Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

වයස අවුරුදු 5 ක පිරිමි දරුවෙකු ඊයේ (10) දහවල් වව්නියාව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඔහුගේ පියාගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ලබාගැනීමෙන් පසු නිදහස් කර තිබෙනවා.

අදාළ දරුවා පල්ලි ගොස් නිවසට එමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුකර ඇති අතර, ඊයේ දහවල් ඔහුගේ පියාව දුරකථනයෙන් අමතා දරුවා නිදහස් කිරීමට ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා‍.

4,027 Views
හිටපු අග්‍රාමාත්‍යවරුන් වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරත්න, ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මොවුන් දෙදෙනා සිය පත්වීම් ලිපි ලබාගත් බවයි.

3,464 Views
සෙල්ලම් බැට් එකත් ළිඳේ

හැටන් වැලිඔය වතුයායේ සෙන්ට්ක්ලෙයාර් කොටසේ අනාරක්‍ෂිත වගා ලිඳකට වැටී අවුරුදු එකහමාරක පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (10.06) පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ නායග ක්‍රිෂාලන්  නැමැති පවුලේ තුන්වැනි ළමයායි. සිය මව සමග සෙල්ලම් කරමින් සිටි මෙම ළමයා මවගෙන් මිදී නිවස ඉදිරිපිට තිබූ මෙම කුඩා වගා ලිඳට වැටී තිබෙනවා.

15,710 Views
තායිලන්තයේ ඇත් අතුරු සෙවනක සිටින අලියෙකු විසින් ලබාගත් සෙල්ෆියක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙක් අතර කතාබහක් ඇතිවී තිබෙනවා.

එය නැරඹීමට පැමිණි සංචාරකයෙකුගේ කැමරාවක් අලියාගේ හොඬවැලෙහි තිබිලා තමයි මේ ෆොටෝ එක වැදිලා තියෙන්නේ. 

20,004 Views
ටිපර් රථ 3ක් එකවර අනතුරට  පත්වීමේ අහඹු සිදුවීමක් මේ.  අක්මීමන  කබරගල අන්කොක්කාවල ප්‍රදේශයේ ටිපර් රථ  කිහිපයක් එක ළඟ ගාල් කර තිබෙනවා.

මේ ප්‍රදේශය තරමක බෑවුමක් සහිත ප්‍රදේශයක්. ඉහළට වන්නට ප්‍රදේශයේ  මාර්ගයක පල්ලමක  ධාවනය වෙමින් තිබු  ටිපර් රථයක තිරිංග අක්‍රීය වීමෙන් එය පහළට ආදී ගොස් ඇති අතර එහි තවත් ටිපර් රථ දෙකක් ගැටී තිබෙනවා.

5,509 Views
5,775 Views
තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි දෙදරු පියෙක් ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

මෙම මිය ගිය පුද්ගලයා සිය පියාගේ කැබ් රථයක රාජකාරි කරන අතර පසුගිය දිනෙක රාත්‍රියේ මාතර, තංගල්ල - පහත්ජාව අසලදී මොහු මෙලෙස ගෙළ වැළලාගෙන තිබේ.

61,271 Views
පාකිස්ථානය සමඟ තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණා.

එහි විශේෂත්වය වන්නේ වසර 8 කට පසු වමත් පිතිකරු ජෙහාන් මුබාරක් සංචිතයට කැඳවා තිබීමයි.

3,784 Views
පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යෑමට ආණ්‌ඩුව සහ විපක්‍ෂය යන දෙපාර්ශ්වයම බියක් දක්වන බවට තමන්ට පෙනී යන බවට කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

කථානායකවරයා එසේ ප්‍රකාශ කළේ දිනේෂ් ගුණවර්ධන මහතා මතුකළ වරප්‍රසාද ප්‍රශ්නයක්‌ සම්බන්ධයෙන් පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් අතර විවාදයක්‌ ඇතිවූ අවස්‌ථාවේදීය.

1,850 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපති ඉදිරියේ ඊයේ (10) දිවුරුම් දුන්නා. ඒ අනුව මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ විජය දහනායකයි.

