Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

බෙන්තොට, හඹුරුගල ප්‍රදේශයේ බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළේ යැයි ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අප්‍රේල් මස 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
5,426 Views
පන්නිපිටිය - අඹගහන්දිය ප්‍රදේශයේ මුද්‍රණාලයක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, එය, පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය එක්ව කටයුතු කරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.
3,050 Views
නුවරඑළිය - වටවල ප්‍රදේශයේදී වෑන් රථයක් අඩි 10 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගාල්ලේ සිට හැටන් බලා ධාවනය වූ වෑන් රථයක් අද අළුයම මෙලෙස ප්‍රපාතයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

තුවාලකරුවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු නාවලපිටිය මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

එම පිරිස හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් ගාල්ල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගිවී යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
2,972 Views
පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇලන් ගාර්සියා ඊයේ සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කර තිබෙනවා.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි එම වාර්තා කියා සිටියේ.
5,359 Views
වඩමාරච්ච් නාවින්ඩිල් කොට්ට්‍රවට්ටල් ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් උරණ වූ එක් සහෝදරියක් සිය සිරුරට ගිනි තාබා ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.

මෙසේ ගිනි තබා ගෙන ඇත්තේ මෙවර උසස් පෙළ හදාරමින් සිටි සිසුවියක් බවයි සදහන් වන්නේ. මෙම සිසුවිය හා ඇයගේ වැඩිමල් සොහොයුරිය අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් අදාළ සිසුවිය මෙසේ සිය සිරුරට ගිනි තබාගෙන ඇති බවත් සදහන්.

 
4,981 Views
අධික ලෙස මත්පැන් පානයකර 56 හැවිරිදි දෙදරු මවක් මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ඔරුබැදි සියඹලාව ගම්මානයේ පදිංචි හෙට්ටිආරච්චිලාගේ විමලාවතී නමැති කාන්තාවක් මව සදහන්.

විමලාවතී තම විවාහක පුරුෂයාගෙන් වෙන්වී අනියම් පුරුෂයකු සමග ජීවත් වූ බවත් මේ දෙදනා මත්පැන් බීමට ඇබ්බැහි වී සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

5,866 Views
මදූෂ් සමග අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා. එරටින් පිටුවහල් කළ ඔවුන්ව කටුනායකදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බව වාර්තා වෙනවා.
2,682 Views
උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අද උදෑසන සිදුකෙරුණා.

ඒ, පූර්වභාග 7.40 ට යෙදුණු සුබ මොහොතින්.
1,085 Views
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ලෝක කුසලාන එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
4,507 Views
පොතුවිල් කොට්ටුකල් කලපුවේ බෝට්ටුවක් පෙරළී පිරිමි ළමුන් දෙදෙනක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් මියගියේ වයස අවුරුදු 16ක සහ වයස අවුරුදු 11ක පිරිමි ළමුන් දෙදෙනෙක්වන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු බවයි අප වාර්තාකරු පැවසුවේ.
1,782 Views
කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි මගී ගුවන් යානා 4ක් අයහපත් කාලගුණය හේතුවෙන් මත්තලට යොමු කර තිබෙනවා.
6,385 Views
ඇමරිකාවේ අර්කන්සාස් ප්‍රාන්තයේ ඔසාක් ජාතික වනෝද්‍යානය නැරඹීමට ගිය 20 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් සෙල්ෆි ඡායාරූපයක් ගැනිමට යාමේදී පර්වතයකින් පහළට ඇද වැටී මියගොස් තිබෙනවා.

ඇය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සමඟ වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.

අනතුර ඇසින් දුටු පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇත්තේ විවිධ ඉරියව්වලින් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටින අවස්ථාවේ ඇය අඩි 100 ක පමණ ප්‍රපාතයකට ඇද වැටුනු බවයි.
4,955 Views
රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගයේ කොට්ටංගස් හන්දිය නැමැති ස්ථානයේදී කාන්තා පොලිස් නිලධාරිණියකගේ රත්ත්‍රන් මාලයක පෙන්ඩනය කඩාගෙන පලාගොස් සිටි තරුණයින් දෙදෙනකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව රුවන්වැල්ල පොලිසිය කියයි.
 
අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ සේවය නරන ගැබිනියක්ව සිටි මෙම නිලධාරිණීය වැඩ නිමවී යතුරු පැදියකින් නිවස බලා යමින් සිටියදී ඒ පසුපස යතුරු පැදියකින් පැමිණි මෙම තරුණයින් දෙදෙනා ඇය පදවමින් සිටි යතුරු පැදිය නවතා ගෙල බැඳි මාලය කඩාගැනීමට තැත්කර ඇතැයි පොලිසිය සදහන් කරනවා.
 
2,668 Views
තම අනියම් සැමියාට දාව ඉපදුණු දින 43ක් වයසැති ළදැරියකට නොසලකා හැර කෲරත්වයට පත්කිරීමේ චෝදනා මත මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තිදරු මවක් ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.

6,706 Views
දියණියක විසින් සිදුකළ පහරදීමකින් මව මියගොස් පියා තුවාල ලැබීමේ සිද්ධියක් කහවත්ත - මඩලගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඊයේ පස්වරුවේ සැකකාර කාන්තාව පොල්ලකින් තම මවට සහ පියාට පහරදී ඇති අතර, රෝහල් ගතකිරිමෙන් පසු 52 හැවිරිදි මව මියගොස් තිබෙනවා.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය ප්‍රකාශ කළේ ඇය යම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි.
20,960 Views
[1]      «      169   |   170   |   171      »      [1288]



Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  535 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,264 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,545 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,352 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  379 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,483 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  421 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  579 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  775 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top