Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කිළිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ වයස අවුරුදු එකොළහක දැරියක් දූෂණය කිරීමට තැත් කළ තරුණයෙකු 7 දා කිළිනොච්චිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
 
දැරිය සවස් කාලයේ අමතර පන්තියකට සහභාගී වී නිවසට පැමිණෙමින් සිටියදී පා පැදියකින් පැමිණි මේ තරුණයා ඇයව නිවසට ගෙන ගොස් ඇරලන බව පවසමින් ඇයව පා පැදියේ නංවා ගෙන ඇති බව සඳහන්.
35 Views
රුපියල් මිලියන 25කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙක හමාරක් සමඟින් මවක් සහ දියණියක් රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා ඊයේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මව 68 හැවිරිදි වියේ පසුවන අතර දියණිය 36 හැවිරිදි වියේ පසුවනවා.

ඔවුන් මට්ටක්කුලිය සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.
37 Views
අද පස්වරුවේත් පළාත් 5කට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, ඌව යන පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට ද මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
26 Views
ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර එහෙත් නාම යෝජනා භාර නොදුන් අපේක්ෂකයින්ගේ ඇප මුදල් යළිත් මැතිවරණයෙන් පසු ඔවුන්ට ගෙවීමට තීරණය කර තිබෙනවා.

ඇප මුදල් රාජ සන්තක වන්නේ ජනාධිපතිවරණයට තරඟ කර ප්‍රකාශිත ඡන්දවලින් සියයට 12.5කට වඩා අඩුවෙන් ලබා ගත් අපේක්ෂකයින්ගේ පමණක් බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
80 Views
අරුවක්කාලූ කසල අංගනයෙහි ඊයේ රාත්‍රියේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.
 
මේ හේතුවෙන් කසල අංගනය ආසන්නයේ සිටින සේරක්කුලිය සහ කරතිව් ගම්මානවල ජනතාව දැඩි කම්පනයකට පත්ව සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
 
ඊයේ දිනයේදී කසල අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කර ඇති අතර, එහිදී නළයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.
85 Views
අද උදෑසන සිට කාර්යාල දුම්රිය සියල්ල ධාවනය වන බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, සියළු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වන්නේ අද පස්වරු කාලයේ බවයි වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.
 
වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දින 12 ක් පුරා ක්‍රියාත්මක කළ දුම්රිය වර්ජනය ඊයේ අවසන් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
91 Views
ඌව පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඒ සමග සියලු පළාත් සභාවල නිල කාලය අවසන් වනු ඇති. 
21 Views
රට තුළ ජාතික ආරක්ෂාව යළි තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ වැලිගම ප්‍රදේශයේ ඊයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.

වැලිගම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව විසින් සංවිධාන කර තිබූ සහෝදරත්වයේ ජන හමුව වැලිගම නගර ශාලාවේ ඊයේ පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
79 Views
ජනාධිපතිවරණයක් සඳහා මෙරට ඉතිහාසයේ යොදා ගන්නා දිගම ඡන්ද පත්‍රිකාව මෙවර යොදා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
 
මීට අමතරව ඡන්දය භාවිත කිරීම සඳහා යොදා ගන්නා ඡන්ද පෙට්ටි ද පිටරටින් ගෙන්වීමට සිදුව ඇති බවයි නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
 
එමෙන්ම, මැතිවරණ නීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 011 - 2 868212, 011 2 868214 හෝ 011 2 868217 යන දුරකථන අංක අමතා ලබාදීමේ හැකියාව පවතිනවා.
26 Views
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රී 12 ට පෙර සේවයට වාර්තා කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දැනුම් දෙනවා.
 
ජනාධිපතිවරයා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු දින 12 ක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනය අවසන් කිරීමටයි වෘත්තීය සමිති තීරණය කළේ.
29 Views
මුහුදු කැස්බෑවන්ගේ ඡායරූප ඇතුළත් කර නව මුද්දර පහක එළිදක්වීමට ඕමාන් තැපැල් දෙපාර්තුමේන්තුව කටයුතු කර ඇත.

රටේ ජාතික හා ස්වාභාවික සම්පත් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මුද්දර නිකුත් කිරීමට කටයුතු කර ඇත.
27 Views
සෙත්සිරිපාය දෙවන අදියර ගොඩනැගිල්ලෙන් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරු 7 ට පමණ එම ගොඩනැගිල්ලෙහි 12 වන මහලේ සිට 3 වන මහලට ඇද වැටීමෙන් එම පුද්ගලයා මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
55 Views
නාම යෝජනා භාරදුන් අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසම පවසනවා.
 
එවැනි පෙළපාලි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.
21 Views
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස තරගය ලාහෝරයේදී අද පස්වරු 7ට ආරම්භවීමට නියමිතයි.

තරඟ තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ජයගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. පළමු තරගයේදී අසාර්ථක වූ 
අහමඩ් ශේෂාඩ් වෙනුවට ෆකාර් සමාන් පාකිස්ථාන කණ්ඩායමට අද කැඳවීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි වාර්තාවන්නේ.
35 Views
මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථිර බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.

කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, අනුරාධපුර - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හමුවට ඊයේ එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ වත්මන් ආණ්ඩුවට රට ගොඩ නැගීමේ දැක්මක් හෝ වැඩපිළිවෙලක් නොමැති බවයි.
68 Views
[1]      «      838   |   839   |   840      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top