Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

"එයාව රෝහලට රැගෙන යන්න උස්සද්දී එයා මට මොනවා හරි කියන්න උත්සහ කළා.."

"මට මේ දෙන්නා නැතුව ජිවත් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැහැ.."

පාස්කු ඉරිදා දින පිපිරුම් කිහිපයකින් ජිවිත හානි බොහොමයක් සිදු වුනා. කටාන දේවස්ථානයට ආ බොහෝ දෙනෙකුට පාස්කු ඉරිදා දින එම ඉරණමමයි අත්වුණේ. සුරේෂ් කොලනි කියන්නෙත් ආගමට ලැදි කෙනෙක්. ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල ව්‍යාපාර කටයුතු කළ පුද්ගලයෙක්. ඔහුගේ ආදරණිය බිරිද වගේම එකම දියණිය ඔහුට අද අහිමි වෙලා. ඔහු ඒ ගැන කම්පනයට පත්ව සිටිනවා. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙමයි.
views32,151 Views
comment

ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෑත යුගයේ ආසියාකරයෙන් වාර්තා වූ දරුණුතම ප්‍රහාරය වුණා.

මේ වන විට පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, රටක් මුහුණු දුන් එම දරුණුතම ඛේදවාචකය සමඟ මුහුණු පොතේ සංවේදී සටහන් බොහෝමයක් අපට හමුවුණා.

මේ ඒ අතරින් කිහිපයක්...
views29,906 Views
comment

මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු අද මුදාහරිනු ලැබුවා.

එහිදී මාධ්‍යවේදීන් ගායන ශිල්පි අමල් පෙරේරාගෙන් ප්‍රශ්න කළද ඔහු පැවසුවේ ඉදිරියේදී තමන් මේ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වන බවයි.
views16,210 Views
comment
කටාන - තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැර තිබෙනවා. 

කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය පුපුරුවා හැරි බවයි.
views10,049 Views
comment
වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාව අසල නවතා තිබූ සැකකටයුතු යතුරුපැදියක් අද උදෑසන ආරක්ෂක විසින් පරීක්ෂාකළා .

යතුරුපැදිය පරීක්ෂාකරන අතර එහි ආසනය විවෘත කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් යම් පිපිරීමක් සිදුකර තිබෙනවා.

පොලිස් මාධ්‍යප්‍රකාෂක කාර්යාලය පැවසුවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම යතුරුපැදිය පරීක්ෂා කළබවයි .
views10,757 Views
comment
"දැවීගොස් තිබ්බ සිරුරු දෙකක් මත මගේ දුව වැටිලා හිටියා..."

"විශාල දුමකින් පල්ලියම වැසී ගියා.."

කටාන කටුවාපිටිය දේවස්ථානයේ 21 වැනිදා සිදුවූ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ කතෝලික බැතිමතුන්ගෙන් විශාල පිරිසකගේ දේහයන් 22 වැනිදා අවසන් කටයුතු සිදුකළ අතර ඉන් බොහෝමයක් සිරුරු මුද්‍රාකර ආවරණය කර තිබුණා.

ඉන් එක් මවකගේ හා දියණියකගේ දේහයන් දෙකක් 336/1 ඒ, බණ්ඩාරනායක පාර, අනෝමාවත්ත, අක්කරපහ නිවසේ තැන්පත් කර තිබුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ ඇගලුම් ආයතනයක උසස් රැකියාවක නියුතු ඩියුරන් පැට්ට්‍රික් මහාතාගේ බිරිඳ වන 51 වැනි වියේ පසුවූ මේරි ඇනට් හා 13 වන වියේ පසුවූ දියණියයි. මීගමුව බෝලවලාන ආවේමරියා ශාඛා විදුහලේ 9 වසරේ ඉගැනුම ලබන මලීෂා යසෝදරා දීප්තිමත් ශිෂ්‍යාවක්.
views22,903 Views
comment
මෙම ජායාරූපය මඩකලපුවේ සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පිපිරීමට මිනිත්තු කිහිපයකට පෙර ගත් ජායාරූපයක්.
 
මෙය බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත මඟින් වාර්තා කර තිබුණා.

මෙම ප්‍රහාරයෙන් 28 දෙනකු මරණයට පත් වූ අතර මෙම ජායාරූපයේ සිටින දරුවන් රැසක් ද ඊට බිලි වුණා.
views16,921 Views
comment
" මටත් බෝම්බයේ ශබ්දයද ඇසුණා. ඊට පස්සෙ මිනිස්සු කිව්වා බෝම්බයක් ගහලා කියලා..."

"ඔවුන් සමග සිටි බොහෝ දෙනෙක් මිය ගොස් සිටියා.."

ඉකුත් ඉරිදා රටම භීතියට පත්කරමින් ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද ම්ලේච්ඡු බෝම්බ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකද විශාල කනස්සල්ලට පත්ව තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ඔහුගේ මව සහ ආච්චි දෙදෙනාද එම ප්‍රහාරය වන අවස්ථාවේදී මීගමුව ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරේ සිටි නිසයි.
 
දසුන් ශානකද සාමාන්‍යයෙන් ඉරිදා පල්ලියට යෑම සිරිතක් වුවද ඔහු එදා ඔහු වෙහෙසට පත්ව සිටි බැවින් මීගමුව පල්ලියට ගොස් නැති බව පවසයි.
 
views7,535 Views
comment
දෝහා කටාර් හි පැවැත්වෙන 23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මීගමුවේ ලක්ෂානි සමත්වුණා.

