Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන සිය උපන්ගම වන මැදමුලන ප්‍රදේශයට පැමිණියා. 

එහිදී ජනතාව ඔහු මහත් හරසරින් පිළිගත් අතර, පසුව මැදමුලනේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය වෙත පැමිණ එහි නිර්මාණය කර ඇති සිය දෙමාපියන්ගේ පිළිරූවලට පුෂ්පෝහාරද දැක්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
2,365 Views
හැටන් - කාසල්රී ජලාශයේ පාවෙමින් තිබු පිරිමි බිලින්දෙකුගේ මළසිරුරක් අද (17) උදෑසන පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කාසල්රි ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයන් පිරිසක් විසින් ලබාදුන් තොරතුරකට අනුවයි මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ.
3,661 Views
මෙරට විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් නව ග්‍රහ මණ්ඩලයක් සොයාගෙන ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. 

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චින්තන විජේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කෙප්ලර් ටූ ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් තාරකාවක් පිළිබඳ සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂණයකදී මෙම නව ග්‍රහ මණ්ඩලය සොයාගෙන ඇති බවයි.  
2,581 Views
ලොව විශාලතම දූපත වන ආක්ටික් සාගරයේ පිහිටි ග්‍රීන්ලන්තය ව්‍යාපාර සඳහා විවෘත වන නමුදු එය කිසිවෙකුට විකිණීම සඳහා ඉඩ නොදෙන බව ග්‍රීන්ලන්තයේ විදේශ කටයුතු ඇමතිනී ඈන් ලෝන් බැගර් පවසනවා. 

ඇය මේ බව කියා සිටියේ ග්‍රීන්ලන්තය මිලදී ගැනීම සඳහා පවතින හැකියාව පිළිබදව සොයා බලන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය උපදේශකයන්ට පැවසූ බව හෙළිදරව් වීමත් සමඟයි. 

ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ජනපති ට්‍රම්ප් උත්සාහ කරන බව හෙළිදරව් කළේ ඇමරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මගින්. ඩෙන්මාර්කය යටතේ ක්‍රියාත්මක ස්වයං පාලනයක් සහිත ග්‍රීන්ලන්තයේ 56,000ක ජනගහනයක් වෙසෙන අතර ඉන් බහුතරයක් ස්වදේශික ගෝත්‍රික ජනතාවයි.
4,506 Views
කොටදෙනියාව - කිරළුගම ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලකට ඇතුල් වූ පුද්ගලයෙකු එහි තිබු මුදල් සහ භාණ්ඩ සොරකම් කරගෙන ගොස් තිබෙනවා.

ඊයේ (17) රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙළඳසැලේ හිමිකරු පැවසුවේ මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සහ මුදල් මෙලෙස සොරාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
2,084 Views
අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයකට පසුගිය දා සැක කටයුතු ලෙස පැමිණ පසුගිය දා පළා ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ විහාරස්ථානයේ හිමිනමක් කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ වැලිකඩ - ගෝතමී පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. 

28 හැවිරිදි සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
2,565 Views
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළ නවුෆර් මව්ලවි නමැත්තාගේ පුත් 16 හැවිරිදි මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා හෙවත් අබු හසාම්, තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.
 
අම්පාර පොලීසිය සඳහන් කළේ සැකකරු අද දිනයේදී අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
 
රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
 
ඒ කැකුණගොල්ල - අරක්යාල - බන්දියන් වැව, ප්‍රදේශයේදීයි. ඔහු සහරාන්ගේ නුවරඑළියේ පිහිටි පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති බව සඳහන්.
1,390 Views
වසර දෙකක්‌ විදේශ රැකියාවක නිරතවී සිටි බිරිඳක්‌ ආපසු නිවසට පැමිණෙන විට සිය සැමියා කැලයක මැරී වැටී සිටින අන්දම දැක ගැනීමට ලැබීමේ දුක්‌මුසු පුවතක්‌ වවුනියාව සෙට්‌ටිකුලම අරසඩිකුලම් ප්‍රදේශයෙන් 14 දා වාර්තා වුණා.
 
සිය බිරිඳ පැමිණෙන නිසා උදැසනින්ම සිය ගව පට්‌ටිය අරසඩිකුලම් වැව ඉස්‌මත්තට රැගෙන ගොස්‌ ඉතා ඉක්‌මනින් ආපසු පැමිණීමට ගිය 51හැවිරිදි මුත්තයියා විජයන් නමැත්තා කැලයේදී බඳින ලද තුවක්‌කුවක්‌ පත්තුවීමෙන් එතැනම මියගොස්‌ තිබෙනවා.
 
