Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාශය නමින් නව කොට්ඨාශයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

රථ වාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පාලනය යටතේ මෙම කොට්ඨාශය පිහිටුවීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
134 Views
අනිද්දා සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.
 
මෙය දිවයින පුරා මසක කාලයක් ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.
22 Views
විදුලිය සැර වද්දවා සැමියා ඝාතනය කිරීමට උත්සහා දැරූ බව කියන බිරිය හා ඇයගේ අනියම් සැමියා බවට පැවසෙන පුද්ගලයා ද සැකපිට අත්අඩංගුවට ගත් බව කඩවත පොලීසිය පවසනවා.
 
විදුලිය සැර වැදුණු පුද්ගලයා උතුරු කොළඹ (රාගම) ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද කඩවත පොලීසියේ නිලධාරියෙක් සඳහන් කළා.
 
ඔහුගේ සිරුරේ පිළිස්සුම් තුවාලයක්ද දක්නට තිබෙන බව පොලීසිය පැවසුවා.
 
මෙම පුද්ගලයා රාත්‍රීයේ පුටුවක වාඩිවී රූපවාහිනිය නරඹමින් සිට තිබෙනවා.
16 Views
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට වලක්වාලමින් ඊට අතුරු තහනම් නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම හෙට දිනය දක්වා කල් දමා තිබෙනවා.
 
ඒ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
 
මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න ගොනු කළ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඊයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නම් කෙරුණු අතර අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාට අමතරව දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන්.
22 Views
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා අද පෙරවරුවේ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වෙත පැමිණියා.
 
ඒ, දෙමළ නිදහස් කොටි සංවිධානයේ සාමාජිකයෙකුට දුරකථනය ඔස්සේ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට කළ කැදවීමකට අනුවයි.
 
මේ වන විටත් ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගනිමින් සිටින බවයි එම කොට්ඨාශයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
48 Views
ඉන්දියාවේ මුම්බායි නුවර බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ නිවෙස්වල බිත්ති කඩා වැටීමෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2005 වසරේ ජුලි මාසයේ ඇති වූ ගං වතුරෙන් පසුව මුම්බායි නුවරට බලපෑ දරුණුතම ආපදා තත්ත්වය මෙය බවයි වාර්තා වන්නේ.
23 Views
බිරියට සහ දරුවන්ට ඇසිඩ් ගසා බිරිය ඝාතනය කර දරුවන්ට තුවාල සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (2) මරණ දඬුවම නියම කළ අතර වසර නමයක බරපතල වැඩ සහිත සිට දඬුවමක් සහ රුපියල් 30000ක දඩයක්ද ගෙවන ලෙස නියම කළා.

දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක බරපතළ සිර දඬුවමක් ද විනිසුරුවරයා නියම කර තිබුණා.
19 Views
වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොටවෙහෙරගල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

යතුරු පැදියක් ට්‍රැක්ටර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

128 Views
තම පෙම්වතියගේ පියාට බෝතල් කටුවකින් ඇන තුවාල සිදු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා සිටි බාලවයස්කාර පිරිමි ළමයා 9 වැනි දින දක්වා තව දුරටත් කිතුලම්පිටිය ‍රිමාන්ඩ් ළමා නිවාසයේ රඳවා තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළා.

පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාර පිරිමි ළමයා ඉමදූව පොලිස් වසමේ විහාරස්ථානයක පැවිදිව සිට ඇති අතර එසේ සිටියදී එම ප්‍රදේශයේම බාල වයස්කාර දැරියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගොස් ඇති බවයි.
20 Views
තලවාකැලේ දුම්රිය ස්ථානය තුළදී කාර්මික දුම්රියක් පීලී පැනීම හේතුවෙන් බදුල්ල කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය 3 ක කාලයක් ප්‍රමාද වූවා.

ඊයේ රාත්‍රී 10 ට පමණ මෙලෙස කාර්මික දුම්රියක් පීළි පැනීමකට ලක්ව තිබෙනවා.
22 Views
මීට වසර 7 කට පෙරදී තම දියණියට ලිංගික අතවරයක් සිදු කොට සැඟවී සිටි පුද්ගලයෙකු ඊයේ (2 ) උදේ ගන්දර පොලිසිය මගින් හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු එම ප්‍රදේශයේ කොත්තු කඩයක සේවය කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
 
අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු ඊයේම මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.
19 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දඩ නියම කිරීමට ICCය තීරණය කර තිබෙනවා.
 
ඒ දෙරට අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පැවති තරඟයේදී නියමිත වේලාව තුළ පන්දුවාර යැවීමට අපොහොසත් වීම හේතුවෙන්.
 
ඒ අනුව නියමිත වේලාව අවසානයේ පන්දු වාර 2ක් ඉතිරිව තිබීම සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකෙහිම නායකයන් වරද පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
71 Views
කිරිබත්ගොඩ නුවර පාරේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

මෙහිදී එහි පාලිකාවන් ලෙස සිටි කාන්තාවන් දෙදෙනෙක් හා ගණිකා වෘතියේ නියලී සිටි කාන්තාවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ තරුණියන් වයස 27ත් 36ත් අතර වන බව වාර්තා වනවා.
330 Views
මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී අද විවෘත කෙරෙනවා.

පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ එක් රැස් කිරීම හා සංරක්ෂණය කිරීම මෙම කෞතුකාගාරය පිහිටුවීමේ අරමුණයි.

වත්මන් තාක්ෂණික යුගයට අයත් නවීනතම කෞතුකාගාරයක තිබිය යුතු අංගෝපාංගවලින් මෙම කෞතුකාගාරය සමන්විත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
23 Views
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයේ ඇතමුන් සිදුකරන ප්‍රකාශ පිළිබද එහි උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
21 Views
[1]      «      937   |   938   |   939      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top