1,474 Views
එළියට ආවේ පහුවදා

තඹුත්තේගම ප්‍රදේශයේ සිනමා ශාලාවක් තුළ රාත්‍රී කාලයේ සිරවී සිටි පුද්ගලයෙකු එළියට එන්නට බැරිව ඒ තුළ කෑ ගසමින් සිටියදී 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ ආධාරයෙන් පැය ගණනාවකට පසු එළියට ගත් පුවතක් වාර්තා වෙනවා.

මෙලෙස නින්දගොස් ඇත්තේ ගුරුවරයෙක් ලෙස සේවය කළ අයෙකුයි. ඔහු විසින් චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇත්තේ තනිවමයි. වාර්තාවන තොරතුරු අනුව රාත්‍රී 9.30 දර්ශනයට ගොස් ඇති ඔහු විසින් එය නරඹන අතරතුරු දැඩි නින්දකට වැටී තිබෙනවා.

7,021 Views
තබ්බෝව අභය භූමියේ රාල්මඩුව වැව් ඉස්මත්තේ දී තලගොයින් හත් දෙනෙකු අල්ලා මස් පිණිස අලෙවි කිරීමට  රැගෙන යමින් සිටි  සැකකරුවන් හතර දෙනෙකු එළුවන්කුලම වනජීවි කාර්යාලය මගින් අත් අඩංගුවට ගෙන පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙකුට රුපියල් 10,000 බැගින් ශරීර ඇප නියම කල පුත්තලම අතිරේක දිසා විනිසුරු භාරති විජේරත්න මෙනවිය තලගොයින් හත් දෙනා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ඌත්තු මඩු ආරු ප්‍රදේශයට මුදාහැරීමට නියෝග කර තිබුණි.

මෙසේ ශරීර ඇප නියම වූ සැකකරුවන් සිව් දෙනා පරණ එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි  අවුරුදු 30 අඩු වයස් වල පසූ වන පිරිස් බවත්, මොවුන් ධීවරයින් ලෙස රැකියාවේ යෙදෙන අතර, එයට අමතරව තබ්බෝව අභය භූමිය හා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයමේ යන පිරිස් බව වන ජීවි නිළධාරින් පවසයි.

20,545 Views
මැයි මාසේ අයට ලෙඩ ගොඩක් අඩුයිලු

ඇමරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේදී සිදුකල පර්යේෂණයකින් අනතුරුව තමන් ඉපදෙන මාසය අනුව ශරීරයේ ඇතිවිය හැකි රෝගී තත්වයන් වෙනස් වන බවට තොරතුරු මේ වන විට වෛද්‍යවරුන් හා විද්‍යාඥයින් විසින් හෙළිකරගෙන තිබෙනවා.

ඇමරිකාවේ නිව්යොර්ක්හි ජීවත්වන පිරිස් අතර ව්‍යාප්තව ඇති විවිධ රෝගාබාධයන් 1688කට ප්‍රතිකර්මයන් සෙවීමේදීයි මෙලෙස වෛද්‍යවරුන් හා  විද්‍යාඥයින් එයින් රෝග 55කට තමන්ගේ උපන් මාසය බලපාන බවට සොයාගෙන ඇත්තේ. ඒ සඳහා නිව්යෝර්ක්හි රෝහල් වල යම් රෝගයක් සඳහා නම් සටහන් වී තිබෙන පිරිස් මිලියන 1.7කගේ තොරතුරුද ලබාගෙන තිබෙනවා.

30,129 Views
නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ගුවන් තොටුපළ රේගුව අද (10) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් මෙම රත්‍රං තොගය රැගෙනවිත් ඇත්තේ වෘත්තීයෙන් ගණකාධිකාරීවරියක වන 31 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

11,448 Views
7,888 Views
[1]      «      477   |   478   |   479      »      [549]


Recent Gossip Post




Oya As Deka - Thushara Dananjaya
Oya As Deka
Thushara Dananjaya
⤵  1,558 Downloads

Diwranna Kisideyak - Jeevana Fernando
Diwranna Kisideyak
Jeevana Fernando
⤵  3,303 Downloads

Handanu Epa - Chamara Maduranga
Handanu Epa
Chamara Maduranga
⤵  2,452 Downloads

Obagen Labu Adare Tharam - Sachin Chathuranga
Obagen Labu Adare Tharam
Sachin Chathuranga
⤵  4,485 Downloads

Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  8,988 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  6,980 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  40,033 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  9,360 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  7,682 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  40,856 Downloads



Top 10 Commenters

Latest Comments

Top