Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ උපදෙස් මාළාවක් නිකුත් කර තිබෙනවා.

එම උපදෙස් පහතින්.
137 Views
ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17 ක් ආශ්‍රිතව මේ වනවිට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කළේ මේ වනවිට යතුරු පැදි 18ක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
24 Views
පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට අද(07) එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, ඔහු මීට පෙර කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි සහ අද ලබාදුන් සාක්ෂි අතර පරස්පරතාවක් කොමිසමේ නිරීක්ෂණයට ලක්වීම හේතුවෙන්.

මේ අතර, කොරෝනා ගෝලීය වසංගත හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින විශ්‍රාමික යුද හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක සජීවීවි විඩීයෝ තාක්ෂණය ඔස්සේ අද පස්වරුවේ ජනාධිපති කොමිසමට සාක්ෂී ලබා දී තිබුණා.
30 Views
කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල සිදු නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

මේ අතර, විදෙස් ගත වී සිටි ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සම්බන්ධ ලියකියවිලි සහ අපනයන ලේඛන පිලිබඳ තොරතුරු විමසීම සඳහා 011- 233 8836 සහ 011 233 5942 යන දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.
28 Views
පවතින කොරෝනා අවදානම ඉහළ යෑමත් සමඟ සංචරණ සීමා දැඩි කරමින් ඉරානය සහ නේපාලය යළි වසා දැමීමේ තීරණයකට එළැඹ තිබෙනවා.

ලොවපුරා මේ වනවිට කොරෝනා මරණ දස ලක්ෂ 55,378 ක් වාර්තා වන අතර, ආසාදිතයින් සංඛ්‍යාව තුන්කෝටි හැට ලක්ෂ 87,836 ක්.
75 Views
කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය රට පුරා දියත් කෙරුණේ සරණක් අවැසි අපේම මිනිසුන්ට පිහිටක් වෙමින් සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩපිලිවෙලට නොමසුරු දායකත්වයක් ලබාදෙමින්.

ඊට සමගාමීව හිරු ටී.වී. සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය එක්ව අද රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනාකමකින් යුතු ආරක්ෂක ඇඳුම් කට්ටල සහ මුව ආවරණ, ආරක්ෂක අංශ වෙත බෙදාදීම සිදුකෙරුණා.
31 Views
කොවිඩ් 19 තත්ත්වය නිසා බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව,බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරිය දැනුම් දෙනවා.

මේ කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත් ලබා ගැනීමේදී 2020.11.15 තෙක් දඩ මුදල් අය නොකරන බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
25 Views
ඊයේ(06) රාත්‍රියේ රාගම රෝහලෙන් පැනගිය කොවිඩ් යැයි සැක කරන 62 හැවිරිදි රෝගියා සොයා ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එම රෝහලේ බාහිර රෝගී අංශයේ රැඳී සිටියදීයි එලෙස සොයා ගෙන තිබෙන්නේ.
39 Views
මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන්වූ රෝහලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය නම්කර තිබෙනවා.
27 Views
තම වසර 34 ක වෘත්තිය ජීවිතය තුළ කිසිදු අකටයුත්තක් සිදු නොකළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හඬා වැටෙමින් ප්‍රකාශ කළා.
 
ඒ, ඊයේ එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්. එමෙන්ම නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සම්පත් දයානන්ද ඊයේ එම කොමිසම හමුවේ පෙනී සිටි අතර, ඔහු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යහපාලන ආණ්ඩු සමයේදි මෙරට බුද්ධි අංශ සාමාජිකයින් පාවා දුන් බවයි.
42 Views
කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටවූවීමටට පියවර ගෙන තිබෙනවා.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ ගේ උපදෙස් අනුවයි.
31 Views
කොවිඩ් 19 වැළක්වීම සඳහා මහජනයා සතු තොරතුරු ලබාදීමට පොලිස්පති පාලක මැදිරියක් හා පොලිස්පති මෙහෙයුම් මැදිරියක් පොලිස් මුලස්ථානයේ ස්ථාපිත කර තිබෙන බව පොලිසිය පවසනවා.
 
පහත දුරකථන අංක මගින් ඊට තොරතුරු ලබාදිය හැකියි.
132 Views
පවතින කොරෝනා තත්වය හමුවේ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස එම රෝහල ඉල්ලීමක් කරනවා.
 
නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේ රෝගීන් තමන්ට ආසන්නතම රජයේ රෝහලේ අක්ෂි සායනය සඳහා යොමුවිය හැකි බවයි.
 
විශේෂ අක්ෂි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් අදාළ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගෙන් යොමු කිරීම් ලිපියක් සමඟ ජාතික අක්ෂි රෝහල වෙත පැමිණිය යුතු බව එහි සඳහන්.
 
එමෙන්ම වයස අවුරුදු 14 අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල වෙත රැගෙන ඒමෙන් වළකින ලෙස ජාතික අක්ෂි රෝහල ඉල්ලා සිටිනවා.
36 Views
පවතින කොරෝනා තත්වය සැළකිල්ලට ගෙන 71 වන යුද හමුදා සංවත්සර සැමරුම් උත්සව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එය, ලබන 10 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී පැවැත්වීමට සැළසුම් කර තිබූ අතර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නියෝගයක් මත අදාළ සංවත්සරය අත්හිටුවීමටයි කටයුතු කළ බවයි යුද හමුදා මූලස්ථානය ප්‍රකාශ කළේ.
20 Views
ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ සියලු පුද්ගලයින් තම නිවෙස්තුලම රැදී සිටිය යුතු බව පොලිසිය අවධාරණය කරනවා.
 
ඇඳිරි නීති කාල සීමාව තුළ එම ප්‍රදේශයට ඇතුළු වීම සහ පිටවීම ද සම්පූර්ණයෙන් තහනම් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
 
එසේම, එම බල ප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ ගමන් කිරීමේදී බස් රථ නැවැත්වීම, මගීන් බැස්වීම හෝ මගීන් නංවා ගැනීම සිදුනොකළ යුතු බව ද පොලීසිය ප්‍රකාශ කළා.
38 Views
[1]      «      495   |   496   |   497      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top