වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ අක්‍රමවත් ලෙස ඉදි කර තිබූ ජල කරාම සහිත බැම්මක් පෙරළී එයට යටව අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෙහන්සා නෙත්සරණි කෝදාගොඩ දැරියගේ දේහය පෙරේදා වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ලේ පිහිටි ඇයගේ නිවෙස වෙත රැගෙන එනු ලැබීය.