Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක් හටගෙන තිබෙනවා.
 
අද පෙරවරු 11.25 ට පමණ මෙම ගින්න හටගත් බවයි පොලීසිය සඳහන් කළේ.
 
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා තිබෙනවා.
29 Views
ඇපල් මාදිලියේ අඟල් 15 Mac Book Pro උපාංගය ගුවන් ගමන් සදහා රැගෙන යාමට අවසර නොදෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.
 
ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 Mac Book Pro ඒකකයේ බැටරිය අධික ලෙස රත් වී ගිනි ගැනීමේ අවදානමක් මතු ව ඇති බව එම සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ.
51 Views
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මෙරට ගෙන්වාගැනීමට අදාළ ලිපි ලේඛන සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කර තිබෙනවා.
104 Views
තලවතුගොඩ - කොට්ටාව මාර්ගයේ පොල්වත්ත මංසන්ධිය ආසන්නයේ අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා.

මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

25 Views
ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලූ 13 දෙනෙකුට මේ මස 27 වනදා පෙනී සිටින ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද සිතාසි නිකුත් කළා. 
 
ඒ, නීතිපති දප්පුල ද ලිවේරා විසින් චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරා තිබූ නඩුවට අදාළවයි.
29 Views
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේදී බිළිඳියක දමා පලාගිය මව සොයා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ පසුගිය 31 වනදා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් සිය තුන්වන දරුවා ප්‍රසූත කිරීම සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝලට පැමිණ ඇති බවයි.
22 Views
පයාගල - මහගම්මැද්ද ප්‍රදේශයේදී කෘත්‍රිම රා නිෂ්පාදනය කරන  ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
34 Views
අට හැවිරිදි පාසල් සිසුවියකට ඇගේ බාප්පා විසින් අතවරකර ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා.
 
හිනිදුම හල්විටිගල දාම්මල පදිංචි 26 හැවිරිදි සැකකරු රැකියාවට කුලී වැඩ කරන පුද්ගලයෙක්.
 
මෙම දැරියගේ පියා මීට කලකට පෙර මිය ගිය පසු ඇගේ මව සැකකරු සමග දෙවන වරට විවාහවී තිබෙනවා.
28 Views
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ගේ එකම බලාපොරොත්තුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. ජේ සෙනවිරත්න පවසනවා.
 
මන්ත්‍රීවරයා මේ අදහස් පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
22 Views
නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ 8 දෙනෙකු ගලේවෙල - රුවන්පුර - පට්ටිවෙල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
41 Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නවගමුව පුරාණ පත්තිනි විහාරයට ගොස් ඊයේ ආශිර්වාද ලබාගත්තා.

එම අවස්ථාවට එක්ව සිටි හෝමාගම පුරාණ විහාරාධිපති පූජ්‍ය මදෝවිට වජිරබුද්ධි හිමියන් සහ පෝරේ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති හිමියන් මෙලෙස අනුශාසනාවක්ද සිදුකළා.
28 Views
ඉදිරි දින කිහිපයේදී ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයේ ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) ප්‍රකාශ කළා.
 
සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ පීඩාවට පත් වූ පිරිස සිහිපත් කරමින් පැවැති සැමරුම් උත්සවයට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව පැවසුවා.
95 Views
යාපනය,පේදුරුතුඩුව ප්‍රදේ‍ශයේ මාර්ගයක් අසළ නවතා තිබු වාහන දෙකක් ඊයේ (11) සවස හදිසියේ ගිනිගෙන විනාශ වි තිබෙනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව ගින්න නිවා දැමීමට උත්සහ කළත් ගින්න ශිඝ්‍රයෙන් පැතිර‍ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
27 Views
රටවල් කිහිපයකට බලපෑම් එල්ල කළ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් බහමාස් දිවයිනේ පුද්ගලයින් 2500 කට අධික පිරිසක් අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.

තවත් 60 දෙනෙකු අධික පිරිසක් මියගොස් තිබෙනවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව බහමාස් දිවයිනේ 6,000 ක් 7,000 ක් අතර පිරිසක් ආහාර හිඟයකට මුහුණ සිටින බවයි වාර්තාවන්නේ.
34 Views
නිවෙසේදී මියගියේ යැයි කියන 81 හැවිරිදි සිය මවගේ සිරුර එකම පුතා විසින් ත්‍රිරෝද රථයක දමා රැගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන්, වටවල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
 
වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහළ කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලි අම්මා රාගෙයි නමැති එක්දරු මව ඉකුත් 9දා රාත්‍රි නිවසේදී රෝගාතුරව සිට මියගිය බවත්, මවගේ අවමංගල කටයුතු සිදු කිරීමට ආර්ථික පහසුකම් නොමැති නිසා සිරුර කැලයකට විසිකර දමන බව පවසා එදිනම රාත්‍රියේ සිය සැමියා දෙවැනි පුතාත් සමඟ මියගිය මවගේ දේහය රැගෙන නිවෙසින් පිටව ගිය බව ආර්. විශ්වා ගෞරවී නමැති තිදරු මව පවසනවා.
30 Views
[1]      «      868   |   869   |   870      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top