Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් වන්නේ නම් තමන් ඇතුළු කිහිප දෙනෙකු සහය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. 

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රියන්ත සහ රංජිත් සොයිසා අත් ඔසවමින් ප්‍රතිචාර දැක් වූ බවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ. 
92 Views
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් යටතේ නුවරඑළිය කඳවුරේ පුහුණුව ලැබූ පුද්ගලයෙකු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරියෙකු වනු මොහු රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරක් මත අද අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර පොලිසිය විසින්. 

මොහොමඞ් රෆයිඩීන් මොහොමඞ් අලි හෙවත් අබු ඉක්‍රිමා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු ගම්පොල - වටදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
27 Views
තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ කටයුතු සීයයට සියයක්ම සිදුකර අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලයේදී අද පැවති පළාත්පාලන නියෝජිත හමුවට එක්වෙමින්.

මෙහිදි ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ  තමන් මේ වනවිට මෙරට විදේශ ගමන් බලපත්‍රයක්ද ලබාගෙන ඇති බවයි.
33 Views
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ ඇසළ පෙරහර නිමිත්තෙන් ඒ අවට මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසනවා.
 
ඒ අනුව අද  සිට ලබන 25 දක්වා පස්වරු දෙකේ සිට අලූයම 1.30 දක්වා මාර්ග අංක 119 - මහරගම, දෙහිවල බස් මාර්ගය, බොරලැස්ගමුව නගරය සහ බෙල්ලන්තර මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති. ඊට විකල්ප මාර්ග ලෙස මහරගම, පිළියන්දල කොළඹ දෙස සිට දෙහිවල දෙසට ගමන් ගන්නා රථවාහන පැපිලියාන මංසන්ධියෙන් නැදිමාල හරහා දෙහිවල දෙසට ගමන් කළ හැකියි.
118 Views
නවසීලන්තය සමග පැවත්වෙන දෙවන ටෙස්ට් තරගය පවතින වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීම ප්‍රමාද වී තිබෙනවා.

අද (22) කොළඹ - පී. සරා ඕවල් ක්‍රිඩාංගනයේදි ආරම්භ වීමට නියමිත මෙම තරගයේදි දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට දිල්රුවන් පෙරේරා ක්‍රිඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.  

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජයගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි.

අද ආරම්භ වන තරගය සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිරෝෂන් දික්වැල්ල කියා සිටියේ තරගය පැවත්වෙන තණතිල්ල පිතිකරුවන්ට සහ වේග පන්දු යවන්නන්ට වාසිදායක බවයි.
24 Views
රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් දීපව්‍යාප්තව අද (22) උදැසන 8 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රෝගින් දැඩි ආසිරුතාවයකට පත්ව තිබෙනවා. 

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද දින දික්ඔය මුලික රෝහලේ සායනික කටයුතු අඩාලව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දික්ඔය රෝහලට පැමිණි රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

එම රෝහල් වල වෛද්‍යවරුන් කියා සිටියේ වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රජයේ රෝහල් වල බාහිර රෝගි අංශය සහ සායන කටයුතු කිසිවක් සිදු නොවන අතර, හදිසි අවස්ථා පමණක් අවරණය කරන බවයි.
58 Views
ඉන්දියාවේ හිටපු මුදල් ඇමති වන පලනිඅප්පන් සිදම්බරම් එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔහුට එල්ලවී ඇති චෝදනාවලට අදාළවයි.

මෙම මූල්‍ය වංචාවට ඔහුගේ පුත්‍රයෙකු වන කාර්ති සිදම්බරම් මන්ත්‍රීවරයාද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.
21 Views
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ උතුර පළාත්වලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි.

එමෙන්ම උතුර, උතුරුමැද, වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
28 Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ පළමු පක්ෂ නායක රැස්වීම පෙරේදා (20) පස්වරුවේ පැවැත්වුණා.
 
ඊට සහභාගි වූ පක්ෂ නායකයන් සඳහන් කළේ පොදුජන පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බවයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ පළමු රැස්වීම පැවැත්වුණේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසේදී.
28 Views
ඩුබායිහි පැවැති පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරිමෙන් පසුව, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ලලිත් කුමාර නැමති බන්ධනාගාර නියාමකවරයා මුදා හැර තිබෙනවා. 

ඒ  ඊට අදාළ නඩුව පෙරේදා (20) කළුතර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න හමුවේ කැඳවු අවස්ථාවේදියි. 

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු ඔහුගේ දුරකථන දත්ත වාර්තාවේ සඳහන් වී නොමැතිවීම හේතුවෙන් ඔහු මුදා හරින බවයි මහේස්ත්‍රාවරයා එහිදි සඳහන් කර ඇත්තේ.
35 Views
ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපලෙන් පිටකර කොළඹ බලා රැගෙන යාම සඳහා බස් රථයකට ගොඩවී සිටි පුද්ගලයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 Views
කොළඹ - වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිලිණ රුවන් තිහාර ජයරත්න ඝාතනයට ආධාර අනුබලදුන් තවත් පුද්ගලයෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊයේ දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි හික්කඩුව - පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

මෙම පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනයට තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදියේ හිමිකරු වනවා.
86 Views
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ සොහොයුරෙකුට අයත් කිලිනොච්චි - වට්ටක්කච්චි ප්‍රදේශයේ ඉඩමක් ආරක්ෂක අංශ ඊයේ පරීක්ෂාවට ලක් කළා. 

ඒ, එම ඉඩමෙහි එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ආයුධ වළදමා ඇති බවට ලැබුණු තොරතුරක් මත කිලිනොච්චිය පොලීසිය අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි. 

පැයකට ආසන්න කාලයක් පස් කපන යන්ත්‍ර යොදාගෙන කැණීම් සිදුකළද කිසිදු යුධෝපකරණයක් හමු නොවීම හේතුවෙන් කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට කිලිනොච්චි මහේස්ත්‍රාත් ආර්. සරවනරාජා පසුව නියෝග කළා.
84 Views
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 24 ක දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කරනවා. 

බාල ඖෂධ සහ රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රමවේදයේ පිළිබඳ ගැටළු සහ නුසුදුස්සන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට ගන්නා උත්සාහය ඇතුලු කරුණු 8 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය දියත් කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කළේ. 

මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල සහ විශේෂිත වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
27 Views
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අද (21) අලුයම සිදුවූ අනතුරකින් දරුවෙකු ඇතුළු අටදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
 
කටුනායක සිට මුලතිව් දක්වා ධාවනය වෙමින් තිබු වෑන් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
20 Views
[1]      «      888   |   889   |   890      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top