Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

englishtrans
ඇය හැමදාම උදේට ජීවිතේ ගැටගහගන්න විදියක් හොයමින් පුංචි දරුවත් අතින් අරන් පේරාදෙණියේ ඉඳලා නුවරට පයින්ම යන්නේ ලොතරැයි ටිකකුත් අතේ තියන්. ඒ ටිකට් වලින් එක එක විකිණෙනකොට ඇයගේ හිතට පුංචි හරි සතුටක් දැනෙන්නේ අද දවසෙත් පුංචි පැටියාගේ බඩය කන්න කෑම ටිකක් අරන් දෙන්න පුලුවන් කියන දේ මතක් වෙනකොට.

මේ අම්මා හැමදාම දරුවත් අරන් කට්ට අව්වේ ඇවිදින හැටි දැකපු දාහක් දෙනා අතරේ ඇයට උදව් කරන්න ඕනි කියලා හිතපු කෙනෙකුත් හිටියා. ඒ චතුර පියසේකර. ඔහු ඒ අම්මා ළඟට ගියා.

views120,545 Views
comment

englishtrans
‘‘උකුස්සා අල්ලලා කන්න ගෙනාවේ,
බඩ පැලුවම නයෙක් හිටියා,
ඒ නිසා කන්න බැරිව විසිකළා‘‘

පසුගිය දින කිහිපය පුරාම අන්තර්ජාලය ඔස්සෙ තරුණයින් පිරිසක් උකුස්සෙකුට කෲර ලෙස වදදෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් හුවමාරූ වීමත් සමඟින් ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවුණා. ඔවුන්  සොයා පොලිසියද පරීක්ෂණ ආරම්භ කළ අතර මේ වන විට එයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනකු හබරාදූව ‍පොලිසිය මගින් ඊයේ (09) පස්වරුවේ ගාල්ල වංචාවල දී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව වනජීවී කාර්යාලයෙන් හබරාදූව ‍පොලිසියට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගේ ප්‍රකාශ  මත සිද්ධියට සම්බන්ධ ඉතිරි සැකාකර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ‍පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව ද උසස් ‍පොලිස් නිලධාරියෙක් පුවත්පතකට පවසා තිබේ.

views71,371 Views
comment

englishtrans
රුපියල් 350ක් දීලා පැය ගාණක් ඉන්නවලු

ආදරයෙන් අන්ධ වුණු අපේ රටේ ඉන්න ඇතැම් පෙම්වතුන් තමන් කරන්නේ මොනවද කියලා සමහර විට දන්නේ නෑ. ඒ දේවල් වැරදි කියලා ඒ අයට තේරුම් යන්න ටිකක් කල් යනකොට වෙන්න ඕනි ගොඩක් දේවල් වෙලා ඉවරයි.

 මේ විදියට මාතර දික්වැල්ල නගරයේ ඇති ප්‍රසිද්ධ සිනමා ශාලාවකට යන ඒ පැත්ත පෙම්වතුන් කරන නොහොබිනා වැඩක් ගැන හිරු CIA වෙත රහසිගත තොරතුරක් ලැබුණා. මේ චිත්‍රපට ශාලාවේ  කලමනාකාරිත්වය චිත්‍රපට නැරඹීම සඳහා ස්ථාපිත කර ඇති කුටි පහසුකම් උදෑසන 7.30 සිට තාවකාලික ලැගුම්හල් ලෙස උපකාරක පංති සඳහා පැමිණෙන දරු දැරියන්ට ලබා දී මුදල් උපයනවා කියලා තමයි ආරංචිය ලැබිලා තිබුණේ.

views132,609 Views
comment
ඇඹිලිපිටිය සාදයක්‌ අතරතුරදී මරණයට පත්වූ සුමිත් ප්‍රසන්න මහතාගේ සිරුර අද (10)ගොඩගන්නා ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝගයක් ලබාදී තිබුණා.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ඇතුළු විශේෂ වෛද්‍ය නිලධාරීන් පිරිසක්‌ ඉදිරියේ සුමිත් ප්‍රසන්නගේ සිරුර මෙසේ ගොඩගන්නා ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ රජයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙනයි.
 
views13,528 Views
comment
විහාරස්ථානයේ නාන කාමරයේදී හදිසියේ ඇද වැටීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට  ඇතුළත් කළ අස්ගිරි මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන් අද රාත්‍රියේ අපවත්වුණා.