බිරිඳ විදේශ රටක සිට නිවසට පැමිණ බලද්දී ස්‌වාමියා නොමැති නිසා ගම්වාසීන්ගෙන් විමසා ඇති අතර ඔවුන්ද විජයන් ගැන සොයා බලා ඇත්තේ ඒ අවස්‌ථාවේදීයි.
6,841 Views
ඊශ්‍රායලය විවේචනය කළ ඇමරිකානු කොංග්‍රස්‌ සභිකාවන් දෙදෙනකුට ඊශ්‍රායලයට ඇතුළුවීම එරට විසින් තහනම් කර තිබෙනවා.
 
මෙසේ ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් වී ඇත්තේ ඉල්හාන් ඔමාර් සහ රෂීඩා ක්‌ලායිබ් නැමැති කොන්ග්‍රස්‌ සභිකාවන් දෙදෙනාටයි.
 
මොවුන් ලබන සතියේ ඊශ්‍රායලය වෙත යැමට නියමිතව සිටියා.
 
මෙම දෙදෙනා ඩිමොක්‍රටික්‌ පක්‍ෂය නියෝජනය කරන අතර ජනාධිපති ට්‍රම්ප්ද මෙම දෙදෙනා ඊශ්‍රායලයට ඇතුළු කර ගැනීම ඊශ්‍රායලය රජයේ දුර්වලතාවයක්‌ ලෙස මීට පෙර හඳුන්වාදී තිබුණා.
1,310 Views
මෙරට ශාසන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය අද ඒකාබද්ධවීමේ ගිවිසුමකට අත්සන් තැබුවා. 

ඒ අනුව මින් ඉදිරියට එය ‘‘ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’’ ලෙස සංශෝධනය වනු ඇති. 

ඒ සඳහා වන සම්මුතියට අද පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමියන් අත්සන් කරනු ලැබුවා.
2,175 Views
පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් "ආනමාලූ රංග" සහ මොහොමඩ් ඉම්රාන් නමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5 දෙනෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ ත්‍රිරෝද රථයකින් පලා යමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. 

මේ අතර, සිද්ධියට සම්බන්ධ කුඩු රොෂාන්ගේ සහෝදරයෙකු ඇතුළු තවත් සැකකරුවන් 3 දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.
2,359 Views
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දෙවැනියා ලෙස කටයුතු කළ නවුෆර් මව්ලවි නමැත්තාගේ පුත්‍රයා වන 16 හැවිරිදි මොහොමඞ් නවුෆර් අබ්දුල්ලා හෙවත් අබු හසාම්, රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කැකුණගොල්ල - අරක්යාල - බන්දියන් වැව, ප්‍රදේශයේදී අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක්, ඔහු අද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ. 

සැකකරු සහරාන්ගේ නුවරඑළියේ පිහිටි පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති බව ද හෙළි වී තිබෙනවා.
3,167 Views
තලාව දුම්රිය ස්ථානයට යාබද දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කරමින් තිබූ වෑන් රථයක් ඊයේ (15) රාත්‍රියේ දුම්රියේ ගැටී සිදු වූ අනතුරකින් එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
 
තලාව දුම්රිය ස්ථානයට හා දුම්රිය ස්ථානය පිටුපස පිහිටි ගම්මානයට ගමන් කිරීම සඳහා ඇති මෙම දුම්රිය හරස් මාර්ගය ඔස්සේ නගරය දෙසට ගමන්කරමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
 
අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ රියදුරු සමඟ තිදෙනකු ගමන් කර ඇති අතර, දුම්රියේ ගැටුණු වෑන් රථය මීටර් කීහිපයක් දුර ඇදී ගොස් දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී නතර වී තිබෙනවා.
2,068 Views
පුත්තලම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පසුගිය 11 වන දා සිට අදාළ ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් පුත්තලම පොලීසියට කළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශන වලින් අනතුරුවයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
 
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දුරකථන ඇමතුම් විස්තර සහ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ ලබා ගත් තොරතුරු මත අදාළ ඝාතනය පිළිබඳව අනාවරණ වී තිබුණේ ඊයේ පස්වරුවේයි.
4,446 Views
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටි එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණ තිබෙනවා. 

ඔවුන් සියළු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර, බහුදින ධීවර යාත්‍රාවක් උපයෝගී කර ගනිමින් එම පිරිස ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව සඳහන්. 
2,244 Views
[1]      «      4   |   5   |   6      »      [1256]



Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,662 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  39,616 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  36,707 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,623 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,258 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,125 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,054 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,810 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,731 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  10,008 Downloads



Top 10 Commenters

Latest Comments

Top