Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

තම සංවර්ධන වැඩසටහන් විවේචනය කරන පුද්ගලයින් පිළිබඳව කණගාටුවට පත් වන බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ අතර, අද පැවති උත්සවයකදී විදුලි බල සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසූවේ තට්ටු නිවාස ඉදිවන කාලයක තනි නිවාස ඉදිකිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි.
4,485 Views
අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 
 
6,363 Views
ගාල්ල වරායට පැමිණෙමින් තිබු යාත්‍රාවක් වරාය ආසන්නයේදී අනතුරකට ලක්වී තිබෙනවා.

එහි සිටි නැවියන් බේරා ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
2,399 Views
රුපියල් 5කින් වැඩි කෙරුණු පාන් ගෙඩියක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැවති මිලටම අලෙවි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8කින් ඉහළ දැමීම හේතුවෙන් ඔවුන් පාන් මිල වැඩි කිරීමට තීරණය කර තිබුණා.
1,899 Views
පාසල් සිසුවියන් දෙදෙනෙකු සැඩ පහරට හසු වී අද(18) කොත්මලේ ඔයේ ගසාගෙන ගොස් ඇති බව ආගරපතන පොලිසිය පවසනවා.
 
කොත්මලා ඔයට ටොරින්ටන් වත්ත ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් තරණය කර නිවසට යාමට උත්සහ කළ පාසල් සිසුවෙක් සහ සිසුවියන් දෙදෙනා  ජල පහරට හසු වී ඇති අතර, ඉන් සිසුවා දිවි බේරාගෙන තිබෙනවා.
4,528 Views
නිෂේධ බලය යොදාගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 8.1 ක අවි ගණුදෙනුවක් සිදුකිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.
4,334 Views
පවතින වර්ෂාපතනයත් සමග රත්නපුර දිස්ත්‍රික්කයට නාය යාමේ අවදානමක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ රත්නපුර, බලංගොඩ සහ රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ පස් කදු කඩා වැටීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.
4,081 Views
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ සිද්ධියට අදාළව චෝදනා එල්ලව සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොමිසමේ ලේකම්වරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
843 Views
බාල වයස්‌කාර දැරියක්‌ ත්‍රිරෝද රථයකින් කුඹුරු යායක පැළ පොල් වගා බිමකට රැගෙන ගොස්‌ ඇයට බීර පොවා බරපතළ අපයෝජනයක්‌ සිදු කළ බව කියන 37 හැවිරිදි විවාහක තිදරු පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගලෑව පොලිසිය පවසනවා.

15 හැවිරිදි දැරියගේ ඥතියකුගේ විවාහ මංගල්‍යයට අවශ්‍ය කෙසෙල් කැන් සෙවීමට සැකකරු දැරියත් සමඟ ත්‍රිරෝද රථයෙන් ගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බවයි පොලීසිය සඳහන් කළේ.
5,498 Views
ගාල්ල - රූමස්සල වෙරළ තීරයේ ගලක් මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් මුහුදට වැටී අතුරුදන්වූ අනෙක් තරුණයාගේ සිරුර ද සොයා ගෙන තිබෙනවා.
 
සිද්ධිය සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 2 ක් පමණ දුරින් පිහිටි උණවටුන - දලවැල්ල වෙරළට ගොඩගසා තිබියදී මෙම මළ සිරුර සොයා ගත් බවයි හබරාදුව පොලීසිය සදහන් කළේ.
5,184 Views
වැලිකඩ මැගසින් බන්ධනාගාරය තුළදී රැදවියන් ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව සහ එවකට එම බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ලමාහේවාට අධි චෝදනා භාරදී ඇප මත මුදා හැර තිබෙනවා.
942 Views
කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

ඡන්ද පොරය හමුවේ කම්කරු අයිතීන් යට කිරීමට ඉඩ නොදෙමු යන්න තේමාව කර ගනිමින් අද දහවල් ඔවුන් මෙම විරෝධතා පාගමන ආරම්භ කළේ මරදාන එල්පිස්ටන් රගහල ඉදිරිපිටින්.
1,184 Views
තලෙයිමන්නාරම - එරුවක්කුලම් ප්‍රදේශයේදී මුහුදු කූඩැල්ලන් තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ නිවසක තිබියදී මෙම වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1.18ක් තොගය සොය ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ මෙම මුහුදු කූඩැල්ලන් අලෙවි කිරීම සදහා සගවාගෙන තබා ගත් බවයි.
1,768 Views
ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අමාත්‍ය ධූර යලි භාර ගැනීම තවදුරටත් කල් යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා. 

පසුගිය 11 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ජාවකදී ඔවුන් තීරණය කළේ යලි අදාල තනතුරු භාරගෙන කටයුතු කිරීමටයි. 
1,920 Views
අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (19) දිනයේ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
1,946 Views
[1]      «      3   |   4   |   5      »      [1228]



Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,194 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,343 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,146 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,856 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,177 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,801 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,668 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,689 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,642 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,998 Downloads



Top 10 Commenters

Latest Comments

Top