ඒ, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ආර්.එම්.එස්. රත්නායක සඳහන් කළේ හෘදයාබාධයක් හේතුවෙන් උන්වහන්සේ අපවත්වූ බවයි.
views14,885 Views
comment
ලංකාවේ ගොඩදෙනෙක් මේ දවස්වල කතාකරපු මාතෘකාවක් වුණේ කුලියාපිටියේ සිසුවා ගැන. ඔහුට පාසැලක් හොයලා දෙන්න හැමෝම මහන්සි වුණේ කුලියාපිටිය පැත්තේ පාසැල්වල ඉන්න දරුවන්ගේ දෙමව්පියන් ඒ පැත්තේ පාසැල් වලට මේ දරුවා ගන්න අකමැති වුණු නිසා.

කොහොමහරි මේ දරුවට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්න අවස්ථාව දෙන්න ඒ පාසැලේ ආදි ශිෂ්‍යයින් වගේම බලධාරීන් තීරණය කළා. ඒ පිළිබඳව වුණු එකඟතා ප්‍රකාශයකට අද අත්සන් කරන්නත් මේ අය කටයුතු කළා.

views48,125 Views
comment
englishtrans
පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අලිපැටවකු ලබා තබා ගැනීමේ චෝදනාවටයි.  

කෙසේ නමුත් උඩුවේ ධම්මාලෝක හිමියන් මීට පෙර පවසා සිටියේ තමන් හදාවඩාගත්තේ නීතිවිරෝධී අලි පැටවෙකු නොව සිය විහාරස්ථානයේ දමාගිය අලි පැටවෙකු බවයි.

views16,350 Views
comment
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජිප් රථයේ ගැටුණු තරුණයා සමග යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණයා හා ඔහුගේ මිතුරන් දෙදෙනා පොලිසියට ලබාදී ඇති සාක්ෂි පරස්පර බව පොලිසිය සඳහන් කරනවා.

සන්දීප් සම්පත් නමැති අනතුරට පත් තරුණයා සමග ගමන් කළ ඔහුගේ මිතුරාගෙන් මිරිහාන පොලිසිය පසුගියදා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
views51,548 Views
comment
englishtrans
විලච්චිය පැත්තේ පුංචි දැරියක්ව අවුරුදු 63 ක පුද්ගලයෙකු විසින් ලිංගික අතවර සිදුකර තිබෙනවා. මේ පුංචි පාසල් දැරිය විලච්චිය ප්‍රදේශයේ වැවක් අසල කඩයකින් සබන් කැටයක් ගේන්න ගිය වෙලාවෙදි තමයි මේ අවාසනාවන්ත ඉරණමට ලක්වෙලා තියෙන්නේ.

කඩේට ගියාට පස්සේ කඩේ හිටපු සැකකාර පුද්ගලයා දැරියව ඇදගෙන ගිහින් කඩේ තිබුණු කාමරයකදී අතවර කරලා.


views58,902 Views
comment
සුනඛයන්ට එන්නත් ලබාදෙමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බීමත් පුද්ගලයන් දෙදෙනෙක් ජලභීතිකා එන්නතක් විදීමේ සිද්ධියක් අපිට අහන්න ලැබුණා.

අධික බීමතින් හිටපු මේ පුද්ගලයන් දෙදෙනා සුනඛයෙකුට එන්නත් කරමින් සිටි මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිසා මාර්ගය අවහිර වුණා කියලා බහින්බස් වීමක් ඇතිවෙලා.
views22,707 Views
comment
‘‘මම ආයේ බෑග් එක ඇරලා පෙන්නන්නේ නෑ
කීවම යහපාලනේ ඉන්න ලොක්කට කියාගන්න කීවා,
බෑග් එක ඇරපු වෙලාවේ මම පුදුම අපහසුතාවකට පත්වුණේ‘‘

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු සනෝජා බිබිලේ මහත්මියගේ වාහනය වැල්ලවත්ත ප්‍රදේශයේදී හදිසියේම නතරකළ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ඊයේ (7) රාත්‍රී 8.30ට පමණ ඇයගේ වාහනය පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් ඇය දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා.