මෙය මෙවර ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම පදක්කමයි.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විදූෂාගේ ගුරුවරුන් සහ මිතුරන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පදක්කම ලබාගනිමින් අනතුරුව විදූෂා ලක්ෂානි ඔවුන් සිහිපත් කරමින් කළ සංවේදී ප්‍රකාශය පහතින්.
views6,638 Views
comment
පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

මේ අතර පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකාව දැනුම්වත් කර තිබූ බව එන් ඩී ටී වී ප්‍රවෘත්ති සේවාව වාර්තා කරනවා.

ඔවුන් එරට බුද්ධි අංශ උපුටා දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රහාර සිදුවීමට පැය කිහිපයකට පෙර මෙම දැනුම්වත් කිරීම් සිදුකර ඇති බවයි.

කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන 08 කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන ඇති බව එම සංවිධානයට සම්බන්ධ ඉරාකයේ ක්‍රියාත්මක අමාක් පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසනවා.

එහි දැක්වෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි කුරුසකරුවන්වන්ගේ සන්ධානය අයත් ජාතීන් සහ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කර පෙරේදා එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයින් බවයි.
views15,217 Views
comment
ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෑත යුගයේ ආසියාකරයෙන් වාර්තා වූ දරුණුතම ප්‍රහාරය වූ අතර ඒ වෙනුවෙන් ලොව පුරා රටවල් තම ශෝකය ප්‍රකාශ කළ අයුරු දක්නට ලැබුණා.

එමෙන්ම වියට්නාම්හි නව ඇඳුම් විලාසිතා නිර්මාණය කරන ප්‍රධාන පෙළේ විශාල ඇගලුම් ආයතනයක සියලුම කාර්ය මණ්ඩලය තම සියලු කාර්යන්ගෙන් මිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
views5,028 Views
comment
මම කිව්වා, පුතේ බෝම්බ පිපිරිලා බලාගෙන ප්‍රවේශමෙන් කියලා..
 
එයා කිව්වා බයවෙන්න එපා අම්මේ සර් උගන්වනවා කියලා..
 
"එයා රැකියාව කළේ පණ වගේ. එයා මනමාලියක් වෙන දවස මම හීන මවමින් හිටියා. මං කිව්වා දුවේ ඉක්මනට විවාහ වෙන්න කියලා. එයා කිව්වා අධ්‍යාපන කටයුතු ඉවර වුණ ගමන් විවාහ වෙනවා කියලා. මනමාලියක් වෙන්න හිටපු දුව අන්තිමට ආවේ මිනී පෙට්ටියක. ළඟදී උසස්වීමක් ලැබෙන්න හිටියා. ඉගෙනගන්නත් හරි දක්‍ෂයි. රැකියාව කරන ගමන් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා.." යැයි දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේදී පුපරුවා හරින ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පානදුර උයන්කැලේ පදිංචි කම්කරු දෙපාර්තමේන්තුවේ මහරගම දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කළමනාකාර සහකාරියක ලෙස සේවය කළ 24 හැවිරිදි පියුමි ශානිකා සල්ගාදු මෙනවියගේ මව වන කාංචනා පෙරේරා මහත්මිය හැඬූ කඳුළින් පැවසුවා.
views69,034 Views
comment
දිවයින පුරා ඊයේ රාත්‍රි 9 සිට ක්‍රියාත්මක වූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4 ට ඉවත් කෙරුණා.
 
එමෙන්ම පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මේ අතර පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදි 5 ක් ඇති බවට ලද තොරතුරකට අනුව කොළඹ දිසාවේ සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.
 
views5,439 Views
comment
විදෙස් මාධ්‍යවේදියෙකු හමුවේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිවිල් සංවිධාන කිහිපයක් පොලිස් මූලස්ථානය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණිලි සිදුකළා.

ආරක්ෂක ලේකම්වරයා අදාළ මාධ්‍යවේදියා හමුවේ ප්‍රකාශ කර තිබුණේ දියත් වූ ප්‍රහාරය පිළිබඳ දැන සිටියද එය මෙතරම් ප්‍රබල විය හැකියැයි අපේක්ෂා නොකළ බවයි.
views13,472 Views
comment
කොළඹ ඇතුළු ප්‍රදේශවල සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් දැනුවත් කර තිබියදී ඒ පිළිබඳව ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන් 4 දෙනෙකුගෙන් කරුණු විමසා දින දෙකක් තුළ වාර්තා කැදවා තිබෙනවා.

මෙලෙස කරුණු විමසා ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගෙන්.

සමාජ මාධ්‍යවල පළවන පරිදි පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත මෙම රහසිගත ලේඛනය යොමුකර තිබුණේ ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඒ.එන්. සිසිර මෙන්ඩිස් මහතා විසින්.

අදාළ ලිපියේ දැක්වුණේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සහරාන් හෂ්මි සහ ඔහුගේ අනුගාමිකයින් මෙරට තුළ ඉතා නුදුරේදීම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවයි.
views11,010 Views
comment
[1]      «      2   |   3   |   4      »      [976]



Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,491 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,610 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,245 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,526 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,825 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  798 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,985 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,926 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,542 Downloads



Top 10 Commenters

Latest Comments

Top