Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වසර 26 ක් පාර්ලිමේන්තුව තුළ විවිධ තනතුරු දැරූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු දිවිය මේ වනවිට මන්ත්‍රී ධුරයකට පමණක් සීමා වී තිබෙනවා.
 
ඒ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ නම කතානායක කරූ ජයසූරිය, ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමඟයි.
 
1993 වසරේදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ අභාවයෙන් පසු එවකට අග්‍රාමාත්‍ය ඩී.බී. විජේතුංග ජනාධිපති තනතුරට පත්වූ අතර, එහිදී ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා පත් කර ගත්තා.
28 Views
හපුතලේ - අයිස්පීල්ල - තම්බපීල්ල ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රස පරීක්ෂක කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙනවා.
 
එම කණ්ඩායම නියෝජනය කරන උසස් නිලධාරියෙකු සඳහන් කලේ ඊයේ පස්වරුවේ තමන් ඇතුළු කණ්ඩායම එම ස්ථානයට ළඟා වූ බවයි.
 
මේ අතර, අනතුරෙන් මියගිය ගුවන් හමුදා නිලධාරින් සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
27 Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල 102 කිලෝමීටර් කණුව ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා පෙරළි යාමෙන්  අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (03) රාත්‍රී 7ට පමණ සිදුවූ මේ අනතුරින් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ලිහිසි තෙල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබු මෙම ලොරි රථය පැමිණ ඇත්තේ කොළඹ සිටයි. අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට පිහිටි කොටසේ දැඩි රථ වාහන තදබදයක් පැවති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
103 Views
හිරු සී.අයි.ඒ. හරහා අනාවරණ කළ පරිදිම මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ ඉංජිනේරු රෝහණ අරුප්පල මහතා අද පිළිගත්තා.
 
ඔහු ප්‍රකාශ කළේ එම ජල කාන්දුව ඉදිරි දින 10 ඇතුළත පිළිසකර කිරීමට පියවර ගන්නා බවයි.
 
හිරු සී.අයි.ඒ. හරහා පසුගිය 31 වැනිදා මොරගහකන්ද වේල්ලේ පවතින මහා පරිමාණ ජල කාන්දුව පිළිබඳව මුල්වරට අනාවරණ කළා.
82 Views
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආයතන කිහිපයකට මෙතෙක් කළ පැමිණිලි සියල්ලගේ ගොනුවක් ලබන සතිය තුළ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
21 Views
මිය ගිය නිල් තල් මත්‍යසයෙකුගේ සිරුරක් මාතර, නිල්වැල්ල වෙරළට ගොඩගසා තිබියදී අද (03) සොයා ගැනුණා.
103 Views
ග්‍රෑන්ඩ්පාස් - සේදවත්ත - කළුපාලම ආසන්නයේ පිහිටි කඩදාසි කර්මාන්ත ශාලාවක හට ගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

ග්‍රෑන්ඞ්පාස් පොලීසියට ලද තොරතුරක් මත කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය දැනුවත් කර එහි ගිනි නිවන රථ 6 ක් යොදවා ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
24 Views
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දසුන් සුරංග මානවඩු හෙවත් චූටියා අම්බලන්ගොඩ - වතුගෙදර - ආදාදොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
25 Views
පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
22 Views
ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් හපුතලේ - තම්බපිල්ලේ වතුයාය ආසන්නයේදී අද (03) පෙරවරුවේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් ගුවන් හමුදාවේ සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
30 Views
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ භාර ගනු ලැබුවා.

ඔහු එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලකට පත්වීම් ලිපිය ද ප්‍රදානය කළා.
24 Views
පසුගිය රජයේ දූෂණ වංචා පිළිබඳව ඉදිරිපත් කළ ටොප් ටෙන් පැමිණිලි සම්බන්ධයෙන් වන පරික්ෂණ කටයුතු නිසි අයුරින් සිදුකරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අව්ස්සාවේල්ල කර්මාන්ත පුරයේ ඊයේ සිදු කළ නිරික්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
74 Views
බටපොල - බොරලුවාතොට - නින්දාන ප්‍රදේශයේ පිහිටි කොණ්ඩ සැකසුම් මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙකු කතුරකින් ඇණ ඝාතනය කර තිබෙනවා.
23 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවප්‍රාප්ත වීමෙන් හිස්වූ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට වරුණ ප්‍රියන්ත ලියනගේ කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
103 Views
කථානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
24 Views
[1]      «      719   |   720   |   721      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top