Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද ඇප මත මුදාහැරුණා.

ඒ අනුව රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදාහැරීමටයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ.
51 Views
හඟුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 85කට අධික මුදලක් සොරකම් කර පළාගිය පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලිසිය මෙහෙයුමක ආරම්භ කර තිබෙනවා.

54 Views
Niki Lauda කියන්නේ ලෝකයම ආදරය කරන බොහෝ දෙනෙකුට මතක චරිතයක්. සුප්‍රකට Formula1 ධාවකයෙක් වූ ඔහු වර්ෂ 1949 පෙබරවාරි 22 උපත ලබා වර්ෂ 70ක් ආයු ලබා ඊයේ දින ජිවන ගමනට සමු දුන්නා. ඔස්ට්‍රියානු ජාතිකයෙකු වූ ඔහු තුන් වරක් ෆෝමියුලා වන් ලෝක  ශුරතාවය දිනාගන්න සමත් වෙනවා. ඒ 1975, 1977 හා 1984 යන වර්ෂවල.
30 Views
අගමැතිගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කර කොළඹ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල විසින් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.
29 Views
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බව පවසමින් බේරුවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද විරෝධතාවක නිරත වුණා.

ඒ, බේරුවල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරය ඉදිරිපිට දියි. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වුණා.
27 Views
ආණ්ඩුවට එරෙහි, ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව කතානායක කරූ ජයසුරිය වෙත භාර දී තිබෙනවා.
20 Views
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 900ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලම්පිටිය - මීතොටමුල්ල ප්‍රදේශයේදීයි.

මිනුවන්ගොඩ - මහයාය වත්ත ප්‍රදේශයේදී සහ වීරගුල - දෙමටලන්ද ප්‍රදේශයේදී පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය සහ වීරගුල පොලීසිය විසින් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.
57 Views
රත්නපුර - කරන්ගොඩ ප්‍රදේශයේදී විෂ වායුවක් ආඝ්‍රාහනය වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මැණික් ගැරීම සඳහා කපා තිබූ පතලකට ඇද වැටුණු අයෙකු බේරා ගැනීමට යාමේදී ඊයේ මෙලෙස මෙම පුද්ගලයාට විෂ වායුවක් ආඝ්‍රාහනය වී ඇති බවයි.

මිය ගිය පුද්ගලයා අවුරුදු 20ක් වයසැති කරන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

එමෙන්ම, පතල තුළට ඇද වැටී බරපතල තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
21 Views
මාඔයේ සඟවා තිබියදී මීගමුව - කොච්චිකඬේ ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ සිම් කාඞ්පත් 1500 සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිම්කාඩ්පත් තොගය ගෝනියක දමා තිබෙන අයුරු ඊයේ නිරීක්ෂණය කර තිබුණේ  මාඔයේ මසුන් ඇල්ලීම සඳහා ගිය තරුණයින් පිරිසක් විසින්.

අදාළ සිම්කාඩ්පත් තොගය භාවිතයට ගෙන නොමැති ඒවා වන අතර, සඟවා තැබුවේ කිනම් හේතුවක් නිසා ද යන්න අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත්, අදාළ සිම්කාඩ් තොගය අයත් දුරකථන සමාගමෙන් මේ පිළිබදව වාර්තාවක් ද කැදවීමට පියවර ගෙන ඇති බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළා.
25 Views
රාජ්‍ය ආයතනවල වෙළඳ දැන්වීම් මංගල සමරවීර අමාත්‍යවරයා තමන්ගේ බූදලයක් සේ ඇතැම් මාධ්‍ය ආයතනවලට ලබාදීම අත්හිටුවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බත්තරමුල්ල - ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
26 Views
පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ තවත් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අම්පාර කල්මුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
31 Views
ගත වූ සති 3 ක කාලයක් ඇතුළත අල, පරිප්පු, ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග රැසක වෙළඳාම සියයට 50 කින් පමණ අඩු වී ඇති බව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ උද්ගතවූ තත්ත්වය මීට හේතුවී ඇති බවයි.
84 Views
ඉදිරි සතිය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් ප්‍රකාශ කළා.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හේතුවෙන් සිරගතව සිටින රැඳවියන්ගේ සුවදුක් විමසීමට අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
105 Views
අයි.එස්.ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුගේ ප්‍රකාශයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ  රාජගිරිය ප්‍රදේශයේදීයි.
87 Views
බ්‍රසීලයේ - උතුරු පාරා ප්‍රාන්තයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ආපනශාලාව වෙත කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
46 Views
[1]      «      992   |   993   |   994      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top