ඇය එම අවස්ථාවේ රූගත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිට ඇති අතර එහිදී හදිසියේ වාහනය නතර කළ නිලධාරින් පවසා ඇත්තේ එය පරීක්ෂා කළයුතු බවයි. තමන් රංගන ශිල්පිනියක් බව එම අවස්ථාවේදී ඇය ප්‍රකාශ නොකළත් එක් නිලධාරියෙකු පවසා ඇත්තේ වාහනය පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙසත් මේ දිනවල සිදුවන සිදුවීම් අනුව පාතාලේ අයෙකුදැයි සැක ඇති බවයි.

views70,204 Views
comment
අතුල අමායා ආදර අන්දරය වටින් ගොඩින් නතර වෙලා කියලා පහුගිය දවසක අමායා හිරු ගොසිප් අපිත් එක්ක කිව්වා. හැබැයි දෙන්නා එකට ජීවත් වුනේ නැති වුනාට තාම දික්කසාද වෙලා නෑ කියලා තමයි ඇය කීවේ. එදාම අමායා අතුලගේ උපන්දිනේටත් සුබපැතුවේ සමහර විට ආයෙත් ඔහුට සුබපතන්න අවස්ථාවක් නැතිවෙයි කියලා.

ඉතින් ඒ දවස අද (8) උදාවෙලා තියෙනවා. මොකද අද තමයි අතුලගේ උපන්දිනේ.

views37,712 Views
comment
අද (08) ලෝක කාන්තා දිනය. හැමදාමත් මේ දවසේ කාන්තාවන්ට නිසිතැන දෙන්න ඕනි කියලා කතා කරලා ඒ දවසින් පස්සේ කතාව අමතක කරලා දානකොට හිරු ගොසිප් අපි ඒ හැමෝටම අමතක නොවෙන අලුත් කතාවක් ඔබට අරන් එන්න තීරණය කළා.

මේ කතාව අපේ රටේ ජීවත්වෙන වයස්ගතම කාන්තාව ගැන. අනුලාවතී නම් වුණු ඇය ඉන්නේ මාවනැල්ල ප්‍රදේශයේ. වයස අවුරුදු 114ක් වෙලත් ඇයට තාමත් අතීතයේ අපට නිදහස ලැබුණු හැටි වගේම  ඒ කාලේ අපි ඉපදෙන්නත් කළින් සිද්ධවුණු ගොඩක් දේවල් මතකයි.

views29,455 Views
comment
englishtrans
සති අන්තයේ කොළඹ ප්‍රධාන පෙළේ විදුහල් දෙකක් අතර පැවති මහා ක්‍රිකට් තරගයකින් අනතුරුව ඇතිකරගත් ඔට්ටුවක් මත නීති සිසුවෙක් ගිලන් රථයක් පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

පැහැර ගැනුනු ගිලන් රථය කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක විහාරස්ථානයේ රදවා තිබෙන බවට ලද තොරතුරක් මත කුරුදුවත්ත පොලිසිය එය සිය භාරයට ගනු ලබන්නේ සැකකරුද සමගින්.

views21,300 Views
comment
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි හි සරණාගත කඳවුරකදී ශ්‍රී ලාංකිකයෙකු සිය දිවි නසාගෙන තිබෙනවා.

ඒ අධිබලැති විදුලි රැහැනක් ස්පර්ශ කිරීමෙන්. මෙම කඳවුරේ පවුල් 500ක් පමණ රැදී සිටින අතර ඔහු මෙලෙස හදිසියේ සියදිවි හානිකරගෙන ඇත්තේ කඳවුරේ සංගණනය සිදුකරන අවස්ථාවේ අදාල පුද්ගලයා එහි රැදී නොසිටීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ඔහු පැවසූ හේතුව පිළිගත නොහැකි බව පැවසීම හේතුවෙනුයි.

views104,184 Views
comment
[1]      «      1000   |   1001   |   1002      »      [1361]



Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  589 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,774 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,283 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  255 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  261 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,732 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,589 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,877 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,756 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,901 Downloads



Top 10 Commenters

Latest Comments

Top