Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



2019 ඡන්ද හිමි නාම ලේඛණය එළඹෙන 24 වැනිදා සහතික කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව, එළඹෙන මහ මැතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාම ලේඛනය යොදා ගනු ඇති.

එමෙන්ම, මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මාර්තු පළමු වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් අප්‍රේල් 23 සිට මැයි 6 දක්වා කාලසීමාව තුළ මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවයි.
89 Views
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා මුදල් ලබාදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් ඊයේ රෝහල් ගත වීමට උත්සාහ දරා ඇති බව වාර්තා වනවා.

පපුවේ වේදනාවක් ඇති බව පැවසීම නිසා, ඔහු දැනට රඳවා සිටින කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.
86 Views
විපක්ෂ නායක ධුරය සහ එම කාර්යාලය මෙරට මහජනතාවගේ දුක්ගැනවිලි සඳහා සහන සලසන පොදු සම්පතක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ බද්දේගම ප්‍රදේශයේ අද පැවති ජන හමුවක් අමතමින්.
26 Views
මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන මොළකරු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ්  කබ්රාල් පවසනවා.

මහබැංකු වංචාව සම්බන්ධයෙන් ඔහු විසින් රචිත ග්‍රන්ථයක් එළි දැක්වීමේ අවස්ථාවට කෙළඹදී ඊයේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
33 Views
මෙරට සෙසු ආගම්වල ආගමික නිදහස රැකෙන්නේ සිංහල බෞද්ධයින් රැකුණොත් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද පැවති විභජ්ජවාද ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජා උත්සවයට එක්වෙමින්.

පාලි ත්‍රිපිටකය සහ තවත් වැදගත් බෞද්ධ කෘති කිහිපයක් ඇතුළත් කරමින් ටැබ් පරිගණක 5000ක්, භික්ෂුන් වහන්සේලාට ප්‍රදානය කිරීමේ මෙම උත්සවය අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
32 Views
නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 66 දෙනෙකු නයිජීරියානු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 3 වනදා සිට 30 වනදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් ඔවුන් නයිජිරියානු ආර්ථික සහ මූල්‍ය අපරාධ කොමිසම වෙත භාර දී ඇති බවයි එරට පුවත්පත් වාර්තා කළේ.
30 Views
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිට මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගම්පහ - වීරගුල ප්‍රදේශයේ සැඟව සිටියදියි.
110 Views
ගාල්ල - ගිංතොට - මහ හපුගල ප්‍රදේශයේ නිවසක දී විදුලිසැර වැදී අවුරුදු 15ක පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇය සිය නිවසේ විදුලි හීටරය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

81 Views
උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද ප්‍රදේශයකදී කොටියෙකු ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිළධාරීන් සහ වනජීවි නිලධාරීන් ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

උඩවලව ජාතික වනෝද්‍යානය තුළ මේ වන විටත් එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
32 Views
හපුතලේ - අයිස්පීල්ල - තම්බපීල්ල ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ශ 5කට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
 
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මෙම නියෝගය ලබාදී ඇත්තේ හපුතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.
25 Views
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ රාජාසන කතාව, සුවිශේෂී බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් ප්‍රකාශ කළා.

ඒ, මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
28 Views
රාගම - පොඩිවිකුඹුර දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රී 9.45ට පමණ හැටන් සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියක මෙම මෝටර් රථය ගැටී අනතුර සිදුවූ බවයි.
22 Views
දඹුල්ල ආර්ථික මධ්‍යස්තානයට වට්ටක්කා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්  ගෝනියාව ප්‍රදේශයේදීයි මාර්ගය හරහා පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (04) අලුයම මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සදහන් කළේ.
34 Views
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 43 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
 
පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ අතරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, පොලිස් පරීක්ෂකවරුන් ඇතුළත් බවයි.

මෙම ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අවශ්‍යතා මත සිදුකළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
50 Views
බස් රථ ඇතුළු අධික ශබ්දයෙන් යුත් නලා නාද කරන වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන පනතේ හා ජාතික පරිසර පනතේ වගන්ති අනුව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලූම් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් වාහනවල පවතින නලා වල කිසිදු ප්‍රමිතියක් ද නොමැති බවයි.
21 Views
[1]      «      718   |   719   |   720      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top