Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟතා ගිවිසුමට අගමැති බොරිස් ජොන්සන් ඊයේ අත්සන් තැබුවා.

ලබන සිකුරාදා එනම් ජනවාරි 31 වන දා බ්‍රිතාන්‍යය දශක ගණනාවකට පසු යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් මෙන්ම සිය සමීපතම වෙළඳ සගයාගෙන් වෙන්වීමට නියමිතයි.

ගිවිසුමට අත්සන් තබමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශ කළේ එය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇති බවයි.
41 Views
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයට මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත්වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහටත්, ගොඩනගන නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත්, ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.
132 Views
කැස්බෑවන් 24 දෙනෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (25) උදෑසන වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී කැස්බෑ මස් කිලෝ 75යි ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ.
87 Views
චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් පැතිරෙන කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ පළමු දකුණු ආසියාතික රට නේපාලයයි.
 
වූහාන් සිට පැමිණි 32 හැවිරිදි නේපාල ශිෂ්‍යයෙකු මෙලෙස වෛරසයට ගොදුරු වී ඇති අතර, මේ වන විට කත්මණ්ඩු නුවර බෝ වන රෝග සඳහා වූ රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්.
26 Views
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද අනාවරණ වුණා.
 
ඒ එම කොමිසම හමුවේ එවක කෑගල්ල ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.
115 Views
ජනාධිපතිවරණයේදී ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සපුරාලීමට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රධානීන්ගෙන් අද ඉල්ලීමක් කළා.

ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
 
21 Views
මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවකට අදාළව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
ඒ ඔහු අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
 
එහිදී අජිත් ප්‍රසන්නගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව චෝදනා ගොනුකිරීමට ද නියෝග කෙරුණා.
95 Views
අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහායි ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර තිබුණේ.
115 Views
කිතුල්ගල - ගෝනගමුව මංසන්ධියේදී බස් රථයකට යටවීමෙන් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර වන්දනාවේ යාමට පෞද්ගලික බස් රථයකින් පැමිණි මෙම මව සහ දියණිය අද අලුයම ගෝනගමුව මංසන්ධියේදී වෙනත් බස් රථයකට මාරුවීමට යාමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
78 Views
සෙනසුරු ග්‍රහයාගේ Enceladus චන්ද්‍රයාගේ ජීවය පැවතීමට අවශ්‍ය තරම් ශක්ති ප්‍රභවයන් පවතින බවට අදහස් ඉදිරිපත් වී තිබෙනවා.

මෑතකදී සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණයකට අනුව එම චන්ද්‍රයාගේ සාගර මත සිදු වන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් එවැනි ශක්ති ප්‍රභවයන් පැවතිය හැකි බවට අදහස් ඉදිරිපත් වනවා.

Enceladus චන්ද්‍රයාගේ මතුපිට කි.මී. 28-38 දක්වා ප්‍රදේශයක් ඝන අයිස්තට්ටුවකින් වැසී තිබෙනවා.
38 Views
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් අද සහ හෙට සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ අද පැවති මාධ්‍ය හචීනයට හදිසි තත්ත්වයක්.
115 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙතෙක් කිසිදු හඬ පටයක් පාර්ලිමේන්තුවට භාර දී නොමැති බව කථානායක කරූ ජයසුරිය අද පාර්ලිමේන්තුවේදි තහවුරු කළා.

කථානායකවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අදාල හඬ පට සභාගත කර ඇත්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත පිලිතුරුක් ලබා දෙන ලෙස  සිදුකල ඉල්ලීමකට අනුවයි.
20 Views
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බිල් සල්මාන් කුමරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයන් පවසයි.

ඇමර්සන් ආයතන හිමිකරු ජෙෆ් බෙසොස්ගේ දුරකථනයට අනවසරයෙන් ඇතුළු වූ බවට ඔහුට එල්ල වී ඇති චෝදනා ඊට හේතුවවේ. සෞදියේ ඔටුන්න හිමි කුමරු තෝරාගත් විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් අඛණ්ඩ සෘජු හා පෞද්ගලික කුමන්ත්‍රණවල නිරතවීම පිළිබඳව ද විමර්ශනයක් සිදු කළ යුතු බව, මානව හිමිකම් විශේෂඥයන් අවධාරණය කර ඇත.

2018 වසරේ මැයි මස සල්මාන් කුමරුගේ පුද්ගලික ගිණුමකින් යවන ලද වට්ස්ඇප් පණිවුඩයක් ලැබීමෙන් අනතුරුව ජෙෆ් බෙසෝසගේ දුරකථනයට මෙලෙස අනවසර ඇතුළුවීමක් සිදුව ඇති බව වාර්තා වේ. එම සිද්ධියෙන් මාස කිහිපයකට පසු වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක්වීම කැපී පෙනේ. ජෙෆ් බෙසොස් වොෂිංටන් පෝස්ට් පුවත්පතේ හිමිකරු ද වේ.
29 Views
ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී බස් කොන්දොස්තරවරයෙකුට පහරදුන් සිද්ධියකට පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගාස්තු අයකිරිමේදි ඇති වූ ගැටළුවක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
28 Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අද දිනයේදීත් රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබෙනවා.

මාවනැල්ල - හිඟුල ග්‍රාම නිලධාරීනිය, රන්දිවල ග්‍රාම නිලධාරිනිය සහ වරකාපනේ ග්‍රාම නිලධාරිනිය මෙලෙස කැඳවා ඇති බවයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර, ඊයේ දිනයේදීත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.
33 Views
[1]      «      696   |   697   |   698      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top