Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත් වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයා මාස 03 ක කාලසීමාවක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා.
 
හදිසි නීති රෙගුලාසි යටතේ ජමාල්ඩීන් නෞෂාඩ් නැමති මෙම සැකකරු රඳවා තබාගෙන ඉදිරි පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.
 
කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත මෙම සැකකරු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (19) දිනයේදියි.
 
ඒ, විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.
45 Views
විශ්වාසභංග යෝජනාවට පෙර අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවුණහොත් තමන් යෝජනාවට පක්ෂව ජන්දය භාවිතා කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසනවා.
 
එසේම දෙමල ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් විශ්වාසභංගයට පක්ෂව ජන්දය ලබා දෙන බවයි.
 
මන්ත්‍රීවරුන් 64 දෙනෙකුගේ අත්සන් සහිතව චෝදනා 10කින් සමන්විත මෙම විශ්වාසභංග යෝජනාව පසුගිය 16 වනදා කතානායකවරයා වෙත භාර දුන් අතර මේ වනවිට එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර තිබෙනවා.
39 Views
පාසල්වලට ආරක්ෂාව ලබාදී ඇති බැවින් අනිසි බියකින් තොරව හෙට සිට සියලූම දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළා. 

ඔහු කියා සිටියේ රට තුළ පවතින ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබාදිය හැකි බවයි.
22 Views
ආණ්ඩුවට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව  ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ අදහස් පැවසුවේ අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
39 Views
පුද්ගලයෙකු විසින් සිය පුත්‍රයාට උදැල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් රක්වාන, අල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
 
දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.
 
පහරකෑමෙන් මියගොස් ඇත්තේ අල්පිටිය,ගොඩකවෙල ප්‍රදේශ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
33 Views
මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදි අද(20) උදෑසන 7.30ට පමණ පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කලක් සෙවනපිටිය අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවෙකු ලෙස කටයුතු කල සෙවනපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.
22 Views
70 හැවිරිදි අන්ධ සීයාගේ බැංකු ඒ. ටී. එම්. කාඩ්පත සොරකම් කර බැංකුවේ තිබූ රුපියල් 85,000 ක් සොරකම් කළ 14 හැවිරිදි මිනිබිරියක් හා ඇයගේ 19 හැවිරිදි පෙම්වතා ඉකුත් 15 දා අත්අඩංගුවට ගන්නා ලදැයි හිඟුරක්ගොඩ පොලිසිය පවසනවා.
 
70 හැවිරිදි පුද්ගලයාගේ පුතෙකු යුද හමුදාවේ සේවය කරමින් සිටියදී මියගොස් ඇති අතර ඔහුගේ වැටුප තම පියාගේ බැංකු ගිණුම වෙත එවා තිබෙනවා.
19 Views
සේනා දළඹු උවදුර හේතුවෙන් පීඩාවට පත් ඇතැම් ගොවීන්ට නිසියාකාරව වන්දි මුදල් ලබාදී නොමැති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියා සිටියේ ඇතැම් ප්‍රදේශවල වන්දි මුදල් ලබාදීමේදී අක්‍රමිකතාවන් ද සිදුව ඇති බවයි.
15 Views
අනුරාධපුර නව බස් නැවතුම්පලේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඊයේ (19) සවස මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 9කුත් මිලිග්‍රෑම් 700ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
 
ඊට අමතරව සැකකාරිය සතුව තිබු රුපියල් හතලිස්දහසකට අධික මුදලක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
23 Views
යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ(19) සවස මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෝටර් රථයේ ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
24 Views
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්දට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට යළි සිහි කැදවීමක් කර තිබෙනවා.
 
ඒ, ඊයේ (19) දින මිනුවන්ගොඩ පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා නොදීම හේතුවෙන්.
 
පසුගිය බ්‍රහස්පතින්දා ඔහුට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දී තිබුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන්.
24 Views
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි යටගැසීමේ අරමුණින් දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට ව්‍යාජ චෝදනා එල්ල කරන බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද (19) පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
19 Views
ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා පවතින බද්ද රුපියල් 20කින් ඉහළ දැමීමට යෝජනා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා.

දැනට ආනයනික ලොකුළුෑණු කිලෝවක් සඳහා රුපියල් 20ක බද්දක් පවතින අතර, ඉදිරියේදී අස්වනු ලැබීමත් සමඟ දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණයට එළඹෙන බවයි අනුරාධපුර ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ.
29 Views
හොලිවුඩ් සුපිරි නළු ආර්නෝල්ඩ් ස්වසැන්ගර්ට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ක්‍රීඩා තරඟාවලියකදී කිසියම් පුද්ගලයෙක්ගෙන් ප්‍රහාරයට මුහුණ දීමට සිදුවී තිබෙනවා.

තරඟ නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් ආර්නෝල්ඩ් ස්වසැන්ගර් හා සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට සිටි අවස්ථාවේදී පසුපසින් පැමිණි පුද්ගලයෙක් උඩ පැන පා පහර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
19 Views
පිලිපීනයේ මෙට්රො මැනිලා ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඇනෝනාස් සහ කිව්බාවෝ දුම්රිය ස්ථාන අතරදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
21 Views
[1]      «      993   |   994   |   995      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top