමර්ව මේනකාට හඳුන්වලා දීලා තියෙන්නෙත් එයාගේ අම්මා. මේනකාගේ මේ ආදර අන්දරයට තවම මාස 9යි. අමර් එක්ක කතාබහ කරලා මාසයකින් වගේ තමයි මේ දෙන්නාගේ විවාහය ගැන තීරණය අරන් තියෙන්නේ.

views15,731 Views
comment
ඇමරිකාවේ පොලිස් නිලධාරීන් 12 හැවිරිදි දරුවෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එම දරුවා ක්ලීව්ලන්ඩ් නගරයේ පිස්තෝලයක් අතැතිව පුද්ගලයින් බිය වද්දමින් ගමන් කර ඇති බවයි.  පසුව ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.

views5,962 Views
comment
කොට්ටාව - මෙත්තාරාම පාර ප්‍රදේශයේදී පිහිඇනුමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදි කොට්ටාව ප්‍රදේශයේම පදිංචි තරුණියක් බවයි පොලිසිය පවසන්නේ.

views15,991 Views
comment
බණ්ඩාරවෙල නගරයේදී සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ දබරයකින් එක් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරවෙල ජනප්‍රිය පාසල් දෙකක සිසුන් දෙදෙනෙක් දින කිහිපයකට පෙර මෙලෙස දබර කරගෙන තිබෙනවා.

ඔවුන් මෙම දබරයට පැටලී ඇත්තේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදියි. අප වාර්තාකරු පැවසුවේ එහිදී එක් සිසුවෙක් තම සාක්කුවෙන් ඇද ගන්නා තියුණු ආයුධයකින් අනෙක් සිසුවාට පහර දී ඇති බවයි.

views41,022 Views
comment
ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන් අද පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views11,051 Views
comment
පසුගිය 19 වනදා උදෑසන සිට රාජගිරිය - හේවාවිතාරණ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ වැඩිමහල් සොහොයුරා කොට්ටාව පොලීසියට පැමිණිලි කර තිබුණා.  46 හැවිරිදි විදුහල්පතිවරයා මීට වසර එකහමාරකට පෙර එම විද්‍යාලයට පැමිණ තිබුණේ  බදුල්ල ප්‍රදේශයේ විද්‍යාලයකින් ස්ථාන මාරුවක්  ලබාගෙනයි.

කෙසේ නමුත් පාසලේ තාක්ෂණ පීඨය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබී ඇති අතර කොට්ටාව - මාලපල්ල ප්‍රදේශයේ පදිංචි පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ නිවසට මෙම විදුහල්පතිවරයා උදෑසන 6 යි 40 ට පමණ ගොස් ඇති බව සඳහන් වුනා.

views7,113 Views
comment
මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන නැගී එන නිළියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. අලුත් මුහුණුවරකින් රංගන ක්‍ෂේත්‍රයට පැමිණි ඇය පසුගිය දවසක පුවත්පතක් සමඟ කල සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ රඟපෑම ගොඩාක් අමාරු කාර්යක් කියලයි. මොකද පියුමි රඟපාන්න කලින් නිරූපිකාවක්. ගොඩදෙනෙක් පියුමිව හඳුනාගත්තේ නිරූපණ ක්‍ෂේත්‍රයෙන්.

රඟපෑම නිසා තමන් වැඩියෙන්ම ආසා කරන නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙයිද කියන ප්‍රශ්න පියුමිගෙන් ඇහුවම ඇයනම් කියන්නේ ඒ විදියේ තීරණයක් ගන්නේ නැහැ කියලා. කොහොම වුනත් අහම්බෙන් වගේ රංගන ක්‍ෂේත්‍රයට ආව පියුමි මේ වෙනකොට විවාහකයි. ඇයට අවුරුදු 4ක පුතෙකුත් ඉන්නවා.

views33,182 Views
comment
චීනයේ රෝහලකට පැමිණි 27 හැවිරිදි පුද්ගලයෙක් එහි සිටි පුද්ගලයින් 7 දෙනෙකු ඝාතනය කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මානසික ආබාධක් සහිත මෙ‍ම පුද්ගලයා අතින් ඝාතනය වූවන් අතර රෝහලේ ප්‍රධාන පාලකයාද වේ. එමෙන්ම ඔහුගේ ප්‍රහාර හමුවේ රෝහලේ හෙදියන් 6ක්ද මියගොස් ඇත.

views12,220 Views
comment
සිළුමිණ පුවත්පතෙන් සිළුමිණ පුවත්පතෙන් දේශය පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිරි පුවත්පතෙන්
views14,061 Views
comment
ආදරේට හාදුවක් තරම්, ලෝකෙම නෑ උතුම් වෙන දෙයක් කියලා තමයි දන්න කාලේ ඉඳන්ම කියන්නේ. ඒත් දැන් ඒ කතාව වෙනස් වෙලාලු. ඒ කියන්නේ හාදු දෙන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි කියලයි නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් අනාවරණය කරලා තියෙන්නේ.

ඔවුන් ප්‍රකාශ කරන විදියට පුද්ගලයන් දෙදෙනෙකු මුවට මුව තබා තත්පර 10ක සිප ගැනීමක් සිදුකරද්දී බැක්ටීරියා මිලියන 80ක් විතර හුවමාරු වෙනවලු.

views34,610 Views
comment
පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කිරීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය පළ කළ බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගැටුම්කාරී තත්ත්වයන් ද වාර්තා වූ බවයි පොලීසිය කියා සිටියේ.

views9,196 Views
comment
[1]      «      510   |   511   |   512      »      [678]



Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  519 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,486 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,650 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,135 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,076 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,764 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,237 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,925 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,759 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top