Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත්තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ත් 150 ත් අතර වැසි අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළේ.
27 Views
8 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඉනි කැපීම සඳහා යෑයි රවටා කැඳවාගෙන ගොස්‌ එම සිසුවාට ලිංගික අතවර සිදුකිරීම පිළිබඳව අධිචෝදනා ලබා වරද පිළිගත් 73 හැවිරිදි අයෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා වසර 5 ක සිරදඬුවම් නියම කර රුපියල් 15,000 ක දඩයක්‌ නියම කරනු ලැබුවා.
 
ඊට අමතරව අතවරයට පත්වූ සිසුවාට රුපියල් 75,000 ක වන්දියක්‌ ගෙවීමට ද වැරදිකරුට නියෝග කෙරුණා.
29 Views
තමාට හිරිහැර වූ බවට කරුණු හෙලි කළ බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවට පක්ෂව සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ බවට චෝදනා ලැබ සිටින බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් ඉමිතියාස් ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
 
ඒ,  පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරියගේ නියෝගයකට අනුවයි.
26 Views
හෝමාගම ගොඩගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියක් තුළදී එහි සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කළ බව කියන උපකාරක පංති ගුරුවරයෙකු අද (11) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය සඳහන් කළා.

සැකකාර පෞද්ගලික උපකාරක පංති ගුරුවරයා පංති කාමරය තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරන අතරතුර අපයෝජනය කර ඇති බවට සිසුවියන් තිදෙනෙකු විසින් කොළඹ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල කර තිබෙනවා.

ඒ අනුව සැකකාර ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
22 Views
සුරියවැව පදලංගල ප්‍රධාන මාර්ගයේ 550 යාය ප්‍රදේශයේදී සුරියවැව දෙසට ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරකින් එහි ගමන් ගත් අඹූසැමියන් දෙදෙනෙකු අද (11) මියගොස් ඇතැයි සුරියවැව පොලිසිය පවසයි.

31 Views
හැටන් - නෝර්වුඩ් - නිව්වැලිගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණ තරුණියන් 30 දෙනෙකු ආහාර ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
 
එහි පැවැත්වු උත්සවයකදී දිවා ආහාරය ලබාගත් පසු අජිර්ණය, වමනය සහ ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මොවුන් රෝහල් ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.
92 Views
පිරිසිදු පානීය ජලය ලබාගැනීම වෙනුවෙන් වැලිවේරිය රතුපස්වලදී විරෝධතාවයේ යෙදුණු ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න කියා සිටියේ නීතිපතිවරයා විසින් අද මෙම අධිචෝදනා ගොනුකළ බවයි.

නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම සිද්ධියට අදාළව මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් පත් කරනු ලැබුවා.
65 Views
ඉරාකයේ කර්බාලා නගරයේ ශුද්ධ වූ ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ අෂුරා දිනය සැමරීමේ උත්සවයකදී ඇතිවූ තදබදය හේතුවෙන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 100 පමණ තුවාල ලබා ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි එරට රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
28 Views
අලිබබා සමාගමේ යුගයක අවසානය සනිටුහන් කරමින් එහි සභාපති ජැක් මා ඊයේ  (10) ඊ-වාණිජ්‍යය දැවැන්තයාගෙන් ඉවත්වී තිබෙනවා.

වර්ෂ 1999 දී අලිබබා සමාගමේ සම ආදිකර්තෘවරයෙකු ලෙස එය ආරම්භ කළ ඔහු, අලිබබා ලොව විශාලතම අන්තර්ජාල සමාගමක් බවට පත්කිරීමට සුවිශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

23 Views
කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය - ඞී.පී.ජේ. ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට දිනයේදී තමන්ට 2015 /2018 කාලසීමාවේ රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිය නොහැකි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබෙනවා.
 
කොමිසමේ ප්‍රකාශයයෙකු සඳහන් කළේ කලින් සැලසුම් කර තිබූ මන්නාරම ප්‍රදේශයේ උත්සව කිහිපයකට  අග්‍රඅමාත්‍ය වරයා සහභාගි වීමට ඇති බැවින් හෙට දිනයේ එම කොමිසමට පැමිණිය නොහැකි බවට ඔහුගේ ලේකම්වරයා විසින් අද ජනාධිපති කොමිසමට දැනුම් දී ඇති බවයි.
87 Views
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු සහ අයගේ සහෝදරිය එළඹෙන 16 වනදා දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාරගත්කර තිබෙනවා.
27 Views
අම්පාර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් නැමැති තහනම් සංවිධානයේ සාමාජිකයන් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ මෙම භාර දීම සිදුකළ බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පිරිස දින 90ක රැදවුම් නියෝග මත විමර්ශන සිදුකෙරෙනවා.
93 Views
කොත්මලේ  - ලිලිස්ලන්ඩ් තේ වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙක් 10  දා පස්වරුවේ දියේ ගිලීම නිසා මිය ගිය බව පොලිසිය පවසයි.

මෙසේ මිය ගියේ කොත්මලේ ගවෙලමුල්ල තේ වත්තේ ලිලිස්ලන්ඩ් කොටසේ  පදිංචි කරුවකු වු රාජේන්ද්‍රන් නවනේන්ද්‍රන් නමැති අවිවාක තරුණයෙක් බවයි සදහන් වන්නේ.

21 Views
තම බිරිදගේ පියාට (මාමාට) කිරිච්චියකින් දහතුන්  පොලකට ඇන බරපතල තුවාල සිදු කර මරණයට පත් කළේ යැයි  චෝදනා ලැබු බෑනාට නඩු විභාගයක් අවසානයේ කැගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා පසුගිය මරණ දඩුවම නියම කර තිබෙනවා.
 
මෙසේ දඩුවමට යටත් කරණු ලැබුවේ බුලත්කොහුපිටිය පොලිස් වසමේ නිකපිටිය ගම පදිංචි පතිරැන්නැහැලාගේ නිමල් වීරසිංහ (55) නැමති දෙදරු පියෙක් බව සදහන්.
 
96 Views
ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 18ක් සපිරෙනවා.
 
අල්ඛයිඩා සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ගුවන් යානා 4ක් උපයෝගී කර ගනිමිනුයි මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ.
 
ගුවන් යානා දෙකක් ලෝක වෙළද මධ්‍යස්ථානයට කඩා වැදුණු අතර එක් ගුවන් යානයක් පෙන්ටගනයට කඩා වැදුණා.
94 Views
[1]      «      869   |   870   |   871      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top