Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක කුමාර වෙල්ගම එම ධූරයෙන් ඉවත් කිරීමට ඊයේ රැස්වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පියවර ගත්තා.
 
බදුල්ල පුරහලේ පැවති කමිටු රැස්වීමේදී ඔහු එම ධූරයෙන් ඉවත් කර තේනුක විදානගමගේ පත් කර ගැනීමටයි පියවර ගනු ලැබුවේ.
22 Views
පාර්ලිමේන්තු සංකිර්ණය අසල ඉදි කෙරුණු අපවත් වී වදාළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ස්මාරකය උන්වහන්සේට අගෞවරයක් සිදුවන ආකාරයෙන් ඉදිකර ඇති බවට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියන් චෝදනා කරනවා. 
 
පාර්ලිමේන්තු සංකිර්ණය අසල ඉදි කෙරුණු අපවත් වී වදාළ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ස්මාරකය පසුගියදා ආගමික නායකයින් සහ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කෙරුණා.
76 Views
වෛද්‍ය නවීන් ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායනයට ප්‍රහාරයක් එල්ල කීරීමට විරෝධය පලකරමින් කුඩාවස්කඩුව ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා.
 
ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැර පිරිස් අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා කරමින්.
 
බණ්ඩාරගම - කළුතර මාර්ගයේ කුඩාවස්කඩුව ප්‍රදේශයේ පිහිටි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායනයකට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ අළුයමයි.
22 Views
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්කර තිබෙනවා. 

ඒ ඔහුට වැළඳී ඇති අසනීප තත්වයක් හේතුවෙන්. 

නුවන් ප්‍රදීප්ගේ පුරප්පාඩුව වෙනුවෙන් කසුන් රාජිත සංචිතයට එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වයට අවසර ලබාදී තිබෙනවා.
32 Views
පුනරීන් ප්‍රදේශයේ ධීවරයන්ගේ දැළකට විශාල ප්‍රමාණයේ මුතු මෝරෙක් හසුවී තිබෙනවා.
 
ධීවරයන් සඳහන් කර ඇත්තේ කිලෝ 2000කට ආසන්න ප්‍රමාණයකින් යුතු මෙම මෝරා තම දැල්වල පැටලීමෙන් වෙරළට පැමිණ ඇති බවයි.
65 Views
මොනරාගල - හොරොම්බුව තලාව රක්ෂිතයේ අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත්, එය මේ වනවිට නිවා දැමීමට කටයුතු කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. 

යුද හමුදා නිලධාරින්, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නෙන් සිදුව ඇති හානිය පිළිබදව මෙතෙක් තක්සේරු කර නැහැ.
29 Views
ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට අදාළව වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ නිරත වූ ග්‍රාම නිලධාරීවරයෙකුට ඊයේ පහරදීමක් සිදුව තිබෙනවා.
 
බිංගිරිය - මාවුනාව වසමේ ග්‍රාම නිලධාරීවරයාට මෙලෙස පහර දී ඇත්තේ එම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු බව සඳහන්.
99 Views
පොළොන්නරුව - ගල්ලෑල්ල ප්‍රධාන මාර්ගයේ පාලමක් යට කුඩා බෝක්කුවක සිරව තිබූ නාඳුනන මළ සිරුරක් ඊයේ (28) සවස සොයාගත් බව පොළොන්නරුව පොලිසිය පවසනවා.
 
මේ සම්බන්ධයෙන් අධිකරණට කරුණු වාර්තා කිරීමෙන් පසු පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන බව සඳහන්.
 
මෙය දියේ ගිලීමක් ද නැත්නම් ඝාතනයක්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් මෙම මරණය අභිරහස් මරණයක් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
 
මේ අතර මියගිය පුද්ගලයාගේ බවට සැක කෙරෙන ඡායාරූපයක් ද ඒ අසල තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
25 Views
බටහිර දිග ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ පුනේ නුවර මහල් ගොඩනැගිල්ලක් ඉදිරිපිට තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

අධික වර්ෂාවත් සමඟ අද අලූයම මෙම තාප්පය කඩා වැටී ඇති අතර, රථ වාහන රැසක් ඊට යට වී ඇති බව සඳහන්. 

මිය ගිය පිරිස අතර කාන්තාවන් සහ ළමයින් ද සිටින බව වාර්තා වනවා. 

ජීවිතාරක්ෂක මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
29 Views
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් රැගෙන ගොස් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව - අක්කර 50 වත්ත, දළුපොත ඇළේ සඟවා තිබූ ටී - 56 වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කදවුරේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) පස්වරුවේ සිදුකළ මෙහෙයුමකදියි.
76 Views
තම කරාටේ කණ්‌ඩායමේ උප නායක 15 හැවිරිදි ශිෂ්‍යාවට අතවර කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් කරාටේ ගුරුතුමාට බරපතළ වැඩ ඇතිව වසර නවයක (9) සිරදඬුවම් මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් නියම කරනු ලැබුවා.

ඊට අමතරව රුපියල් 10,000 ක දඩයක්‌ සහ අතවරයට පත් ශිෂ්‍යාවට රුපියල් ලක්‌ෂයක වන්දියක්‌ ගෙවීමට විත්තිකරුට නියෝග කළා.

සිරදඬුවම් නියම වූ විත්තිකරු වූයේ කඳාන මහබාගේ ශාන්ත ජූඩ් මාවතේ පදිංචි රාජප්පන් ජපමලේ ඩික්‌සන් (45) නමැති විවාහකයෙක්.
18 Views
රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ජාතික යුවළක් බවයි හිරු ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
 
එරට ප්‍රධාන පෙළේ විදේශ මුදල් හුවමාරු ආයතනයක හිමිකරුවන් වන මෙම යුවළ අවුරුදු 55 සහ 45 යන වයස්වල පසුවනවා.
105 Views
දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක් ආරම්භ කළ එක්දින වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
 
දුම්රිය මෙහෙයුම් නිළධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න කියා සිටියේ සුපුරුදු පරිදි අද (29) දිනයේ දුම්රිය ධාවනය කෙරෙන බවයි.
 
එමෙන්ම ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ ද යන්න පිළිබඳව සාකච්ඡා කර තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
30 Views
බන්ධනාගාර ගතව සිටින කිසිදු සිරකරුවෙකු අද සිට සතියක කාලයක් ඇතුළත මරණීය දණ්ඩනයට ලක් නොකරන බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද පොරොන්දු වුණා.
 
ඒ, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට මාලින්ද සෙනෙවිරත්න නැමැත්තෙකු ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී.
 
මරණීය දණ්ඩනය නියම වී සිටින පුද්ගලයින් 4 දෙනෙකුට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කළ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මලින්ද සෙනෙවිරත්න නම් මාධ්‍යවේදියා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
25 Views
ඇමරිකාව සමඟ අත්සන් කළ සියලු ගිවිසුම්වල ඉදිරි ප්‍රතිවිපාක සඳහා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.
 
‘ගිවිසුම් තුනකින් මව්බිම වනසන ඇමරිකානු උගුල පරදවමු‘ මැයෙන් ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
61 Views
[1]      «      941   |   942   |   943      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top