මෙරට 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහමැතිවරණය හෙට පෙරවරු 7 ට ආරම්භ වනවා.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර, එහිදී ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැටදෙලක්ෂ 63,885 ක්.
ඡන්දය ගණන් කිරීමේ කටයුතු ඡන්ද විමසීමට පසු දින එනම්, අගෝස්තු 6 වනදා උදෑසන 7 ට සහ 8 ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු සම්පාදනය කර තිබෙනවා.
ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 77 කදීයි.