Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
 
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකදීයි.
 
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ද එක්ව සිටි අතර, මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය සඳහා නීතිපති අනුමැතිය අද දිනය තුළ ලැබෙනු ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුළ එය ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළා.
26 Views
කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා නොමැතිව නිවෙස්වල සිටින පෞද්ගලික අංශ සේවකයන්ට වැටුප් ගෙවීමේ කාලය මේ මස සිට සැප්තැම්බර් දක්වා දීර්ඝ කර තිබෙනවා.

විෂයභාර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මීට ලැබී ඇත්තේ.
24 Views
ලබන මාසයේදී මෙරටදී පැවැත්වීමට සැළසුම් කර ඇති එල්.පී.එල්. පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසියට ඉදිරිපත් කරන විදෙස් ක්‍රිඩකයන්ගේ නාමලේඛනය, ක්‍රීඩක නියෝජිතවරුන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමුකර තිබෙනවා.
 
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගෙන නොමැති අතර, ඉදිරි දින කිහිපය තුළදී එම වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව සකස් කිරීමට නියමිතයි.
40 Views
ඇමරිකාවේ බිලියනපතියන්ගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
 
බිල් ගේට්ස්, ජෙෆ් ඩෙසෝස්, ඉලොන් මස්ක් යන බිලියනපතියන්ගේ මෙන්ම ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ ට්විටර් ගිණුමටද මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
27 Views
බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 5 ක් පොලීසිය වටලා තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කළේ බියගම, බොරලැස්ගමුව, මීගමුව සහ කොච්චිකඬේ යන ප්‍රදේශවල මෙම සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඒවායේ සේවය කළ කාන්තාවන් 14 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුද පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
82 Views
පුදුකුඩිඉරිප්පු - මුත්තියන්කට්ටු රක්ෂිතයේ ගවේෂණ චාරිකාවක් සඳහා ගොස් අතරමංවූ යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 9 දෙනෙකු පොලිසිය සහ යුද හමුදාව සිදුකළ මෙහෙයුමකින් පසු බේරාගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ මෙම පිරිස මෙලෙස රක්ෂිතය තුළ අතරමංව සිටි බවයි.
81 Views
කොරෝනාවෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දකුණු අප්‍රිකාව මත්පැන් අලෙවිය තහනම් කිරීම ඇතුළු නව සීමා පනවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය පැනවීම සහ මුව ආවරණ පැළඳීම ද අනිවාර්ය කර ඇති බවයි.

 
65 Views
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි සියලුදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මේ වනවිට ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
100 Views
බාල වයස්කාර පාසැල් සිසුවියක ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන පාසැල් ගුරුවරයෙකු හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා නියෝග කර තිබෙනවා.
31 Views
කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ නාවික හමුදා කඳවුරු තටාකාංගණයේ තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යුද නෞකාවක ඉරිදා ඇතිවූ විශාල පිපිරීමකින් එහි සේවයේ යෙදෙමින් සිටි නැවියන් 18 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. . එම තුවාල ජීවිත තර්ජනාත්මක නොවන බව හමුදා ආරංචි මාර්ග පවසයි.
89 Views
තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2674 දක්වා ඉහළගොස් තිබෙනවා.

 
105 Views
ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික බලපත්‍රය 2017 වසරේදී කල් ඉකුත් වී තිබූ බවත් ඒ පිළිබඳව ඊ.ටී.අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැන්වුවද 2018 ඔක්තෝම්බර් මාසය වනතෙක්ම වාර්ෂික බලපත්‍රය නොමැතිව විකාශන කටයුතු කරගෙන ගොස් ඇති බවත් තමන්ට දැනගැනීමට ලැබුණු බව ඊ.ටී.අයි. ආයතනයේ 2018 වසරේ විගණන කටයුතු කළ ආයතනයේ නීතීඥවරයා අද හෙළි කළා.

ඒ, ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව කියන අයථා ක්‍රියාකාලාපයන් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අද රැස්වූ අවස්ථාවේදියි.
33 Views
2016 තුර්කියේ ෆෙටෝ කුමන්ත්‍රණ උත්සාහය ව්‍යර්ථ වීම සමරමින් මෙරට තුර්කි තානාපතිනිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ෆෙටෝ අන්තවාදී ආගමික සංවිධානය ලංකාව ඇතුළු රටවල් 160ක පමණ සිය ජාලයන් පිහිටුවා ඇති බවයි.
පාසල්, ව්‍යාපාර සහ මාධ්‍ය ආයතන හරහා සිය ගෝලීය බලපෑම පුළුල් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බැවින් ෆෙටෝ සංවිධානය ගැන අවධානයෙන් සිටීම වැදගත් බව ඇය එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.
64 Views
සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් 19 වෛරසය පාලනය නොකොට මනාප පසුපස හඹායාම හේතුවෙන් වෛරසය පැතිර ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින්.
76 Views
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2670 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඉන් එක් අයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා කටාර් සිට මෙරටට පැමිණි අයෙක්.
28 Views
[1]      «      564   |   565   |   566      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top